SKIP TO MAIN CONTENT

Superannuation විශ්‍රාම වැටුප් සඳහා රජය ගෙනෙන මේ වෙනස්කම් ඔබට බලපාන්නෙ කොහොම ද?

Superannuation matters
The superannuation reforms mark a major shift in how high-balance super accounts are taxed. Source: AAP

Superannuation එහෙම නැතිනම් ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට ෆෙඩරල් රජය ගෙන ආ වෙනස්කම් සෙනෙට් සභාව විසින් සම්මත කර තිබෙනවා.


Published

By Jack Revell

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

Superannuation එහෙම නැතිනම් ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට ෆෙඩරල් රජය ගෙන ආ වෙනස්කම් සෙනෙට් සභාව විසින් සම්මත කර තිබෙනවා.


ඒ අනුව 2026 වසරේ ජූලි 1 වන දින සිට, ඩොලර් ලක්ෂ 30 ට වැඩි ශේෂ ඇති අය සඳහා විශ්‍රාම වැටුප් ආයෝජන ඉපයීම් සඳහා වන බදු අනුපාතය දෙගුණ කර තිබෙනවා. ඒ සියයට 15 සිට සියයට 30 දක්වායි.

ඩොලර් කෝටියට වැඩි ශේෂ ඇති අයට ඔවුන්ගේ ඉපයීම් සඳහා සියයට 40 ක බද්දක් අය කිරීමට නියමිතයි.

ඩොලර් ලක්ෂ 30 ට අඩු විශ්‍රාම වැටුප් ශේෂයක් ඇති ඕස්ට්‍රේලියානුවන් සඳහා, දැනට පවතින සියයට 15 ක බද්ද එලෙස ම පවතිනු ඇති.

එමෙන්ම 2027 ජූලි 1 වන දින සිට, අඩු ආදායම්ලාභී ශ්‍රමිකයින්ගේ විශ්‍රාම අරමුදලේ වාර්ෂික බදු සහන සීමාව නැතහොත් (LISTO අගය) ඩොලර් 37,000 සිට ඩොලර් 45,000 දක්වා ඉහළ දමා තිබෙනවා.

A graphic depicting the new tax rate for larger super balances
Source: SBS
A graphic depicting the low income superannuation tax reset
Source: SBS

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now