SBS Examines: ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුධයට වගකිවයුත්තේ සංක්‍රමණිකයින්ද?

Aerial of suburban Melbourne and CBD

The impact of migrants on the housing crisis is small, despite what some suggest. Source: Getty / Charlie Rogers

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින්ගේ පැමිණීම පසුගිය වසරේ පමණක් 74% කින් ඉහල ගොස් ඇත. මේ අතර ඔස්ට්‍රේලියාව ඉතා දරුණු නිවාස අර්බුදයකටද මුහුණ දී තිබේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුධයට සංක්‍රමණිකයින්ගේ වැඩිවීම හෙතුවූ බවටද මතයක් පවතී. සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය අඩුකිරීම හරහා නිවාස අර්බුධයට විසදුම් සොයන බවට රජයේ සහ විපක්ෂයේ දේශපාලකයින් විවිද ප්‍රකාශ කර ඇත.


කෙසේ උවත් මෙම ගැටලුවට විසඳුම් සෙවීම එතරම් සරල නොවන බව විශේෂඥයන් මත පළකර තිබේ. පවතින නිවාස අර්බුධයට සංක්‍රමණිකයින්ට චෝදනා එල්ල කිරීම හරහා ගැටලුවට සැබෑ විසඳුම් සෙවීමට අවශ්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් පිලිබඳ අවධානය යොමුවීම අඩු වන බව විශේෂඥයන් පෙන්වා දේ.

සංක්‍රමණිකයින් හරහා නිවාස මිලදීගැනීම් සහ කුලී නිවාස වෙළඳපොළට සිදුවන බලපෑම ඉතා අවම බව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ජනගහන වර්ධනය පිළිබඳ සම්මානනීය මහාචාර්යවරයකු වන පීටර් මැක්ඩොනල්ඩ් පවසා සිටී.

බොහෝ සංක්‍රමණිකයින් තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණෙන අතර ඕස්ට්‍රේලියාවේ නිවාස මිලදීගැනීම් කෙරෙහි ඔවුන්ගේ බලපෑමක් නොමැති බව ඔහු පෙන්වා දේ.

පසුගිය වසරේ ඇඩිලේඩ්, බ්‍රිස්බේන් සහ පර්ත් නගරවල නිවාස මිල ගණන් සීග්‍ර ලෙස වැඩි වූ අතර සංක්‍රමණිකයින්ගේ විශාල වර්ධනයක් පෙන්නුම් කල සිඩ්නි සහ මෙල්බර්න් නගරවල නිවාස මිලගණන් පහත ගොස් ඇති බවද ඔහු පෙන්වා දේ.

මේ අතර කුලීනිවාස අර්බුධයටද යම් යම් පුද්ගලයින් ප්‍රකාශ කරන ආකාරයට තාවකාලික සංක්‍රමණිකයින්ගේ පැමිණීම විසින් ඇති කල බලපෑම ඉතා අවම බව මාහාචාර්ය McDonald පවසා සිටී.

වර්තමාන අර්බුදය සඳහා සැබෑ විසඳුම් පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත් වේ.

මෙම ගැටලුවට විසඳුම් සෙවීමට අවශ්‍යනම් අපට විශාල වශයෙන් අලුත් නිවාස ඉදිකිරීමට අවශ්‍ය බව ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ නාගරික සැලසුම් පිළිබඳ සහකාර මහාචාර්ය Dorina Pojani පවසා සිටී.

කුලී නිවාස වෙළඳපොළට ඉදිරිපත්වන නිවාස ප්‍රමාණය 1.42%ක් තරම් ඉතා අඩු අගයක පැවතීම කුලී නිවාස මිල ඉහල යාමට ප්‍රධාන හේතුව වී ඇත. මෙම තත්වය දිගුකලක් පුරා පවතින තත්වයක් බව සහකාර මහාචාර්ය Dorina Pojani පවසා සිටී. 2000 වසරේ සිටම ඔස්ට්‍රේලියාව අවශ්‍ය නිවාස ප්‍රමාණයට වඩා අඩුවෙන් නිවාස ඉදිකර ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දේ.

මේසඳහා විසඳුම ලෙස දරාගත මිලගනන් යටතේ විශාල ලෙස නිවාස ව්‍යාපෘති වල අවශ්‍යතාවයක් ඇති බව ඇය පෙන්වා දේ. මෙහිදී අඩුආදායම් ලබන ජනතාව ඉකක්ක කර නිවාස ඉදිකිරීමටද පුද්ගලික අංශයේ සමාගම් දිරිමත් කිරීමද අවශ්‍ය බව ය පවසා සිටී.

කෙසේ උවත් මේ සියල්ල දිගුකාලීන විසඳුම් වේ. මේ සඳහා පවතින කෙටිකාලීන විසඳුම් මොනවාදැයි විමසා බැලීම වැදගත් වේ.

මෙහිදී කුලී නිවාස මිල ගණන් නියාමනය කිරීම සහ පාලන මිලක් ගෙන ඒම මේ සඳහා හොඳ විසඳුමක් බව සහකාර මහාචාර්ය Dorina Pojani පවසා සිටී.

නිවාස අර්බුධයට සංක්‍රමණිකයින්ට චෝදනා එල්ල කිරීම හරහා සැබෑ ගැටලුවට විසඳුම් නොලැබෙන බව පෙනෙන්නට ඇත. මේ ආකාරයට චෝදනා එල්ල කිරීමෙන් සමාජය තුල විවිද ගැටලුකාරී තත්වයක් ඇති වීමේ අවදානමක් ද පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයා වන අබ්දුල් රිස්ව පවසා සිටී.

මේ ආකාරයේ වැරදි මතවාද සමාජ ගතවීමෙන් අහිත කර ප්‍රතිවිපාක ඇතිවීමේ අවධානමක් පවතින බව ඔහු පෙන්වා දේ. මෙම චෝදනා එල්ල කිරීම් හරහා ඕස්ට්‍රේලියානු සමාජය තුල සංක්‍රමණිකයින් පිලිබඳ ඇති මතවාදයට දැඩි බලපෑමක් එල්ල වන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටී.

මෙම වාර්තාව Olivia Di Iorio විසින් සකස්කරන ලද අතර SBS සිංහල සේවය වෙනුවෙන් දිනේෂ් ලියනගේ විසින් ඉදිරිපත් කරන ලදී.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now