ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න ඉන්න අයට වාසිදායක තත්වයක්

Silhouette of construction workers, with residential houses in the background. A plane flies overhead.

Source: SBS News

ඔස්ට්‍රේලියාව පසුගිය කාලය පුරාවටම දැඩි නිවාස හිඟයකට මුහුණ දී සිටිනවා. පවතින මේ නිවාස හිඟයට මුහුණ දීමට ඔස්ට්‍රේලියාවට විශාල ශ්‍රමිකයින් පිරිසක් ගෙන්වා ගැනීමට අවශ්‍ය බව ඉදිකිරීක් ක්ෂේශ්ත්‍රයේ විශේෂඥයන් පවසා සිටිනවා. ඔස්ට්‍රේලියාවට පැමිණෙන්න බලාපොරොත්තුවෙන් සිටින යට මෙය වාසිදායක තත්වයක් වනවා.


ඕස්ට්‍රේලියාවේ පවතින නිවාස හිඟයට මුහුණ දීමට ඉදිරි වසර පහක කාලය තුල නිවාස මිලියන 1.2ක් ඔස්ට්‍රේලියාව පුරා ඉදිකලයුතු බව විශේෂඥයන් පවසා සිටිනවා. මෙම ඉලක්කය සපුරා ගැනීමට වසරකට නිවාස 60000ක් පමණ ඉදි කල යුතු වනවා.

මෙම ඉලක්කය සපුරා ගැනීමටනම් 90 000ක පමණ ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රය හා සම්බන්ද පුහුණු ශ්‍රමිකයින් ගේ හිඟයක් ඔස්ට්‍රේලියාව තුල පවතින බව Build Skills Australia ආයතනය පෙන්වා දෙනවා. වර්තමානයේ පවතින පුහුණු ශ්‍රම හිඟයට විදෙස් රටවලින් සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීම් සඳහා අවශ්‍ය දිරිගැන්වීම් සිදුකලයුතු බව The Business Council of Australia ආයතනය විසින් රජයට යෝජනා කර සිටිනවා.

පෙදරේරුවන්, වඩු කාර්මිකයන්, ජලනල කාර්මිකයන්, විදුලි කාර්මිකයන්, ඉංජිනේරුවන්, මිනින්දෝරුවන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ රැකියා සඳහා දැඩි කුසලතා හිඟයක් ඔස්ට්‍රේලියාව තුල පවතිනවා
Bran Black - Business Council of Australia

මේ අතර ඕස්ට්‍රේලියාවේ නිවාස හිඟයට සංක්‍රමණිකයින් වගකිවයුතු බවටද චෝදනා එල්ල වනවා. කෙසේ උවත් නිවාස හිඟයට සැබෑ හේතුව නිවාස සැපයුමේ ඇති දුර්වලතා වන බව Business Council of Australia ආයතනයේ විධායක අධ්‍යක්ෂ Bran Black පවසා සිටිනවා. විදෙස් රටවල පුහුණු ශ්‍රමිකයින් සඳහා වන ශක්තිමත් සංක්‍රමණ පද්ධතියක් සඳහා තම සහාය පලකරන බව Bran Black වැඩිදුරටත් පවසා සිටිනවා.

පෙදරේරුවන්, වඩු කාර්මිකයන්, ජලනල කාර්මිකයන්, විදුලි කාර්මිකයන්, ඉංජිනේරුවන්, මිනින්දෝරුවන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ රැකියා සඳහා දැඩි කුසලතා හිඟයක් පවතින බව ඔහු පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියාවේ සියලුම ක්ෂේශ්ත්‍ර වලින් තුනෙන් එකක් පමණ ශ්‍රම හින්ගයකට මුහුණ දී තිබෙන බවවින් මේ සඳහා හොඳම විසඳුම විදෙස් ශ්‍රමිකයින්ගේ සහාය ලබාගැනීම බව ඔහු පවසා සිටිනවා.

නිවාස ඉදිකිරීම් සඳහා පුහුණු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ වීසා ලබාදීමේ ක්‍රම වේදයේ පවතින විවිද බාධක ඉවත් කලයුතු බව Grattan Institute හි Brendan Coates පවසා සිටිනවා. මෙහිදී මූලික වශයෙන් employer sponsorshipස හරහා ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට වැඩි පහසුකම් ලබාදිය යුතු බව ඔහු පවසා සිටිනවා. වර්තමානයේ මෙම වීසා කාණ්ඩය සඳහා වන ඉහල ගාස්තු සහ ප්‍රමාද වීම් අවම කිරීමට කටයුතු කල යුතු බවද ඔහු පවසා සිටිනවා.

එසේම ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ පුහුණු ශ්‍රමිකයින්ගෙන් 24%ක් පමණක් විදෙස් සංක්‍රමණිකයින් වන බවත් ඔහු පවසනවා. මෙහිදී විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේදී ඔවුනට නවතන් පහසුකම් ලබාදීමද සිදුවන අතර එයද පවතින නිවාස අර්බුදයට අමතර පීඩනයක් වනු ඇති බවද Brendan Coates පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවට ඉතා කඩිනමින් ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ ශ්‍රමිකයින් රටතුලින් නිර්මාණය කිරීමට නොහැකි බැවින් විදෙස් රටවලින් පුහුණු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම මේසඳහා එක් විසඳුමක් වන බව ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී ඇලෙග්‍රා ස්පෙන්ඩර් ද පවසා තිබෙනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now