ඇමරිකාව වගේ ඔස්ට්‍රේලියාවත් මුල්‍ය ආයෝජනයෙන් PR ගන්න පුළුවන් 'Golden Visa' හඳුන්වා දෙන බව විපක්ෂ නායක කියයි

Golden Visa.jpg

Source: AAP

ඇමරිකානු ඩොලර් මිලියන 5කට ඇමරිකානු පුරවැසිභාවය ලබාදීමට කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියා. Gold Card වීසා ලෙස හැඳින්වෙන මෙම වීසා එක යටතේ ධනවත් විදේශිකයින්ට ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. මෙවැනිම වීසා ක්‍රමයක් ඔස්ට්‍රේලියාව තුලද පැවතුනු අතර එය අහෝසිකිරීමට පසුගිය කාලයේ ඕස්ට්‍රේලියානු රජය කටයුතු කළා. කෙසේ උවත් එවැනි වීසා ක්‍රමයක් නැවත පිහිටුවීමට කටයුතු කරන බවටද ප්‍රකාශ පලවීමක් සිදුවී තිබෙනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

ඇමරිකාව ඩොලර් ඇමරිකානු ඩොලර් මිලියන 5ක් වැනි මුදලකට ධනවත් පුද්ගලයින්ට ඇමරිකානු පුරවැසිභාවය ලබාදෙන ක්‍රමවේදයක් හඳුන්වාදීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා. මේ හරහා ධනවත් පුද්ගලයින් ඇමරිකාවට ආකර්ෂණය කරගැනීමට බලාපොරොත්තු වනවා. මේ හරහා ලැබෙන මුදල් ඇමරිකාවේ නය ගෙවා දැමීමට භාවිතා කරන බව මෙම ක්‍රමය පිළිබඳව සඳහන් කරමින් ඇමරිකානු ජනාධිපති වරයා සඳහන් කර සිටියා.

ඕස්ට්‍රේලියාවේද මීට සමාන වීස ලබාදීමේ ක්‍රමවේදයක් පැවතුනා

ඕස්ට්‍රේලියාවද මෙවැනිම වීසා ක්‍රමයක් 2012 වසරේදී හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. එය Significant Investor provisional visa (SIV) subclass 188 ලෙස හැඳින්වුණා. මෙහිදී ඕස්ට්‍රේලියානු ආර්ථිකය වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් ආයෝජනය කරන ආයෝජකයින්ට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසී තිබුනා.

මේ අනුව අනුමත ආයෝජන මාර්ග හරහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5ක අවම මුදලක් ඔස්ට්‍රේලියාව තුල ආයෝජනය කරන පුද්ගලයින්ට වසර 5ක් දක්වා වන කාලයකට මෙම වීසා නිකුත් කිරීම සිදු වනවා.

මෙම වීසා කාණ්ඩය සඳහා ඉංග්‍රීසි භාෂා දැනුම පරීක්ෂා කිරීමක් සිදු නොකරන තර අයදුම් කල හැකි වයස් සීමක්වක්ද නොමැත. මෙහිදී වසර 5ක කාලයක් සඳහා තම ආයෝජනය ඔස්ට්‍රේලියාව තුල තබාගැනීම සිදුකල යුතු අතර ඉන් පසුව ඕස්ට්‍රේලියානු ස්ථිර පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේ හැකියාව ලැබේ.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව, 2020 ජූනි වන විට, අනුමත ආයෝජන හරහා ඩොලර් බිලියන 11.7ක් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට එකතු කිරීමට මෙම වීසා කාණ්ඩය සමත් වී තිබෙනවා. එම කාලය තුල මෙම විසා බලපත්‍ර 2,349ක් ලබා දී ඇත.

මෙම ක්‍රමය අහෝසි කිරීමට හේතු මොනවාද?

කෙසේ වෙතත්, සංක්‍රමණ පද්ධතිය පිළිබඳ 2023 වසරේ ඵලදායිතා කොමිෂන් සභා සමාලෝචනයේදී මෙම වීසා බලපත්‍ර ඕස්ට්‍රේලියානු රජයේ මූලික අරමුණ සපුරා නොමැති බවට නිගමනය කර තිබෙනවා. මෙහිදී ඕස්ට්‍රේලියානු රජය නිකුත් කරන නිපුනතා වීසා සමග සංසන්දනය කිරීමේදී මෙම වීසා කාණ්ඩය ඵලදායීතාවය ඇති අඩු බව ඵලදායිතා කොමිෂන් සභා සමාලෝචනයේදී තීරණය කර ඇත. මේ අනුව ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil විසින් මෙම වීසා කාණ්ඩය අහෝසිකිරීමට තීරණය කර තිබිණ. අයතා ලෙස මුදල් ඉපැයූ අපරාධ කරුවන් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ මාර්ගයක් ලෙස මෙම වීසා ක්‍රමවේදය යොදාගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil එහිදී ප්‍රකාශ කර ඇත.

මෙම වීසා කාණ්ඩය නැවත හඳුන්වාදීමක් සිදුවේවිද?

කෙසේ වෙතත්,මෙම වීසා කාණ්ඩය නැවත හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක පීටර් ඩටන් පවසා සිටී. එළඹෙන ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කළහොත් ධනවත් විදේශිකයින්ට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලබාගත හැකි මෙම වීසා කාණ්ඩය හඳුන්වාදීමට කටයුතු කරන බව විපක්ෂ නායක පීටර් ඩටන් පවසා සිටී.

SBS මාධ්‍ය ආයතනය මෙම ලිපිය හරහා මේ සම්බන්ද මූලික තොරතුරු පමණක් ඔබ වෙත වාර්තා කිරීමට කටයුතු කර ඇත. මේ සම්බන්ද වැඩිදුර තොරතුරු ලබාගැනීමට සහ එක් එක් පුද්ගලයා සඳහා සුවිශේෂී වූ තොරතුරු සඳහා ලියාපදිංචි සංක්‍රමණික උපදේශකයකුගේ උපදෙස් ලබාගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.

තොරතුරු මුලාශ්‍රය -  SBS News 

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service