ඔස්ට්‍රේලියාවේ TR එකේ සිටින ජාත්‍යන්තර සිසුන්ගේ රැකියා ගැන හෙළිවුණු නවතම තොරතුරු මෙන්න

A university graduate is seen outside Parliament House in Canberra.

International students earn significantly less than other graduates Source: AAP / AAP Image/Lukas Coch

තම උපාධියට අදාළ ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගන්නා TR එකේ සිටින ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියානු සිසුන්ට වඩා සැලකිය යුතු ලෙස අඩු වැටුප් ගෙවනු ලබන බවත් ඔවුන්ට ගෙවන වැටුප් backpacker සේවකයින්ට ගෙවන වැටුප්වලට වඩා සමීප බවත් Grattan ආයතනයේ එම වාර්තාව හෙළි කර තිබේ.


ඔස්ට්‍රේලියාවේ උපාධිය ලැබීමෙන් පසු තමන් තෝරාගත් වෘත්තීය ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා කරගෙන යාමට Temporary Graduate වීසා හෙවත් TR එක මත සිටින ජාත්‍යන්තර සිසුන් බරපතල ගැටලුවලට මුහුණ දෙන බව අනාවරණය වී තිබේ.

Grattan ආයතනයේ නව වාර්තාවක් මේ බව හෙළිකර ඇත.

ඔස්ට්‍රේලියානුවන්ට වඩා TR එකේ සිටින ජාත්‍යන්තර සිසුන්ට අඩු වැටුප්

තම උපාධියට අදාළ ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගන්නා TR එකේ සිටින ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියානු සිසුන්ට වඩා සැලකිය යුතු ලෙස අඩු වැටුප් ගෙවනු ලබන බවත් ඔවුන්ට ගෙවන වැටුප් backpacker සේවකයින්ට ගෙවන වැටුප්වලට වඩා සමීප බවත් Grattan ආයතනයේ එම වාර්තාව හෙළි කර තිබේ.

TR එක මත සිටින ජාත්‍යන්තර උපාධිධාරීන් බොහෝමයක් අඩු නිපුණතා සහිත රැකියා වල සේවය කරන අතර, ඔවුන්ගෙන් අඩක් පමණ වසරකට ඩොලර් 53,300කට වඩා අඩුවෙන් උපයාගත් බව ද එම වාර්තාව සඳහන් කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

TR වීසා බලපත්‍රලාභීන්ගෙන් 75% කට ආසන්න ප්‍රමාණයක් 2021 දී සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකු උපයන වැටුපට වඩා අඩුවෙන් උපයන බව ද එම වාර්තාව සොයා ගත්තේය.

TR එකේ සිටින ජාත්‍යන්තර සිසුන් කොපමණ අඩුවෙන් උපයනවාද?

TR එකේ සිටින ජාත්‍යන්තර සිසුන් සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 53,300ක් පමණ උපයයි.

Working holiday වීසා මත සිටින පුද්ගලයින් උපයන ඩොලර් 50,700 ට වඩා එය තරමක් වැඩි ය.

එය අවම වශයෙන් උපාධියක් ඇති සියලුම වයස අවුරුදු 20-29 අතරේ පසුවන අයගේ සාමාන්‍ය වාර්ෂික ආදායම වන ඩොලර් 64,400 ට වඩා සැලකිය යුතු ලෙස අඩුය.

නිශ්චිත ක්ෂේත්‍රවල මෙම වෙනස වඩාත් කැපී පෙනේ.

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් සහිත TR එකේ සිටින ජාත්‍යන්තර සිසුන් එම සුදුසුකම් ඇති ඔස්ට්‍රේලියානු උපාධිධාරීන්ට වඩා වසරකට ඩොලර් 58,000ක් පමණ අඩුවෙන් උපයා ඇත.

පරිගණක හා ඉංජිනේරු උපාධියක් සහිත TR එකේ සිටින ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියානු උපාධිධාරීන්ට වඩා වසරකට ඩොලර් 40,000 ක් පමණ අඩුවෙන් උපයා ඇත.

ඉංජිනේරු හෝ පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් සහිත TR එකේ සිටින ජාත්‍යන්තර සිසුන් හට එම වෙනස වසරකට ඩොලර් 12,000 ක් වන අතර ව්‍යාපාර පිළිබඳ උපාධියක් සහිත TR එකේ සිටින ජාත්‍යන්තර සිසුන් හට එය ඩොලර් 10,000 ක අඩුවකි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත උපාධියක් හැදෑරූ සහ විද්‍යා උපාධියක් හැදෑරු ජාත්‍යන්තර සිසුන් ඉහළම ඉපැයීම් වාර්තා කළ නමුත් එම ක්ෂේත්‍රවල සිටින ඔස්ට්‍රේලියානු උපාධිධාරීන්ට වඩා ඔවුන්ගේ ඉපැයීම් තවමත් අඩු බව Grattan ආයතනයේ වාර්තාවේ සඳහන් වේ.

Incomes Of Temporary Graduates

ජාත්‍යන්තර සිසුන්ට ඕස්ට්‍රේලියාවේ රැකියා සොයා ගැනීමට අපහසු ඇයි?

Temporary Graduate වීසා හෙවත් TR එකේ සිටින ජාත්‍යන්තර සිසුන්ගෙන් අඩක් පමණ උපාධිය ලැබීමෙන් පසු පූර්ණ කාලීන රැකියාවක් ලබා ගත් බව Grattan ආයතනයේ මෙම වාර්තාව සොයා ගත්තේය.

ඔවුන්ගේ වීසා තත්ත්වය පිළිබඳ අවිනිශ්චිතතාවය හේතුවෙන් සේවා යෝජකයන් ඔවුන් රැකියා සඳහා බඳවා ගැනීමට අකමැති වීම එයට හේතුව බව එහිදී සොයා ගැනුණි.

Temporary Graduate වීසාවට අදාළ වීසා කාලය ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම පිළිබඳ ව්‍යාජ බලාපොරොත්තුවක් ලබා දිය හැකි බව Grattan ආයතනය පැවසීය.

ජාත්‍යන්තර සිසුන් ඕස්ට්‍රේලියාවේ උපාධිය ලැබීමෙන් පසු Temporary Graduate වීසා මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින නමුත් ඔවුන් අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රයෙන් රැකියාවක් සොයා කරගෙන යාමට දැඩිව වෙහෙසෙන බව ද Grattan ආයතනය සඳහන් කළේය.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now