Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වික්ටෝරියා ඇතුළු ප්‍රාන්ත කිහිපයක දැඩි ලැව්ගිනි අවදානම් පිළිබඳව සංචාරකයින්ට අනතුරු ඇඟවීම්

2024-12-24_17-12-17.jpg

An out-of-control bushfire raging through the Grampians in west Victoria has burnt more than 41,000 hectares. Source: AAP, Supplied / State Control Centre

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම ලැව්ගිනි ඇතිවීමේ අවදානමක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ එළඹෙන දෙසැම්බර් 26 සහ 27 වන දිනයන් ලැව්ගිනි අවදානම ඉතා ඉහල මට්ටමක ඇති දින ලෙස සැලකෙනවා. විශේෂයෙන්ම ඇතැම් ප්‍රදේශවල සංචාරයේදී ඉතා කල්පනාකාරී විය යුතු බවට බලධාරීන් අනතුරු අඟවා සිටිනවා.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම ලැව්ගිනි ඇතිවීමේ අවදානමක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ එළඹෙන දෙසැම්බර් 26 සහ 27 වන දිනයන් ලැව්ගිනි අවදානම ඉතා ඉහල මට්ටමක ඇති දින ලෙස සැලකෙනවා. විශේෂයෙන්ම ඇතැම් ප්‍රදේශවල සංචාරයේදී ඉතා කල්පනාකාරී විය යුතු බවට බලධාරීන් අනතුරු අඟවා සිටිනවා.


එළඹෙන නත්තල් නිවාඩු කාලයේදී බොහෝ පිරිස් ඕස්ට්‍රේලියාවේ විවිද ප්‍රදේශ වෙත සංචාරය කිරීමට යොමු වනවා. කෙසේ උවත් ප්‍රාන්ත කිහිපයකම නත්තල් දින කිහිපයේ එනම් දෙසැම්බර් 26 වනදා සිට ලැව්ගිනි අවධානමක් පවතින බව වාර්තා වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Grampians ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක මේ වනවිට ලැව්ගිනි තත්වයක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් හෙක්ටෙයාර 41000ක් පමණ මේවන විට ගිනිගෙන තිබෙනවා. කෙසේ උවත් ඉදිරි දින කිහිපය තුල ඇති වීමට නියමිත දැඩි සුලන් තත්වය සහ අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම තත්වය දරුණු අතට හැරෙනු ඇති බව වික්ටෝරියානු හදිසි කළමනාකරණ කොමසාරිස් Rick Nugent පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම මේවනවිට ඇතිවී ඇති ලැව්ගිනි තත්වයන් 26 වනදා සහ 27 වනදා ඇතිවීමට නියමිත දැඩි සුලන් තත්වය හේතුවෙන් මෙම ලැව්ගිනි ඉතා වේගයෙන් ව්‍යාප්ත වනු ඇතිබව ඔහු ප්‍රකාශ කර සිටිනවා.

නිව් සවුත්වේල්ස් ප්‍රන්තයේද ස්ථාන කිහිපයක කුඩා ප්‍රමාණයේ ලැව්ගිනි තත්වයන් ඇතිවී තිබෙනවා. කෙසේ උවත් මෙම ලැව්ගිනි තත්වයන් පාලනය කිරීමට සමත් වී ඇති බව වාර්තා වනවා. ප්‍රාන්තයේ ලැව්ගිනි අවදානම අඩු වෙමින් පැවතියද දෙසැම්බර් 26 වනදා ලැව්ගිනි අවධානම නැවතත් ඉහල යනු ඇති බවට අපේක්ෂා කරනවා.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රන්තයේද ලැව්ගිනි තත්වයක් ඇති වී ඇති අතර මෙය තවමත් පාලනය කිරීමට ගිනි නිවන අංශවලට හැකිවී නෑ . මේ හේතුවෙන් Mount Lofty Ranges හි Onkaparinga Hills ප්‍රදේශයෙන් ජනතාවට ඉවත්වන ලෙසට ගිනිනිවන සේවා දැනුම් දී තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රන්තයේද ලැව්ගිනි අවදානාම් තත්වයක් ඇතිවී තිබෙනවා. පර්ත් නුවර සිට කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි Northam ප්‍රදේශයේ ලැව්ගිනි තත්වයක් ඇතිවී ඇතිබවට බලදාරීන් අනතුරු අඟවා තිබෙනවා.

දෙසැම්බර් 26 වනදා වනවිට වික්ටෝරියා ප්‍රාන්තය සඳහා ඉතා ඉහල ලැව්ගිනි අවදානමක් පවතින අතර ඒ පිළිබඳව බලධාරීන් සංචාරකයින්ට අනතුරු අඟවා සිටිනවා. හැකිතාක් තම සංචාරයන් සීමා කරන ලෙසත් එසේ සංචාරයේ නිරත වනවානම් VicEmergency app එක භාවිතා කර ලැව්ගිනි තත්වයන් පිළිබඳව දැඩි අවදානමකින් සිටින ලෙසත් බලධාරීන් දැනුම් දී සිටිනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now