AFL අවසන් මහා තරගයට පෙර Footy, ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම ක්‍රීඩාව බවට පත් වුණේ කෙසේදැයි දැනගමු

AFL Grand Final

Source: AAP

18 වන සියවස මැද බාගය වන විට ඔස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රිය ක්‍රීඩාව වූයේ ක්‍රිකට් ය.


ඔස්ට්‍රේලියානුවාසීන්ගේ උන්මාදනීයම ක්‍රීඩාවේ මහා මංගල්‍යය හෙවත් 2023 වසරේ AFL අවසන් මහා තරගය සැප්තැම්බර් 30 වන දින ලොව පැරණිතම සහ ප්‍රසිද්ධම ක්‍රීඩාංගනයක් වන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම ක්‍රීඩාව Footy බව ඔස්ට්‍රේලියාවට පැමිණෙන තෙක් බොහෝ දෙනා නොදන්නා දෙයකි. 

ඔස්ට්‍රේලියාවේ Footy වල නිධාන කතාව

18 වන සියවස මැද බාගය වන විට ඔස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රිය ක්‍රීඩාව වූයේ ක්‍රිකට් ය.

නමුත් එංගලන්තයේ පාසල් අධ්‍යාපනය නිමාකර 1857 දී ඔස්ට්‍රේලියාවට පැමිණි Tom Wills තරුණයා හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම ක්‍රීඩා ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ක්‍රිකට් පත් කරමින් මෙම උන්මාදනීය Footy ක්‍රීඩාවේ ආරම්භය සටහන් කෙරිණි.

ශීත සෘතුවේදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියාව එවකට මැලිකමක් දැක්වූ නිසාම එය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ off-season එක හෙවත් අවාරය ලෙස නම් දැරිණි.

මෙනිසාම මෙම අවාරයේදී ඔස්ට්‍රේලියනුවන් හට වෙනත් ක්‍රීඩාවක් හඳුන්වා දිය යුතු බවට Tom Wills ගේ සිතේ අදහසක් විය.

——————————————————————————————————————

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

______________________________________________________________________________________

ඔහු එංගලන්තයේ සිටින සමයේදී පාසලේ රගර් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද විය.

මේ ආබාසය හේතුවෙන් තම ඥාති සොයුරන් වන William Hammersley, Tom Smith, James Thompson සහ Jerry Bryant සමග එක්ව Tom Wills මෙම ඔස්ට්‍රේලියානු Footy ක්‍රීඩාව හඳුන්වා දුන්නේය.

1858 අගෝස්තු 7 වන දින Melbourne Grammar විද්‍යාලය Scotch විද්‍යාලයට එරෙහිව 'පාපන්දු' තරඟයක් ආරම්භ කිරීමත් සමග ඔස්ට්‍රේලියාවේ මෙම ක්‍රීඩාව දියැහැ කෙරිණි.

1859 මැයි 17 වන දින, Hammersley, Smith, Thompson සහ Wills, නැගෙනහිර මෙල්බර්න් හි Bryant's හෝටලයට රැස්ව, Footy ක්‍රීඩාවට පදනම වී ඇති මූලික නීති 10 අතින් ලිවූහ.

පිළිවෙළින් 1858 සහ 1859 දී ආරම්භ කරන ලද මෙල්බර්න් සහ Geelong, ලෝකයේ පැරණිතම සහ නොකඩවා ක්‍රියාත්මක වෙමින් තිබෙන ක්‍රීඩා සමාජ අතර වේ.

 

Footy ජනප්‍රිය වීම

ඔස්ට්‍රේලියනුවන්ට Footy ක්‍රීඩාව නවමු අත්දැකීමක් ලබාදුන් නිසාම මෙය ක්ෂණිකව ඔස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රිය වන්නට විය.

ඒ අනුව වසර 1859 දී Geelong Football Club පිහිටුවනු ලැබූ අතර 1866 දී Footy ක්‍රීඩා නීති යාවත්කාලීන කෙරිණි.

ඉන් අනතුරුව තරගකාරී රටාවක් යටතේ මේ ක්‍රීඩාව පාසලෙන් ඔබ්බට ගමන් කළේය.

වසර 1896 දී Victorian Football League හෙවත් වික්ටෝරියානු ෆුටී ලීග් තරගාවලිය ආරම්භ කෙරුණු අතර එහිදී Footy ක්‍රීඩාවේ මූලාරම්භක Footy සමාජ වන Carlton, Collingwood, Essendon, Fitzroy, Geelong, Melbourne, St Kilda සහ South Melbourne තරග වැදිණි.

වසර 1900 දී මෙම තරගාවලිය Australian Football League හෙවත් AFL ලෙස නම වෙනස් කෙරිණි.

ඒ අනුව අද වන විට AFL තරගාවලිය සඳහා කණ්ඩායම් 18 ක් තරග වදියි.

 

2023 AFL අවසන් මහා තරගය

2023 AFL අවසන් මහා තරගය සැප්තැම්බර් 30 වන දින මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වේ.

Collingwood සහ Brisbane Lions මෙවර AFL කුසලානය සඳහා එහිදී තරග වදියි.

මෙම කණ්ඩායම් දෙක AFL අවසන් මහා තරගයකට පැමිණි ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now