Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ නිවාස, ආහාර පාන සහ බලශක්ති මිල ගණන් ඉහළ ගියේ මෙහෙමයි

Woman with a trolley in a supermarket
How Housing, Food & beverages and energy Prices rose in Australia during the last 12 months Source: AAP / BIANCA DE MARCHI

මෙම වාර්ෂික වැඩිවීමට වඩා විශාල ආකාරයෙන් දායක වී ඇත්තේ නිවාස, ආහාර සහ මධ්‍යසාර නොවන පාන යන ඛාණ්ඩ වේ.


Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


මෙම වාර්ෂික වැඩිවීමට වඩා විශාල ආකාරයෙන් දායක වී ඇත්තේ නිවාස, ආහාර සහ මධ්‍යසාර නොවන පාන යන ඛාණ්ඩ වේ.


2023 ජූලි දක්වා වූ මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ මාසික පාරිභෝගික මිල දර්ශකය (CPI) 4.9% කින් ඉහළ ගොස් තිබේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නවතම දත්ත වලට අනුව මේ බව අනාවරණය වී ඇත.

පාරිභෝගික මිල දර්ශකය ඉහළ යාමට වැඩි දායකත්වයක් සැපයූ අංශ

මෙම වාර්ෂික වැඩිවීමට වඩා විශාල ආකාරයෙන් දායක වී ඇත්තේ නිවාස, ආහාර සහ මධ්‍යසාර නොවන පාන යන ඛාණ්ඩ වේ.

නිවාස ඛාණ්ඩය 7.3% කින්ද ආහාර සහ මධ්‍යසාර නොවන පාන ඛාණ්ඩය 5.6% කින්ද වැඩි වී තිබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ආහාර පාන අංශයේ වැඩිම මිල වැඩිවීම සිදුව ඇත්තේ කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවලය, එය 12.7% ක වැඩි වීමකි.

පාන් සහ ධාන්‍ය ආශ්‍රිත නිෂ්පාදනවල මිලද 9.9% කින් ඉහළ ගොස් තිබේ.

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යාම අඛණ්ඩව පහත වැටීම නිසා නව නිවාස මිල ගණන් 5.9% කින් පමණක් ඉහළ ගිය අතර එය 2021 ඔක්තෝබර් මාසයෙන් පසු නව නිවාස මිල ගණන්වල අඩුම වාර්ෂික ඉහළ යාම ලෙස වාර්තා වේ.

මේ අතර කුලී නිවාස වෙලඳපොලද බරපතල පීඩනයක පවතින බැවින්, ජුනි මාසයේදී 7.3% හි සිට ජූලි මාසයේදී නිවාස කුලීය 7.6% දක්වා ඉහළ ගියේය.

2023 ජූලි දක්වා වූ මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ විදුලිය මිල 15.7% කින් ඉහළ ගිය අතර ජූලි මාසයේ දී පමණක් 6% කින් වැඩි විය.

ගෑස් මිලද එම මාස 12 තුළ 13.9% ක ඉහළ යාමක් පෙන්නුම් කරයි.

මෙම වැඩිවීම් සියලු ප්‍රධාන නගරවල මිල සමාලෝචන පිළිබිඹු කරයි.

2023 ජූලි මාසයේ සිට හඳුන්වා දුන් විදුලිය වට්ටම්, සුදුසුකම් ලත් පවුල් සඳහා විදුලි මිල වැඩිවීමේ බලපෑම අඩු කළේය.

මේ අතර 2023 ජූලි දක්වා වූ මාස 12 තුළ ඇල්කොහොල්වල මිලද 5% කින් වැඩිවී ඇත.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now