ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයගේ වීසා අයදුම්පත්වලට ප්‍රමුඛත්වය දෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි

visa application

Home Affairs says they will prioritise the processing of visas lodged by offshore people Source: Getty

Temporary skilled, ශිෂ්‍ය සහ සංචාරක වීසා ඇතුළුව ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින පුද්ගලයින් විසින් ගොනු කර ඇති වීසා අයදුම්පත් සලකා බැලීමට ප්‍රමුඛත්වය දෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.


ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය වැඩි දියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අනාවරණය කර තිබේ.

වීසා අයදුම්පත් සලකා බලා අවසන් කිරීමට ගතවන කාලය අඩු කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වීසා අයදුම්පත් සලකා බැලීමේ කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරමින් සිටින අතර මෙම තීරණාත්මක කාර්යය ඉටු කිරීම සඳහා තව තවත් කාර්ය මණ්ඩලය යොදවන බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Temporary skilled, ශිෂ්‍ය සහ සංචාරක වීසා ඇතුළුව ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින පුද්ගලයින් විසින් ගොනු කර ඇති වීසා අයදුම්පත් සලකා බැලීමට ප්‍රමුඛත්වය දෙන බවද ඔවුන් සඳහන් කර තිබේ.

වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය වැඩි දියුණු කිරීමට ගත් පියවර

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය වැඩි දියුණු කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පහත පියවර ගත් බව සඳහන් කරයි.

  • වීසා අයදුම්පත් සලකා බැලීමේ කාර්ය මණ්ඩලය සඳහා නව සේවකයින් බඳවා ගැනීම.
  • වැඩි පිරිසකට ඔස්ට්‍රේලියාවට ඒමට හැකි වන පරිදි ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින skilled, ශිෂ්‍ය සහ සංචාරක වීසා කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා වෙනමම කාර්ය මණ්ඩලයක් පත් කිරීම.
  • හැකි සෑම අවස්ථාවකම වීසා වැඩසටහනේ අඛණ්ඩතාවට හානියක් නොවන පරිදි අයදුම්පත් සැකසීම විධිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම ක්‍රියාවලිය සමාලෝචනය කිරීම.

මෙහි ප්‍රතිඵල අත් විඳිය හැක්කේ කවදාද?

ඉදිරි මාසවලදී වීසා සැකසුම් කාලය වැඩිදියුණු වනු ඇතැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය විටින් විට තම වෙබ් අඩවියේ යාවත්කාලීන කරන බව ද දෙපාර්තමේන්තුව පවසයි.

දෙපාර්තමේන්තුව සතුව පැරණි අයදුම්පත් විශාල සංඛ්‍යාවක් මෙන්ම වැඩිවන නව අයදුම්පත් විශාල සංඛ්‍යාවක්ද ඇත.

හැකි ඉක්මනින් එම අයදුම්පත් සලකා බැලීම සඳහා කටයුතු කරන බවද ඔවුහු පවසති.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ප්‍රධාන වීසා ඛාණ්ඩවල වීසා අයදුම්පත් සලකා බැලීමේ මධ්‍යන කාලය

පහත තොරතුරු මගින් ප්‍රධාන වීසා ඛාණ්ඩවල වීසා අයදුම්පත් සලකා බැලීමේ මධ්‍යන කාලය පෙන්වයි.

බොහෝ වීසා අයදුම්පත් අවසන් කිරීමට ගතවන කාලය පෙන්වීමට වඩාත්ම නිවැරදි ක්‍රමය මෙය වේ.

මෙම ඛාණ්ඩ තුළ විවිධ වීසා බලපත්‍ර අතර වීසා සැකසීමේ වේලාවන් වෙනස් වන අතර, ඇතැම් අවස්ථාවලදී එම වීසා අයදුම්පත් සලකා බලා අවසන් කිරීමට වැඩි කාලයක් ගතවනු ඇත.

Median processing times for key programs
Credit: Home Affairs

වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය පරීක්ෂා කරගන්නේ කෙසේද?

ඔබ වීසා අයදුම්පතක් යොමු කර ඇත්නම් ඔබට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ visa processing times guide භාවිතයෙන් ආදාළ තොරතුරු පරීක්ෂා කළ හැකි බව ද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටී.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service