හෙද හෙදියන්ට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ඇති අවස්ථා ගැන තොරතුරු මෙන්න

pexels-rdne-6129237.jpg

Image Credit: RDNE Stock project/ pexels.com

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මේ අයට ඔස්ට්‍රේලියාවට එන්න වඩාත් හොඳ හැකියාවක් තියෙන ක්ෂේශ්ත්‍රයක් තමයි සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රය කියන්නේ. විශේෂයෙන්ම හෙද හෙදියන්ට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න වැඩි අවස්තාවක් වර්තමානයේ පවතිනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි

——————————————————————————————————————————————————————————————

හෙද වෘත්තිය ඔස්ට්‍රේලියාව තුල විශාල ශ්‍රම හිඟයකට මුහුණපා තිබෙන ක්ෂේශ්ත්‍රයක් වනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ එසේත් නැතිනම් regional areas වල රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන වලට හෙද හෙදියන්ගේ විශාල පුරප්පාඩු තිබෙන බව වික්ටෝරියා ප්‍රාන්තයේ සංක්‍රමණ උපදේශකයකු වෙන කසුන් ගම්ලත් පවසා සිටිනවා.

මෙහිදී ප්‍රධාන වශයෙන් Skilled වීසා සහ Employer sponsored යන වීසා කාණ්ඩ යටතේ හෙද හෙදියන් සඳහා අයදුම් කිරීමේ අවස්ථා පිළිබඳව කසුන් ගම්ලත් මහතා කරුණු පැහැදිලි කර සිටියා. විශේෂයෙන්ම වීසා උප කාණ්ඩ වන 189, 190 සහ 491 මෙම skilled වීසා කාණ්ඩයට ඇතුලත් වන බව ඔහු පෙන්වා දෙනවා. එසේම සේවා යෝජකයකු හරහා අයදුම් කල හැකි Employer sponsored වීසා කාණ්ඩය සඳහාද හෙද හෙදියන්ට ඉතා හොඳ අවස්තාවක් ඕස්ට්‍රේලියාවේ ඇති බව කසුන් ගම්ලත් මහතා ප්‍රකාශ කර සිටියා.

මෙහිදී අධ්‍යාපන සුදුසුකම් ලෙස Registered Nurse ලෙස අයදුම් කිරීමටනම් හෙදියක් වීම සම්බන්දයෙන් වන උපාධිය (Bachelor of Nursing) සම්පූර්ණ කර තිබීම අවම සුදුසුකම බව කසුන් ගම්ලත් මහතා පෙන්වා දෙනවා. එසේම Enrolled Nurse ලෙස අයදුම් කරනවානම් හෙදියක් වීම සම්බන්දයෙන් වන ඩිප්ලෝමා පාඨමාලාව හදාරා තිබීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දෙනවා

මීට අමතරව ඉහල ඉංග්‍රීසි භාෂා නිපුණත්වයක් තිබීමද අවශ්‍ය වනවා. මේ අනුව IELTS විභාගයෙන් සෑම අංශයකටම ලකුණු 7ක ප්‍රමාණයක් ලබාගත යුතුව ඇති බවද ඔහු පවසා සිටිනවා. මීට අමතරව ඔස්ට්‍රේලියාව තුල හෙද සේවය පිළිබඳව අධ්‍යාපනය හදාරන අයට රැකියා පළපුරුද්ද සම්බන්දයෙන් අවම අවශ්‍යතාවයක් නොමැති වුවත් ඇතැම් ප්‍රාන්ත වලදී රැකියා පළපුරුද්ද ඉල්ලා සිටීමේ හැකියාවක් තිබෙන බවද කසුන් ගම්ලත් මහතා පවසා සිටිනවා.

හෙද සේවකයින් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමේදී ශ්‍රී ලාංකික අයදුම් කරුවන් මුහුණ දෙන ගැටළු මොනවාද?

හෙද සේවකයින් ලෙස සංක්‍රමණය වීමට සූදානමින් සිටින ශ්‍රී ලාංකික අයදුම් කරුවන් මුහුණ දෙන විශාලතම ගැටලුව IELTS අවශ්‍යතාවය සපුරාලීමට ඇති අපහසුතාවය බව සංක්‍රමණ උපදේශක කසුන් ගම්ලත් පෙන්වා දෙනවා. මෙහිදී හෙද සේවකයකු ලෙස ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා IELTS විභාගයෙන් සෑම අංශයකටම ලකුණු 7ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතු වනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ හෙද සේවය පිළිබඳව පාඨමාලාවක් හැදෑරීමට පැමිණීම සඳහාද මෙම ලකුණු තත්වය ලබා ගතයුතු වනවා.

එසේම ඕස්ට්‍රේලියාවේ හෙද සේවය සඳහා වන පාඨමාලා සඳහා අධික ඉල්ලුමක්ද පවතින බව කසුන් ගම්ලත් වැඩිදුරටත් පවසා සිටිනවා. හෙද සේවය පිලිබඳ පාඨමාලාවක් හදාරා ඉන්පසු ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ අවස්ථා වෙත යොමුවීමට සිටින පුද්ගලයින්ට ඒ සඳහා හොඳ පෙර සූදානමක් තිබීම වැදගත් බවද ඔහු පවසනවා.

මීට අමතරව හෙද සේවාව සඳහා අයදුම් කිරීමේදී EOI අයදුම්පත්‍රය යොමුකර අදාළ ප්‍රාන්තයෙන් ආරාධනාවක් ලැබෙනතුරු ඇතැම් විට බොහෝ කලක් බලාසිටීමට සිදුවන බවත් ඔහු පවසනවා. විශේෂයෙන්ම Melbourne, Sydney වැනි ප්‍රධාන නගරවල සිට අයදුම් කිරීමේදී මෙම තත්වය ඇතිවිය හැකි බවත් එවැනි අවස්ථාවල ප්‍රාදේශීය පැතිවල ඇති අවස්තාවෙත යොමුවීම උචිත බවත් ඔහු පෙන්වා දෙනවා. උදාහරණයක් ලෙස ඉහත සඳහන් කල ප්‍රධාන නගරවල හෙද හෙදියන්ගේ හිඟය අඩු උවත් ප්‍රාදේශීය නගරයක් වන Darwin වැනි නගරයක හෙද හෙදියන් සඳහා විශාල ඉල්ලුමක් පැවතිය හැකි බවත් ඔහු පවසනවා.

SBS මාධ්‍ය ආයතනය මෙම ලිපිය හරහා මේ සම්බන්ද මූලික තොරතුරු පමණක් ඔබ වෙත වාර්තා කිරීමට කටයුතු කර ඇත. මේ සම්බන්ද වැඩිදුර තොරතුරු ලබාගැනීමට සහ එක් එක් පුද්ගලයා සඳහා සුවිශේෂී වූ තොරතුරු සඳහා ලියාපන්දින්චි සංක්‍රමණික උපදේශකයකුගේ උපදෙස් ලබාගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.


********************************************************************************

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service