ගංවතුර ආශිර්වාදයක් කරගත් ඕස්ට්‍රේලියාවේ ජලාශ්‍රිත පක්ෂියෝ

AUSTRALIA ANIMALS

A black swan and reflections on the water photographed through the wetland reeds at the Tamar River Wetlands Conservation Area, near Launceston, Tasmania, Australia, 14 May 2017. Credit: EPA/AAP Image

නිරිතදිග ඕස්ට්‍රේලියාවේ පැතිරී යන ගංවතුර තත්ත්වය නිසා සත්ත්ව නිෂ්පාදන සඳහා දායක වන පශු සම්පත් 150,000කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට හෝ අවතැන්භාවයට පත් වී තිබෙනවා. නමුත් මෙය ඕස්ට්‍රේලියාවේ වගුරු බිම්වල හිඳ අභිජනනය සහ පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නා කුරුල්ලන් වැනි සත්ත්ව විශේෂවලට මනා පිටිවහලක් වනු ඇති බවට පර්යේෂයකයන් පවසනවා.


තොරතුරු මුලාශ්‍රය - SBS NEWS

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට මෙතැනින් පිවිසෙන්න. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

නිරිතදිග ඕස්ට්‍රේලියාවේ පැතිරී යන ගංවතුර තත්ත්වය නිසා සත්ත්ව නිෂ්පාදන සඳහා දායක වන පශු සම්පත් 150,000කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට හෝ අවතැන්භාවයට පත් වී තිබෙනවා. නමුත් මෙය ඕස්ට්‍රේලියාවේ වගුරු බිම්වල හිඳ අභිජනනය සහ පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නා කුරුල්ලන් වැනි සත්ත්ව විශේෂවලට මනා පිටිවහලක් වනු ඇති බවට පර්යේෂයකයන් පවසනවා.

මධ්‍යම ඕස්ට්‍රේලියාවේ වොන්ග්ගංග්රූ සහ යර්ලයුන්ඩී ප්‍රජාවගේ වැඩිහිටියෙකු වන ඩොන් රෝලන්ඩ්ස් හට නියං සහිත පරිසරය අලුත් දෙයක් නොවෙයි. නමුත් වාර්තාගත ලෙස ක්විස්න්ලන්ඩ් පෙදෙසට ඇද වැටුණු අධික වර්ෂාව නිසා වෙනදාට කාන්තාර ස්වභාවයක් ඉසිළූ ඔහුගේ නිවහන අද දූපතක් බවට පත් වී තිබෙනවා. බොහෝ සත්ත්වයන් ගංවතුරෙන් දිවි ගලවා ගැනීමට උත්සාහ කරද්දී සමහර සත්ත්වයන් එදෙසට ඇදෙනවා. එය මනස්කාන්ත දර්ශනයක් බව රෝල්න්ඩ් මහතා පවසනවා.

“වන සංරක්ෂකයෙකු විදියට මේ හැමදේම එක්ක කුරුල්ලන්ගේ ජීවිතයේ වෙන දේට මම කැමතියි. ඒක මැජික් එකක්. කැලෑමල්වල වගේ ම තණකොළවලත් ඒක පේන්න තියෙනවා. ඒක ඔයා දකින්න බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි.”

ස්ටීවන් ලැන්ග්මන් යනු දකුණු ඕස්ට්‍රේලියාවේ ක්ලෙයාර් පෙදෙසෙහි වාසය කරන්නෙක්. කළු හංසයන්, තාරාවන්, කොකුන් සහ උකුස්සන් වැනි පක්ෂි වර්ග ගණනාවක් සිය නිවස ආශ්‍රිතව දක්නට ලැබෙන බව ඔහු පවසනවා.

“දකුණු ඔස්ට්‍රේලියාවට මේ ජල කඳ ඇවිත් දින කීපයකින් දසදහස් ගණනක් කුරුල්ලෝ කොහේදෝ ඉඳන් එක පාරට ඇවිත්. මේක නම් අදහා ගන්න බැහැ.

නමුත් වසර 42ක් පුරාවට නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජලාශ්‍රිත පක්ෂීන් පිළිබඳ සමීක්ෂණ සිදු කරණ පර්යේෂකයන් මෙම තත්ත්වය එතරම් අසාමාන්‍ය නොවන බව පවසනවා. යුනිවර්සිටි ඔෆ් නිව් සවුත් වේල්ස් හි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අධිශිෂ්‍ය ආචාර්ය කේට් බ්‍රැන්ඩිස් පවසන පරිදි කුරුල්ලන් විසින් ජලය නිසා මතු වන නව පෝෂණ මූලාශ මෙවැනි තත්ත්වයක දී සොයා යනවා.

“පෙලිකන් කෙනෙක් විදියට හිතුවොත් එයාලට කූඩු හදාගන්න වැලිවලින් පිරුණු වගේ ම වගාවලින් තොර දූපත් ගොඩක් මේ කාලෙට තියෙනවා. ගංවතුර එක්ක එන මාළු වුණත් පෝෂණය පැත්තෙන් එයාලාට වැදගත්.”

2023 වසරේ දී නිව් සවුත් වේල්ස් හි නැරන් නදියට පෙලිකන් පක්ෂීන් 20000කට වඩා වැඩි ප්‍රමාණයක් සංක්‍රමණය කළ අතර, මෙම නදිය අධික ගංවතුර තත්ත්වවල දී පමණක් පිරෙන ජල මූලාශ්‍රයක් බව කියැවෙනවා. මෙම පක්ෂීන්ට කිලෝමීටර් 400කට වඩා සංචරණය කිරීමේ හැකියාව ඇති අතර අලුතින් පිටාර ජලය රැඳෙන වික්ටෝරියා හි ගිප්ස්ලෑන්ඩ් නදියට ඔවුන් මේ දුර ගෙවමින් ගමන් කරනවා. යා යුතු පෙදෙස පිළිබඳ මෙම පක්ෂීන් දැනගන්නා ආකාරය අදටත් අබිරහසක් බව ආචාර්ය බ්‍රැන්ඩිස් පවසනවා.

“මේ පිටාර ගලන පෙදෙස්වලට කුරුල්ලෝ යන්නේ ඇයි ද කියලා තවමත් කවුරුත් ඇත්තටම දන්නේ නැහැ. නමුත් ඒක එයාලා රංචු වශයෙන් කරන පොදු දෙයක්.

________________________________________________________________________________________

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service