පුණ්‍ය ආයතන වලට ඔබ දෙන ආධාර සඳහා ඔස්ට්‍රේලියාවේදී Tax claim කරන්න පුළුවන් මෙහෙමයි

New_TAX.jpg

More than 4.26 million tax returns included donation deductions in the 2021-22 financial year. Source: Getty / Igor Suka

පුණ්‍ය ආයතන ඇතුළු විවිද ආයතනවලට බොහෝ දෙනා ආධාර කිරීම් සිදුකරනවා. මේ ආකාරයට ඔබ පරිත්‍යාග කරන මුදල් සඳහා සෑම වසරකම Tax claim කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. ඕස්ට්‍රේලියානු රජය මෑතකදී සිදුකල නවතම වෙනස් කමක් හේතුවෙන් Tax claim කිරීමේ හැකියාව තවදුරටත් ඉහල ගොස් ඇති බවද වාර්තා වනවා.


ඔස්ට්‍රේලියාවේදී ඔබ විවිද ආයතනවලට පරිත්‍යාග කරන ආධාර මුදල්, මූල්‍ය වර්ෂය අවසානයේදී බදු ප්‍රතිලාබය එනම් Tax return එක අයදුම් කිරීමේදී සඳහන් කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. මේ ආකාරයට බදු නැවත ලබාගැනීම සඳහා අයදුම් කිරීමට නම් ඔබ මූල්‍ය පරිත්‍යාග ලබා දෙන ආයතනය tax claim කළහැකි පරිත්‍යාග (tax-deductible gifts) ලබා ගැනීමට අවසර තිබෙන ඒ සඳහා ලියාපදිංචි වූ ආයතනයක් විය යුතු වනවා.

මීට අමතරව ඔබේ පරිත්‍යාගය බදු නැවත ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබීමටනම් එම පරිත්‍යාගය හරහා ඔබට නැවත කිසිදු වරප්‍රසාදයක් හෝ භෞතික වස්තුවක් ලැබීම සිදු නොවිය යුතු වනවා. කෙසේ උවත් ඔබේ පරිත්‍යාගය අගය කිරීම සඳහා ලැබෙන ටෝකන් පතක් හෝ ස්ටිකරයක් වැනි කුඩා ත්‍යාගයක් ලබා ගැනීමට ඔබට අවසර තිබෙනවා.

බදු ප්‍රතිලාභය ලබාගැනීම සඳහා 2021/2022 මූල්‍ය වර්ෂයේ යොමුකළ අයදුම්පත් අතරින් අයදුම්පත් මිලියන 4.26ක් ම ආධාර මුදල් සහ පරිත්‍යාග සඳහා වන බදු ප්‍රතිලාභය ලබා ගැනීමට අයදුම් කර ඇත.

එසේම $10 කට වඩා වැඩි පරිත්‍යාග සඳහා Tax claim කිරීමට ඔබ සතුව රිසිට් පතක් තිබිය යුතු අතර $10ට අඩු පරිත්‍යාග සඳහා රිසිට් පතක් නොමැතිව බදු ප්‍රතිලාබය සඳහා අයදුම් කිරීම් හැකියාව පවතිනවා.

ඕස්ට්‍රේලියානු රජය මෑතකදී සිදුකල වෙනස් කම කුමක්ද?

බදු ප්‍රතිලාභ නැවත ලබාගැනීම සඳහා සුදුකම් ලබන්නේ $2 කට වඩා වැඩි මූල්‍යමය ආධාර පමණක් ලෙසට පෙර පැවති සීමාව ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය මෑතකදී කටයුතු කර තිබෙනවා. මේ අනුව ඔබ සිදුකරන ඉතා කුඩා පරිත්‍යාගයක් උවද බදු ප්‍රතිලාභ ලබා ගැනීමේදී සඳහන් කර සිටීමේ හැකියාව ඔබට තිබෙනවා. මේ අනුව ආපන ශාලා වලදී වැනි විවිද ගනුදෙනු කිරීම් වලදී ආධාර ලෙස ඔබ ලබා දෙන කුඩා පරිත්‍යාග බදු ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලැබීමක් සිදුවනවා. මෙය පසුගිය වසරේ ජූලි පළමු වනදා සිට සිදුකල පරිත්‍යාග සඳහා වලංගු වනවා

බදු ප්‍රතිලාභය ලබාගැනීම සඳහා 2021/2022 මූල්‍ය වර්ෂයේ යොමුකළ අයදුම්පත් අතරින් අයදුම්පත් මිලියන 4.26ක් ම ආධාර මුදල් සහ පරිත්‍යාග සඳහා වන බදු ප්‍රතිලාභය ලබා ගැනීමට අයදුම් කර ඇති බව ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසා සිටිනවා.

මෙම ලිපියේ ඉදිරිපත් කර ඇති තොරතුරු සාමාන්‍ය දැනුවත් කිරීම් සඳහා වන අතර මූල්‍ය උපදෙස් ලෙස නොසැලකේ. මේ සම්බන්දව මූල්‍ය උපදෙස් ලබාගැනීමට මේ සඳහා සඳහා බලපත්‍රලාභී වෘත්තිකයෙකු හෝ මූල්‍ය උපදේශකයකු සමඟ සාකච්ඡා කළ යුතු වනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now