Key Points
- දෙමාපියන්ට නැවත රැකියාවට යාමට උපකාර කිරීම සඳහා ළදරුවන් සහ කුඩා ළමුන් early childhood education facilities හෙවත් මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් වෙත යොමු කිරීම නිර්දේශ කරයි.
- Childcare වලදී නිතර නිතර ළමුන් අසනීප වීම පළමු වරට දෙමාපියන් වූ පිරිසට සහ නව සංක්‍රමණිකය පිරිසට විශේෂයෙන් අභියෝගයක් විය හැක
- Centerlink මගින් බෙදා හරින ලද childcare සහනාධාර සඳහා සුදුසුකම් නොලබන ඇතැම් සංක්‍රමණිකයන්ට childcare සේවාවල සම්පූර්ණ පිරිවැය දැරීමට සිදුවේ
- childcare එකකින් රෝගී දරුවකු බැහැර කිරීම, එහි සෙසු දරුවන් කෙරෙහි සැලකිල්ල දැක්වීමේ රාජකාරිය මත පදනම් වේ
ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පිරිසට බොහෝ විට ඕස්ට්‍රේලියාවේදී පවුලේ සහයෝගයක් නොලැබේ. ඔවුන්ට මුදල් ඉපයීමට අවශ්‍ය වන නමුත් තම දරුවන් රැකබලා ගැනීමට ඔවුන්ගේ දෙමාපියන් ගේ උපකාර ඉල්ලීමට නොහැකි විය හැක.
මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ early childhood education හෙවත් "මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම්" පවතින අතර ඒ ඔස්සේ දෙමාපියන්ට නැවත ශ්‍රම බලකායට යාමට ඉඩ සලසයි.
Early childhood education මධ්‍යස්ථාන වලට ළමුන් නිතිපතා යොමු කිරීම, ළදරුවන්ගේ සහ කුඩා ළමුන්ගේ ප්‍රතිශක්තිය ගොඩනැගීමට උපකාරි වේ. එමෙන්ම ඔවුන්ව සමාජීය හා අධ්‍යාපනිකමය වශයෙන් "පාසල්" සඳහා සූදානම් කිරීමද මෙමගින් සිදු වේ.
කෙසේ නමුත්, ළදරුවන් සහ කුඩා ළමුන් early childhood education මධ්‍යස්ථාන වලින් ඔවුන්ගේ ඉගෙනීමේ ගමන ආරම්භ කරන විට, ඔවුන්ගේ මොළය මෙන්ම, ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියද ඒ හා සමගම ඉගෙනීමට පටන් ගනී.
සාමාන්‍යයෙන් ‘bugs’ ලෙස හඳුන්වන, ආසාදන ගෙන යන ක්ෂුද්‍ර ජීවීන්ට ළමුන් නිරාවරණය වීම මීට ප්‍රධානතම හේතුවයි.

අත්දැකීමක් නොමැති සහ ඉක්මනින් වෙහෙසට පත් වන පළමු වරට දෙමාපියන් බවට පත් වූ පිරිසට කිසිදු ආධාරයක් නොමැති වීම හේතුවෙන්, daycare මධ්‍යස්ථාන වලදී ළමුන් නිතර රෝගාතුර වීම අභියෝගාත්මක විය හැක.
මෙල්බර්න් හි මුල් ළමාවිය අධ්‍යාපනඥවරියක වන Jyoti Sandhu පවසන්නේ, තම දරුවා ඇතුළත් කිරීමට පෙර එම මධ්‍යස්ථාන වල පරිසරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා දෙමාපියන්ට එම මධ්‍යස්ථාන මගින් සැසියක් පිරිනමන බවයි.
නිවසේදී දරුවන් වැඩිහිටියන් කිහිප දෙනකුට පමණක් නිරාවරණය වන අතර කෙසේ නමුත් early childhood මධ්‍යස්ථාන වලදී වෙනත් බොහෝ දරුවන්ට සහ වැඩිහිටියන්ට නිරාවරණය වීම සිදු වේ. මේ ඔස්සේ ඔවුන් අසනීප වීම සාමාන්‍යයෙන් සිදු විය හැක.
