Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහනයට භාවිත කරන Opal කාඩ්පත් ගාස්තු වෙනස් වෙන්නේ මෙහෙමයි

Ongoing Rail Disputes Continue Between Workers and State Government In Sydney

SYDNEY, AUSTRALIA - OCTOBER 17: A commuter uses an Opal card payment reader at Central railway station on October 17, 2022 in Sydney, Australia. Credit: Lisa Maree Williams/Getty Images

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන Opal කාඩ්පත් බොහොමයක ගාස්තු, contactless ගෙවීම් සහ දෛනික ගාස්තු සීමා යනාදිය 2025 ජූලි 14 වන සඳුදා සිට වෙනස් වන බව transportnsw.info වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒ වාර්ෂික consumer price දර්ශකයේ උච්ඡාවචනයන්ට අනුකූලවයි. අද විශේෂාංගයෙන් අපි කතා කරන්නේ Opal කාඩ්පත් ගාස්තු වෙනස්වීම් පිළිබඳවයි.


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන Opal කාඩ්පත් බොහොමයක ගාස්තු, contactless ගෙවීම් සහ දෛනික ගාස්තු සීමා යනාදිය 2025 ජූලි 14 වන සඳුදා සිට වෙනස් වන බව transportnsw.info වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒ වාර්ෂික consumer price දර්ශකයේ උච්ඡාවචනයන්ට අනුකූලවයි. අද විශේෂාංගයෙන් අපි කතා කරන්නේ Opal කාඩ්පත් ගාස්තු වෙනස්වීම් පිළිබඳවයි.


Opal ගාස්තු සහ Single trip ටිකට්පත් සියයට 2.5ක සාමාන්‍ය අගයකින් ඉහළ යනවා.

කාඩ්පත් වර්ගයට අදාළව 2025 ජූලි 14වන දා සිට දෛනික ගාස්තු සීමා වෙනස් වන ආකාරය පහත දක්වා තිබෙනවා.

කාඩ්පත් වර්ගයසඳුදා - බ්‍රහස්පතින්දාසිකුරාදා - ඉරිදා සහ නිවාඩු දින
වැඩිහිටි (Adult)$19.30$9.65
ළමා/නව යොවුන් (Child/Youth)$9.65$4.80
Concession$9.65$4.80
ජ්‍යෙෂ්ඨ පුරවැසි (Senior)$2.50$2.50

Airport Link Company විසින් අභන්තර සහ ජාත්‍යන්තර දුම්රිය ස්ථාන භාවිත කරන පාරිභෝගිකයන් හට පණවා ඇති Sydney Airport Station Access ගාස්තුව වැඩිහිටියන් හට ඩොලර් 17.92 දක්වාත් ළමා/ නව යොවුන්, concession සහ සීනියර් කාඩ්පත් සඳහා ඩොලර් 16.03 දක්වාත් ඉහළ යෑමට නියමිත වනවා. ගුවන්තොටුපළ දුම්රිය ස්ථාන වෙත නිතර ගමන් කරන මගීන්ගෙන් වැඩිහිටියන් හට ඩොලර් 36.36ක් සහ ළමා, නව යොවුන්, කන්සේෂන් සහ සීනියර් පාරිභෝගිකයන් හට ඩොලර් 32.58ක් වශයෙන් සතියක ගාස්තු සීමාවකට ප්‍රවේශ වීමට හැකියාව තිබෙනවා.

කෙසේ වුවත් මේ සමඟ වෙනස් නොවන ගාස්තු කිහිපයක් පිළිබඳව ද transportnsw.info වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒ පිළිබඳ විස්තර සඳහා මෙම වෙබ් පිටුවේ ඉහළ ඇති පොඩ්කාස්ට් විශේෂාංගයට සවන් දෙන්න.

Source: transportnsw.info


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now