Royal Commission into Aged Care Quality and Safety විසින් සොයාගත් පරිදි වර්තමානයේ බලාත්මකව පවතින Aged Care පනත වැඩි අවධානයක් දෙන්නේ මේ සත්කාර සේවා සපයන්නන් සහ ඒ ආශ්‍රිත මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් විනා සත්කාර සේවා ලබා ගන්නන් සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ නොවේ. ඉතින් මේ හඳුන්වා දෙන නව පනතෙන් මූලික අවධානය, සේවා ලබා ගන්නා වැඩිහිටි පාර්ශ්ව වෙත යොමු කරනවා. වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් නිසි පරිදි අර්ථ දැක්වීම, පැහැදිලි නිර්ණායක සහිතව සියලු ක්‍රියා පටිපාටි සඳහා තනි පිවිසුමක් නිර්මාණය කිරීම, සැමට සාධාරණ වන තනි තක්සේරු ක්‍රමයක් ඇතුළත් කිරීම, සත්කාර සේවා ලබා දීමට සහාය වීම, අධීක්ෂණ කටයුතු සහ වගවීම සම්බන්ධයෙන් නව පද්ධතියක් ස්ථාපිත කිරීම, නව නියාමන මාදිලියක් ඔස්සේ සත්කාර සේවා සපයන්නන්ගේ වගවීම වැඩි කිරීම, aged care regulator අංශය ශක්තිමත් කිරීම යනාදිය නව පනතෙහි ඇතුළත් වනවා. Royal Commission into Aged Care Quality and Safety විසින් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් aged care සත්කාර සේවා අංශයේ ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ මූල්‍යමය විනිවිදභාවය තහවුරු කිරීමට නව පනත වැදගත් වනවා.
නව Aged Care පනත බලපැවැත්වෙන්නේ වැඩිහිටියන් හට පමණක් නොවේ. වැඩිහිටියන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ රකබලාගන්නන්, සත්කාර සේවා සපයන්නන්, සත්කාර සේවකයන්, මෙම අංශයට සම්බන්ධ අනෙකුත් අංශ, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ සර්විසස් ඕස්ට්‍රේලියා වැනි aged care අංශයට සම්බන්ධ රජයේ ආයතන ඇතුළු සමස්ත aged care පද්ධතියටම මෙම පනත අදාළ වනවා.
අයිතිවාසිකම් මූලික කරගත් රාමුවක් හඳුන්වා දීම මෙම පනතෙන් හඳුන්වා දෙන එක් ක්‍රමවේදයක් වනවා. Statement of Rights නමින් හැඳින්වෙන මෙහි අයිතිවාසිකම් මාලාවක් අන්තර්ගත කර තිබෙනවා. මේ මගින් වැඩිහිටි ප්‍රජාවට තම ජීවිතය පිළිබඳ තීරණ ගැනීම, ඔවුන්ගේ තීරණවලට ගරු කිරීම, තීරණ ගැනීමට අදාළ තොරතුරු සහ සහාය ලබා ගැනීම, ඔවුන්ගේ අවශ්‍යතා සන්නිවේදනය කිරීම, ආරක්ෂාව සහ ගෞරවය, සිය සංස්කෘතිය සහ අනන්‍යතාවට ගෞරවය ලැබීම යනාදිය තහවුරු කරනවා. Aged care අංශයේ සේවකයන් සහ සේවා සපයන්නන් මෙම පනතෙහි නීති අනුගමනය කළ යුතු අතර Statement of Rights පිළිබඳ අවබෝධය, චර්යා ධර්ම සංග්‍රහයට අනුගත වීම, සේවයේ ගුණාත්මක බව වැඩි කරන නව නීති අනුගමනය කිරීම, පැමිණිලි සහ තොරතුරු බෙදාගැනීමට පැහැදිලි ක්‍රමවේදයක් තිබීම, සපයන සේවාවේ දියුණුවට කැපවන බව පෙන්වීම යනාදිය මෙම නව පනතෙන් තහවුරු කෙරෙනවා.
අයිතිවාසිකම් කඩවීමක දී පැමිණිලි කිරීමේ ක්‍රියාවලිය ඇතුළු පනතෙහි අනෙකුත් ප්‍රතිපාදන පිළිබඳ විස්තර සඳහා මෙම වෙබ් පිටුවේ ඉහළින් ඇති පොඩ්කාස්ට් ගොනුවට සවන් දෙන්න.
—————————————————————————————————————
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න