බොහෝ රෝග පිළිබඳව childcare වලින් එතරම් කනස්සල්ලක් පල නොකරන අතර කෙසේ නමුත් ඇතැම් රෝග බරපතල ලෙස බෝ වීමට හැකියාව පවතින බව Jyoti Sandhu කියා සිටී.
මෙල්බර්න් හි වෛද්‍යවරයෙකු වන වෛද්‍ය Amir Saeedullah, daycare මධ්‍යස්ථාන වලින් ආසාදන ඇති වූ කුඩා ළමුන් බොහෝ දෙනෙකු දැක ඇති බව පවසයි.
මාස හයේ සිට අවුරුදු පහ දක්වා වයස් කාණ්ඩයේ පසුවන ළමුන් මින් බහුල වන අතර, ශීත ඍතුවේ දී lower respiratory tract infections සහ otitis media මෙන්ම ගිම්හානයේදී gastro රෝගීන් දක්නට ලැබෙන බව වෛද්‍ය Amir සඳහන් කරයි.
daycare මධ්‍යස්ථාන සඳහා යොමු වන ළමුන් 100 දෙනෙකුගෙන් ළමුන් 20-30 දෙනෙකුට මෙවැනි රෝග බහුලව අසාදනය වන බව ඔහු කියා සිටී.

පළමු වරට මවක් වූ Nikita ට මාස 18 ක පුතෙකු සිටින අතර එම ළමයා මාස කිහිපයකට පෙර childcare වෙත යොමු කොට තිබේ.
පුතා සතියකට සැරයක් childcar යන බවත් දෙවරක් දැඩි ලෙස උණ රෝගය වැළඳුනු බවත් Nikita පවසයි.
paracetamol සහ ibuprofen වලින් නිසි ප්‍රතිපලයක් නොලැබීම හේතුවෙන් වෛද්‍යවරයා ප්‍රතිජීවක ලබාදුන් බවත් ඇය කියා සිටී.
එමෙන්ම ළමයාට hand-foot-and-mouth යන රෝගයද වැළඳුනු බව Nikita පවසයි.
දෙමාපියන් රැකියාවේ නිරත වන දිනවලදී childcare මාධ්‍යස්ථාන වලින් හදිසියේම ළමයා රැගෙන යන ලෙසට සඳහන් කළහොත්, එය දෙමාපියන්ට යම් පීඩනයක් ගෙන දිය හැක.
ළමයකු නිතර රෝගාතුර වුවහොත් සේවායෝජකයාගෙන් නිවාඩු ඉල්ලා සිටීමද දෙමාපියන්ට යම් දුරකට කරදරයක් විය හැක.
Nikita පවසන්නේ නව සංක්‍රමණිකයන්ට ඕස්ට්‍රේලියාවේ childcare subsidy යන සහනාධාරය අහිමි අතර, සම්පූර්ණ වියදම තමන්ටම දැරීමට සිදුවන බවයි.
තමාට පෞද්ගලිකව දිනකට childcare සඳහා $125ක් ගෙවීමට සිදුවන අතර, හදිසියේ හෝ ළමයා අසනීපයක් හේතුවෙන් childcare වෙත යොමු නොකලත් මුළු මුදලම ගෙවීමට සිදුවන බව Nikita සඳහන් කරයි.

"අසනීප දරුවෙකු" හඳුනා ගන්නා ආකාරය සම්බන්ධයෙන් පෙන්වා දෙමින් වෛද්‍ය Amir පවසන්නේ, උදාහරණයක් ලෙස, උණ, කැස්ස හෝ වැඩිහිටි ළමයකු උගුරේ අමාරුවක් ගැන පැමිණිලි කරන්නේ නම්, ළමයා ලෙඩ ගතියක් පෙන්නුම් කරයි නම් එම ළමයා නිවසට යැවීම යහපත් බවයි.
නමුත් ළමයකුගේ runny nose හෙවත් නහයෙන් දියර ගැලීමක් මත එම ළමයා නිවසට යොමු කිරීම අනුමත නොකරන බව වෛද්‍ය Amir කියා සිටී.
