ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වත්මන් අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන සුධර්මා කරුණාරත්න Australia Awards ශිෂ්‍යත්වය ලැබ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් (Australian National University) මහජන ප්‍රතිපත්ති විෂය ක්ෂේත්‍රයේ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. ඒ ප්‍රතිපත්ති සම්පාදනය සහ ආණ්ඩුකරණය පිළිබඳ ලොව ප්‍රකට අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් වන Crawford School of Public Policy පාසලේදියි. මාර්තු 8වන දාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව ඇය SBS සිංහල සේවය සමඟ කතාබහකට එක් වුණා. අධ්‍යාපනය, කාන්තාව සහ රැකියාව පිළිබඳ ඇගේ අදහස්වලට ඔබත් සවන් දෙන්න.
තොරතුරු දැනගැනීමේ පනත ලංකාව පුරා ව්‍යාප්ත කරන ව්‍යාපෘති භාරව මම කටයුතු කළා. රජයෙන් තොරතුරු ගන්න විදියක් නැතුව පීඩනයට පත් වූ ජනතාවට ඒ ඔස්සේ සහන ලබා දීලා තියෙනවා. ඒ මගේ රාජ්‍ය සේවය තුළ ලැබූ ලොකු අවස්ථාවක්.

ශ්‍රී ලංකාවේ කාන්තාවො වැඩි හරියක් කරන්නෙ වයිට් කොලර් ජොබ්ස්. බ්ලූ කොලර් ජොබ්ස් කාන්තාවන්ව ආකර්ෂණය කරගන්නෙ නැහැ.


——————————————————————————————————————————————————————-
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






