Opal ගාස්තු සහ Single trip ටිකට්පත් සියයට 2.5ක සාමාන්‍ය අගයකින් ඉහළ යනවා.
කාඩ්පත් වර්ගයට අදාළව 2025 ජූලි 14වන දා සිට දෛනික ගාස්තු සීමා වෙනස් වන ආකාරය පහත දක්වා තිබෙනවා.
| කාඩ්පත් වර්ගය | සඳුදා - බ්‍රහස්පතින්දා | සිකුරාදා - ඉරිදා සහ නිවාඩු දින |
| වැඩිහිටි (Adult) | $19.30 | $9.65 |
| ළමා/නව යොවුන් (Child/Youth) | $9.65 | $4.80 |
| Concession | $9.65 | $4.80 |
| ජ්‍යෙෂ්ඨ පුරවැසි (Senior) | $2.50 | $2.50 |
Airport Link Company විසින් අභන්තර සහ ජාත්‍යන්තර දුම්රිය ස්ථාන භාවිත කරන පාරිභෝගිකයන් හට පණවා ඇති Sydney Airport Station Access ගාස්තුව වැඩිහිටියන් හට ඩොලර් 17.92 දක්වාත් ළමා/ නව යොවුන්, concession සහ සීනියර් කාඩ්පත් සඳහා ඩොලර් 16.03 දක්වාත් ඉහළ යෑමට නියමිත වනවා. ගුවන්තොටුපළ දුම්රිය ස්ථාන වෙත නිතර ගමන් කරන මගීන්ගෙන් වැඩිහිටියන් හට ඩොලර් 36.36ක් සහ ළමා, නව යොවුන්, කන්සේෂන් සහ සීනියර් පාරිභෝගිකයන් හට ඩොලර් 32.58ක් වශයෙන් සතියක ගාස්තු සීමාවකට ප්‍රවේශ වීමට හැකියාව තිබෙනවා.
කෙසේ වුවත් මේ සමඟ වෙනස් නොවන ගාස්තු කිහිපයක් පිළිබඳව ද transportnsw.info වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒ පිළිබඳ විස්තර සඳහා මෙම වෙබ් පිටුවේ ඉහළ ඇති පොඩ්කාස්ට් විශේෂාංගයට සවන් දෙන්න.
Source: transportnsw.info





