නමින් හෝ රූපයෙන් නොදන්නා යම් අයෙකු විසින් කළ රුධිර පරිත්‍යාගයක් නිසා මේ වන විට ඕස්ට්‍රේලියාවේ වෙසෙන කිසිවෙකු ජීවත් වනවා. එක් රුධිර දානයකින් ජීවිත තුනක් බේරා ගැනීමට පුළුවන්. මෙවැනි කාරුණික ක්‍රියාවක් වෙනත් කෙනෙකුට ජීවිතයක් තරම් වටින්නේ ඒ නිසයි. රුධිර අවශ්‍යතාවකින් පෙළෙන ඕනෑම කෙනෙකුට ඒවා ලබා දෙන්නේ නොමිලයේ. එයින් කියවෙන්නේ අපි රුධිර දානයන් කිරීම උදෙසා විවිධ පසුබිම්වලින් පැවත එන ඕස්ට්‍රේලියානුවන් මත විශ්වාසය තබන බවයි. ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේ දී ඔබ දැනගත යුතු කරුණු සරලව පහදා දෙන Australia Explained විශේෂාංග මාලාවේ මෙවර අවධානය හිමි වන්නේ ඕස්ට්‍රේලියාවේ රුධිර දානමය සැපයුමෙහි වැදගත්කම සහ එය ශක්තිමත්ව පවත්වා ගැනීමට ඔබට කළ හැකි දේ පිළිබඳවයි.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






