මූලික ක්‍රම තුනක් යටතේ අයදුම් කල හැකි NSW ප්‍රාන්තයේ Skilled Work Regional visa nominations ගැන තොරතුරු මෙන්න

NSW.jpg

Australian flag over plastic map pointing Sydney. FotografiaBasica/Getty Images

Skilled Work Regional visa (subclass 491) සඳහා නිව් සවුත් වේල්ස් රජයේ අනුමැතිය ලබා ගතහොත් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශවල රැකියා කිරීම සඳහා වසර පහක වීසා බලපත්‍රයක් හිමිවනවා. මේ සඳහා අයදුම් කිරීමට මූලික වශයෙන් කොටස් තුනක් පවතිනවා.


Skilled Work Regional visa (subclass 491) සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත අයදුම් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් පවතිනවා.

Pathway 01

ඔබ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක රැකියාවක නියුතු පුද්ගලයෙක් නම් ඔබට මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. මෙය Skilled Work Regional visa (subclass 491) සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත අයදුම් කළහැකි පළමු ක්‍රමය වන අතර මේ වන විට මෙම වසර සඳහා මේ යටතේ අයදුම් පත් භාරගැනීම නවතා දමා තිබෙනවා.

Pathway 02

දෙවන ක්‍රමය යටතේ මෙම වීසා කාණ්ඩය සඳහා අයදුම් කිරීමටනම් ඔබට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඇරයුමක් ලැබිය යුතු වනවා. Investment NSW ආයතනය හරහා ඔබට මේ සඳහා ඇරයුම් කිරීමක් සිදු වනවා.

මේ සඳහා සුදුසුකම් ලැබීමට නම්, NSW Regional Skills List රැකියා ලයිස්තුවේ සඳහන් රැකියාවක නිපුනතා ඇති අයකු සහ මෙම වීසා බලපත්‍රය සඳහා සුදුසු අයෙකු විය යුතු වනවා.

මීට අමතරව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජීවත්වන පුද්ගලයකුනම් අවම වශයෙන් මාස තුනක කාලයක් සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අඛණ්ඩව වාසය කර ඇති අයෙකු විය යුතු වනවා. විදේශයක ජීවත්වන අයෙකුනම් ඕස්ට්‍රේලියාවෙන් පිටත අවම වශයෙන් මාස තුනක කාලයක් ජීවත්ව සිටිය යුතු වනවා.

කෙසේ උවත් 'Pathway 2' ලෙස හැඳින්වෙන මෙම දෙවන ක්‍රමය යටතේ වීසා සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් nomination ලබාගැනීම ඉතා තරඟකාරී වනවා. 'Pathway 2' යටතේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් nomination ලබාගැනීම සඳහා බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඇති අනෙකුත් සියලුම සංක්‍රමණ මාර්ග පිළිබඳව සලකා බැලීමටත්, NSW nomination සඳහා ආරාධනා කරන තෙක් පමණක් බලා නොසිටින ලෙසත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අයදුම් කරුවන්ට දන්වා සිටිනවා.

Pathway 03

තුන්වන ක්‍රමවේදය යටතේ අයදුම් කිරීමටනම් ඔබ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක ඇති විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරා තිබිය යුතු වනවා. මෙහිදී අවම වශයෙන් මූලික උපාධියක් (bachelor's degree) හදාරා තිබිය යුතු වනවා. මෙහිදී මෙම උපාධිය ඔබ අයදුම් කරන රැකියා ක්ෂේශ්ත්‍රය සඳහා ඍජුවම සම්බන්ධ උපාදියක් විය යුතු වනවා. මීට අමතරව මෙම වීසා කාණ්ඩය සඳහා ඔබ අයදුම් කරන අවස්ථාවේ සිට වසර දෙකක් ඇතුලත කාලයක් තුල සම්පූර්ණ කල උපාධියක්ද විය යුතු වනවා. 'Study in regional Australia ක්‍රමවේදය යටතේ ඒ සඳහා හිමි ලකුණු ලබා ගැනීමට සුදුසු අයකු විය යුතු වනවා.

මීට අමතරව , NSW Regional Skills List රැකියා ලයිස්තුවේ සඳහන් රැකියාවක නිපුනතා ඇති අයකු සහ මෙම වීසා බලපත්‍රය සඳහා සුදුසු අයෙකු විය යුතු වනවා.

එසේම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජීවත්වන පුද්ගලයකුනම් අවම වශයෙන් මාස තුනක කාලයක් සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අඛණ්ඩව වාසය කර ඇති අයෙකු විය යුතු වනවා. විදේශයක ජීවත්වන අයෙකුනම් ඕස්ට්‍රේලියාවෙන් පිටත අවම වශයෙන් මාස තුනක කාලයක් අඛණ්ඩව ජීවත්ව සිටිය යුතු වනවා.

මෙම වීසා කාණ්ඩය සඳහා ආරාධනාපත් යැවීම වසර පුරාවටම සිදුවනවා. ආරාධනාපත් නිකුත්කෙරෙන දින පිළිබඳව පෙර දනුදීම් සිදු නොවනවා.

වයස, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය, අධ්‍යාපනය, ලකුණු ලබාදෙන ක්‍රමවේදය යටතේ ලබා ඇති ලකුණු ප්‍රමාණය, සහ සේවා පළපුරුද්ද ඇතුළු විවිධ සාධක ආරාධනාපත් යැවීමේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් සලකා බලනවා.

මෙම වීසා නිකුත් කිරීම සඳහා සුදුසු අයදුම්කරුවන් තෝරා ගැනීමේ සම්පූර්ණ අයිතිය නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සතු වනවා.

මෙම වීසා කාණ්ඩය සඳහා අයදුම් කිරීමට ඔබට ආරාධනා පත්‍රයක් ලැබුනහොත් ඒ සඳහා දින 14ක් ඇතුලත අයදුම් කිරීමට කටයුතු කරන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දන්වා සිටිනවා. අයදුම් කිරීම සඳහා ලබාදෙන දින 14ක මෙම කාලය දීර්ගකිරීමක් සිදු නොකරන බවද ඔවුන් දැනුම් දී සිටිනවා.

මෙම ලිපිය නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ වෙබ් අඩවියේ සඳහන් තොරතුරු ආශ්‍රයෙන් සකසා ඇති අතර මේ පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

SBS මාධ්‍ය ආයතනය මෙම ලිපිය හරහා මේ සම්බන්ද මූලික තොරතුරු පමණක් ඔබ වෙත වාර්තා කිරීමට කටයුතු කර ඇත. මේ සම්බන්ද වැඩිදුර තොරතුරු ලබාගැනීමට සහ එක් එක් පුද්ගලයා සඳහා සුවිශේෂී වූ තොරතුරු සඳහා ලියාපන්දින්චි සංක්‍රමණික උපදේශකයකුගේ උපදෙස් ලබාගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.

********************************************************************************




ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.




********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service