ඔස්ට්‍රේලියාවේ ගොඩගැසුණු වීසා අයදුම්පත් ගැන ආගමන ඇමති ලබාදුන් නවතම පණිවිඩය මෙන්න

Composite of immigration stamps and a man holding a laptop under his arm

Minister's visa backlog prediction as the number of outstanding applications fall Source: SBS

මේ වසර අවසන් වන විට ගොඩගැසුණු වීසා අයදුම්පත් ප්‍රමාණය 600,000 ක් දක්වා අඩු කිරීමට රජය සූදානම් වන බවද අමාත්‍ය Andrew Giles පැවසීය.


වරෙක මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් වූ ඔස්ට්‍රේලියාවේ ගොඩගැසුණු වීසා අයදුම්පත් ප්‍රමාණය මේ වන විට 755,000 දක්වා පහත වැටී ඇත.

පසුගිය ජුනි 01 සිට වීසා අයදුම්පත් මිලියන තුනකට වඩා සලකා බලා අවසන් කර ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles බදාදා (නොවැම්බර් 16) සිඩ්නි හි පැවති ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධන කමිටුවේ සංක්‍රමණ සමුළුවට පැවසුවේය.

ඉදිරි සැලැස්ම

මේ වසර අවසන් වන විට ගොඩගැසුණු වීසා අයදුම්පත් ප්‍රමාණය 600,000 ක් දක්වා අඩු කිරීමට රජය සූදානම් වන බවද අමාත්‍ය Andrew Giles පැවසීය.

එය කම්කරු පක්ෂය පසුගිය මැයි මාසයේදී ඔස්ට්‍රේලියාවේ බලයට පත්වන විට වීසා පද්ධතියේ ගොඩගැසී තිබුණු අයදුම්පත් සංඛ්‍යාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්ය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
වීසා අයදුම්පත් සලකා බැලීම සඳහා තවත් කාර්ය මණ්ඩලය 300 කට ආසන්න පිරිසක් දැන් බඳවාගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

"වඩා සංකීර්ණ වීසා අයදුම්පත් පිළිබඳ කටයුතු කිරීමට කාර්ය මණ්ඩලය නිදහස් කිරීම සඳහා අපි සරල කාර්යයන් ස්වයංක්‍රීය කර තිබෙනවා" යනුවෙන්ද ඔහු පැවසීය.
අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය දීමට භාවිතා කරන ක්‍රමය සරල කිරීමට ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය උත්සාහ කරන බව ද ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පැවසීය.

මීට පෙර වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛතා ලබාදීමේ ක්‍රමයේ සංකීර්ණත්වය ඇතැම් skilled සඳහා එක් අයදුම්පතකට මිනිත්තු 45ක් දක්වා වැඩිකළ බවද ඔහු පැවසීය.

"අපි හැමෝටම ප්‍රමුඛත්වය දෙනවා නම්, මේ ගැටලුව ඇතිවන්නේ නැහැ." යනුවෙන්ද අමාත්‍ය Andrew Giles පැවසීය.
Andrew Giles speaking while standing in the House of Representatives.
Minister for Immigration Andrew Giles during Question Time in the House of Representatives at Parliament House in Canberra, Wednesday, November 9, 2022. Source: AAP / Mick Tsikas

කිසිදු සංක්‍රමණිකයෙකු ස්ථිරව තාවකාලික සංක්‍රමණිකයෙකු නොවිය යුතුයි

skilled වීසා අයදුම්පත් සලකා බැලීමේ මධ්‍ය කාලය 2015-16 මාස හතරේ සිට සෑම වසරකම මාසයකින් වර්ධනය වූ බවත් 2018-19 වනවිට එය මාස හතක් වූ බවත් ඔහුගේ කතාව අතරතුර අමාත්‍ය Andrew Giles පැවසුවේය.

මෙම මුල්‍ය වර්ෂයේදී රජය permanent skilled සහ family වීසා සංඛ්‍යාව ද වැඩි කර ඇති බව පැවසූ අමාත්‍යවරයා කිසිදු සංක්‍රමණිකයෙකු ස්ථිරව තාවකාලික සංක්‍රමණිකයෙකු නොවිය යුතු බවද පැවසීය.
ෆෙඩරල් අයවැයේදී ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සැකසීම සඳහා ඩොලර් මිලියන 36.1 ක් වෙන් කෙරුණු අතර, ගොඩගැසී ඇති වීසා අයදුම්පත් ඉක්මණින් සලකා බැලීම සඳහා කාර්ය මණ්ඩලය මාස 9 ක් ඇතුළත 500 දෙනෙකුගෙන් වැඩි කිරීමටද සැලසුම් කළේය.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන කාලයට ගැලපෙන බව තහවුරු කර ගැනීම සඳහා එය සමාලෝචනය කරන බව ද මධ්‍යම රජය නිවේදනය කර ඇත.

ඔස්ට්‍රේලියාවේ හිඟව පවතින කුසලතාවන්ට මිනිසුන්ව ගෙන්වා ගැනීම සඳහා සරල, කාර්යක්‍ෂම ක්‍රමයක් අවශ්‍ය වන අතර දක්ෂතා ඇති පුද්ගලයින් ආකර්ෂණය කර තබා ගන්නා ක්‍රමයක් අවශ්‍ය බවද අමාත්‍ය Giles පැවසීය.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service