Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පැපුවා නිව්ගිනියාවේ කොරෝනා ආසාදිතයින්ගේ ඉහල යාම ඔස්ට්‍රේලියාවට දැඩි තර්ජනයක්, ක්වීන්ස්ලන්ත අගමැතිනිය අවධාරණය කරයි : මාර්තු 16 "කාලින තොරතුරු" විශේෂාංගය

Queensland Premier Annastacia Palaszczuk

Queensland Premier Annastacia Palaszczuk is seen during a press conference in Brisbane. Source: AAP

මාර්තු මස 16 වනදා SBS සිංහල ගුවන්විදුලියේ කාලීන විශේෂාංගයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් පහතින් ඉදිරිපත් කෙරේ


Published

Updated

By Nipuna Dodangoda, Greg Dyett

Source: SBS




Share this with family and friends


මාර්තු මස 16 වනදා SBS සිංහල ගුවන්විදුලියේ කාලීන විශේෂාංගයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් පහතින් ඉදිරිපත් කෙරේ



 Highlights

  • පැපුවා නිව්ගිනියාවේ කොරෝනා ආසාදිතයින්ගේ ඉහල යාම හේතුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය දැඩි අවධානයකින් පසුවීම.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනයේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගැනීම සහ ඔවුන්ගෙන් දෙදෙනෙකු පැපුවා නිව්ගිනියාවෙන් පැමිණි පුද්ගලයින් වීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පළමු Pfizer එන්නත ලබාගත් නිරෝධායන මධ්‍යස්ථාන ආරක්ෂක නිලධාරියකු කොරෝනා වෛරසයට ධනාත්මක වීම
  • දකුණු ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල පිලිබන්දව තොරතුරු

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

මේ වනවිට පැපුවා නිව්ගිනියාවෙන් කොරෝනා ආසාදිතයින් 2,000 ක් පමණ වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් එරට සෞඛ්‍ය පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව තිබේ.

මෙම තත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව සඳහන් කරමින් ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk පෙන්වා දෙන්නේ පැපුවා නිව්ගිනියාව, Torres Strait දූපත් වලට සහ ක්වීන්ස්ලන්තයට ආසන්නයෙන් පැවතීම තර්ජනයක් වන අතර, පැපුවා නිව්ගිනියාවේ ඇතැම් පරීක්ෂණ සඳහාද මේ වනවිට සිය සහාය දක්වා ඇති බවයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනයේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු පැපුවා නිව්ගිනියාවෙන් පැමිණි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

එමෙන්ම කොරෝනා ආසාදිතයින් හට ප්‍රතිකාර සිදු කල බ්‍රිස්බේන් හි වෛද්‍යවරයකුද පසුගියදා කොරෝනා වෛරසයට ධනාත්මක වී ඇති නමුත් එම ප්‍රාන්තය තුල මේ දක්වා කිසිදු ප්‍රජා සම්ප්රේෂණයක් සිදුව නොමැත.

එම වෛද්‍යවරයා හට ඒ වනතෙක් කොරෝනා එන්නත ලබාදී නොමැති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Sonya Bennett සඳහන් කොට ඇත්තේ තවමත් කොරෝනා වෛරසය සඳහා සම්පුර්ණ ආරක්ෂාවක් නොපැවතීම මත ඉදිරි පෙළ සේවකයින් සඳහා කොරෝනා එන්නත් ලබාදීම අත්‍යවශ්‍ය වන බවයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

පසුගිය ඉරිදා දින, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පළමු Pfizer එන්නත් මාත්‍රාව ලබාගත් නිරෝධායන මධ්‍යස්ථාන ආරක්ෂක නිලධාරියකු කොරෝනා වෛරසයට ධනාත්මක වී ඇති නමුත් මේ වනතෙක් එම ප්‍රාන්තයෙන් කිසිදු ප්‍රජා සම්ප්රේෂණයක් වාර්තා වී නොමැත.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian අවධාරණය කොට සිටින්නේ විදේශයන්හි සිට පැමිනෙන සංචාරක ඕස්ට්‍රේලියානුවන් අතුරින් කොරෝනා ආසාදිතයින් හමුවීම සාමාන්‍ය වීම මත හෝටල් නිරෝධායන පද්ධතියේ සේවකයින් හට ඉක්මනින් එන්නත් ලබාදීම අනිවාර්ය බවයි.

කොරෝනා වෛරසය ප්‍රජාව අතරට සම්ප්‍රේෂණය වීමේ අවධානම අවම කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන ආරක්ෂක නිලධාරීන් පුර්ණ කාලීනව එකම ස්ථානයක සේවයේ යොදවන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විපක්ෂය සඳහන් කොට සිටී.

එමෙන්ම ඔස්ට්‍රේලියාව තුල සියලුම ප්‍රාන්ත හා ටෙරිටරි සිය දේශසීමා සිය ප්‍රාන්තයට විවෘතව තබන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සෙසු ප්‍රාන්ත බලධාරීන්ගෙන් ඉල්ලා සිටී

එමෙන්ම ඇය අනෙක් ප්‍රාන්ත වෙත සඳහන් කොට ඇත්තේ, සිය ප්‍රාන්තය තුල එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලේ පවතින ධාරිතාවය පෙන්වීමට සහ Contact tracing සිදු කරන නිලධාරීන්ගේ හැකියාව පෙන්වීම සඳහාද අවසථාවක් ලබා දෙන ලෙසයි.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය වන Steven Marshall, Pfizer එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගෙන තිබේ.

එමෙන්ම ඊයේ දිනයේදී එම ප්‍රාන්තයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි Nicola Spurrier, පොලිස් කොමසාරිස් Grant Stevens සහ සෞඛ්‍ය අමාත්‍ය Stephen Wade ද සිය දෙවන කොරෝනා එන්නත් මාත්‍රා ලබාගෙන තිබේ.

දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 12,000 කට කොරෝනා එන්නත් ලබාදීමට අපේක්ෂා කලද එය 8,000 කට පමණ සීමා වූ බවට වාර්තා වේ.

කොරෝනා වසංගතයට ප්‍රතිචාර වශයෙන් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය සහ උපකාරක පියවර ඔබේ භාෂාවෙන් ලබාගැනීම සඳහා පිවිසෙන්න sbs.com.au/coronavirus à Sinhala language


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now