පවුල් වෛද්‍යවරුන් සොයා බැලිය යුතු ආසාදනයේ අවදානම් සලකුණු පිළිබඳව ඔහු පවසන්නේ, ලමයකුගේ සෙල්සියස් අංශක 39 - 40 පමණ ඉහල උෂ්ණත්වය, නාසයෙන් දියර ගැලීම, පාචනය, වමනය හෝ නව කුෂ්ඨ සමග ලබාගන්නා දියර ප්‍රමාණය අඩු කිරීම ප්‍රධාන වන බවයි.
මුල් ළමාවිය අධ්‍යාපනඥවරියක වන Jyoti පවසන්නේ අසනීප දරුවෙකුට නිවසේ සිටීම වැදගත් වන බවයි.
දෙමාපියන්ට මේ හේතුවෙන් නිවාඩු ගැනීම සිදු වන අතර කෙසේ නමුත් එය ළමයාගේ යහපතට හේතු වන බව Jyoti කියා සිටී.
රෝගී ළමයකු childcare එකකින් බැහැර කිරීම ඔවුන්ගේ ආරක්ෂාව යටතේ සිටින අනෙකුත් දරුවන් කෙරෙහි ඔවුන් දක්වන වගකීම මත පදනම් වන බව ඇය වැඩිදුරටත් පවසයි.
උණ හෝ ආමාශ ආශ්‍රිත රෝගයෙන් පෙළෙන දරුවෙකුගෙන් ආරක්ෂිත දුරක් තබා ගැනීම සහ නිතර අත් සේදීම සිදු කල යුතු බවට උපදෙස් ලබා දෙයි.
ළමුන්ට යහපත් පෝෂණයක් ලබාදීම සහ නියමිත ලෙස එන්නත් ලබාදීම සිදු කල යුතු බව වෛද්‍ය Amir පවසයි.
බොහෝ ළමුන් නියමිත ලෙස ආහාර ලබා නොගැනීම හේතුවෙන් යකඩ, විටමින් D වැනි පෝෂණ ඌනතාවලින් පීඩා විඳීන අතර, ඔවුන්ගේ පෝෂ්‍ය පදාර්ථ "පෙති" හෝ "දියර" ආකාරයෙන් පරිපූරණය කිරීමෙන් ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවන බව වෛද්‍ය Amir සඳහන් කරයි.
මේ හේතුවෙන් ළමුන්ට ආසාදන ඇතිවීමේ සම්භාවිතාව අඩු වේ.

ළමුන්ට ලබාදෙන එන්නත් මගිනුත් ඔවුන්ට ආරක්ෂාව සපයන අතර ඕස්ට්‍රේලියාවේ බොහෝ childhood education මධ්‍යස්ථාන මගින් ඕස්ට්‍රේලියානු රජයේ එන්නත් අනුමත කරයි.
ඇතැම් දෙමාපියන් ළමුන්ට ප්‍රතිශක්තිකරණය ලබා නොදීමට තීරණය කරයි.
නමුත් ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ විවිධ රෙගුලාසි සහ මාර්ගෝපදේශ තිබෙන අතර, Jyoti කියා සිටින්නේ හදිසියේ හෝ childcare එකක රෝග ව්‍යාප්තියක් සිදු වුවහොත් ප්‍රතිශක්තිකරණය නොලද දරුවන් නිවසේ තබාගන්නා ලෙස දෙමාපියන්ට සඳහන් කරන බවයි.
ළමුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා ක්‍රීඩා මධ්‍යස්ථාන වැනි ගෘහස්ථ පහසුකම් වල සිට උද්‍යාන සහ ක්‍රීඩා පිටි වැනි ස්වභාවික පරිසර වලට ළමුන් නිරාවරණය කිරීම යහපත් වේ.
ඕස්ට්‍රේලියාවේ early childhood මධ්‍යස්ථාන මගින් Staying Healthy යන අත්පොත අනුගමනය කරයි.
ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙම අත්පොත, ආසාදන පාලනය සහ රෝග නිරික්ෂණය සඳහා early childhood education මධ්‍යස්ථාන අනුගමනය කළ යුතු ප්‍රොටෝකෝල නිර්වචනය කරයි.





