ඔස්ට්‍රේලියාවේ PR ගැනීමට ඉහළම සම්භාවිතාවක් ඇති Northern Territory 491 වීසා සඳහා අවශ්‍ය සුදුසුකම් මෙන්න

Passport

Northern Territory 491 regional visa which leads to Australian permanent residency Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි අතරින් ස්ථිර පදිංචිය ලබාගත හැකි ඉහළම සම්භාවිතාවක් ඇති ටෙරිටරියක් ලෙස ද Northern Territory හැඳින්වේ.


ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මාර්ගය සකසන රැකියා වීසා බලපත්‍රයක් වන Northern Territory හි Skilled Work Regional (Provisional) වීසා (Subclass 491) පිළිබඳව මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

පුහුණු සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් සකසා දෙමින් වසර 5ක කාලයක් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල වාසය කිරීමට, අධ්‍යයනය කිරීමට සහ රැකියා කිරීමට මෙම වීසා බලපත්‍රය මඟින් ඉඩ සලසයි.

ඔබට මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට පෙර Northern Territory හි ආගමන කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා nomination හෙවත් නාමයෝජනා ලැබිය යුතුය.

වසර 3 කට පසු අදාළ සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව මෙම 491 වීසා දරන්නන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සපයන 191 වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි අතරින් ස්ථිර පදිංචිය ලබාගත හැකි ඉහළම සම්භාවිතාවක් ඇති ටෙරිටරියක් ලෙස ද Northern Territory හැඳින්වේ.

Northern Territory වෙත මෙවර 491 වීසා සඳහා 1,400 ක කෝටාවක් හිමිවී තිබේ.

Northern Territory වෙතින් 491 වීසා ලබාගත් පසුව ඔබ තවමත් Northern Territory හි ජීවත් වන සහ රැකියා කරන බව සහතික කිරීම සඳහා Northern Territory රජය ස්වාධීන පරීක්‍ෂණ සිදුකරන බවද දන්වා තිබේ.

අයදුම් කළ හැක්කේ කාහටද?

Northern Territory හි 491 වීසා නාමයෝජනා සඳහා සුදුසුකම් ලැබීමට, ඔබ පහත අවශ්‍යතා සපුරාලිය යුතුය.

  • වයස අවුරුදු 45 ට අඩු විය යුතුය
  • ඔබේ රැකියාව අදාළ නිපුණතා රැකියා ලැයිස්තුවේ ඇතුළත්ව තිබිය යුතුය
  • Skilled රැකියා ලැයිස්තුවේ රැකියාවක් ආශ්‍රිත වලංගු skills assessment එකක් තිබිය යුතුය
  • ඒ ඒ රැකියාව සඳහා නිර්දේශ කර ඇති ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය තිබිය යුතුය
  • සංක්‍රමණ ලකුණු අවම වශයෙන් 65 ක් ලබා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හරහා Expression of Interest (EOI) එකක් යොමු කළ තිබිය යුතුය
  • ඔබ ඔස්ට්‍රේලියාවේ ජීවත්වනවා නම් Northern Territory හි වාසය කරමින් රැකියා කළ යුතුවේ (වෙනත් ප්‍රාන්තයක ජීවත් වෙයි නම් මේ සඳහා සුදුසුකම් නොලබයි)
  • දැනට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත සිටී නම් සහ Northern Territory හි අධ්‍යාපනික ආයතනයක අධ්‍යාපනය සම්පූර්ණ කර නොමැති නම්, ඔබ මෙම වීසා නාමයෝජනා සඳහා සුදුසුකම් නොලබයි
  • ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට අයදුම්කරයි නම්, පසුගිය වසර 10 තුළ ඔබගේ නම් කරන ලද රැකියාවේ අවම වශයෙන් අධ්‍යාපනික සුදුසුකම්වලින් පසුව වසර 3 ක සේවා පළපුරුද්දක් තිබිය යුතුය
  • දිගුකාලීනව Northern Territory හි ජීවත් වීමට සහ රැකියා කිරීමට අව්‍යාජ කැපවීමක් පෙන්නුම් කළ යුතුය
  • ප්‍රමුඛතා රැකියා ධාරාව යටතේ අයදුම් කරන ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට NT Offshore Migration Occupation List (NTOMOL) හි තමාට සම්බන්ධ රැකියාවක් තිබිය යුතුය.

මේ පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබාගන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now