ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගර අශ්‍රිතව සංක්‍රමණිකයින් සදහා ඉතා හොද අවස්ථාවන් ඇති බවත් බොහෝ දෙනෙක් ඒ පිළිබදව නොදන්නා බවත් Settlement Council of Australia සංවිධානය පවසයි. කුසලතා වීසා යටතේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමනිකයින්ගෙන් සියයට 90 කට ආසන්න පිරිසකට සිඩ්නි හෝ මෙල්බර්න් නුවර අශ්‍රිතව ස්ථිර පදිංචි වීමට කැමැත්තක් දක්වන බව එම සංවිධානය වැඩි දුරටත් සදහන් කරයි. මේ නිසා රජය විසින් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගර අශ්‍රිතව ඇති අවස්ථාවන් සහ පහසුකම් පිලිබදව මෙරටට අලුතෙන් පැමිණෙන සංක්‍රමණිකයින් දැනුවත් කිරීමට ප්‍රචාරණ වැඩසටහන් දියත් කල යුතු බව Settlement Council of Australia සංවිධානය පවසනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
Share






