ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසුව වතිකානුවේ සිදුවන කටයුතු ගැන තොරතුරු මෙන්න

Pope Francis on June 15, 2018.

Pope Francis on June 15, 2018. Source: AAP

මසකට අධික කාලයක් රෝහල් ගත කර සිටීමෙන් පසුව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇති බවට නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා. උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසුව අවසාන කටයුතු සිදුවන ආකාරය සහ ඉන් අනතුරුව මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සිදුවන අකාරය ගැන තොරතුරු විමසා බැලීම මෙහිදී වැදගත් වනවා.


වතිකානුවේ දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම සිදුවූ බව කෙවින් ෆැරල් (Kevin Farrell) කාදිනල් තුමා විසින් වතිකානු රූපවාහිණී චැනලය හරහා නිවේදනය කර සිටියා. පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසුව සිදුවන කටයුතු සංවිධානය කිරීමේ වගකීම කෙවින් ෆැරල් කාදිනල් තුමාට පැවරී තිබෙනවා. මේ අනුව ස්වර්ගස්ථ වීම නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජීවත් වූ නිවාසය වසා දමා අවසන් කටයුතු සඳහා සූදානම් වීම සිදු කරනවා.

Kevin Farrell කාදිනල් තුමා ඇතුළු තවත් සහයකයින් තිදෙනෙක් විසින් පාප් වහන්සේගේ දේහය ශාන්ත බැසිලිකා දේවස්ථානයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැබෙන දිනය පිළිබඳව තීරණය කිරීමට නියමිත වනවා.

මෙහිදී මරණ පරීක්ෂණයක් සිදු නොවනවා. මීට අමතරව පාප්තුමාගේ පදවි ප්‍රාප්ති උත්සවයේදී සාම්ප්‍රදායිකව පාප්තුමාට ලබා දෙන, ලේඛන අත්සන් කිරීමට සහ මුද්‍රා තැබීමට භාවිතා කරන පාප්තුමාගේ 'Fisherman's Ring' ලෙස හැඳින්වෙන මුද්ද විනාශ කිරීමක් සිදුකරනවා. මේ හරහා උන්වහන්සේගේ මුද්‍රාව වෙනත් අයෙකු භාවිතා කිරීම වලකාලනු ලබනවා.

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසුව දින නමයක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනවා. එය Novendiale ලෙස හැඳින්වෙනවා. පාප් වහන්සේගේ දේහය මිහිදන් කිරීමේ කටයුතු පිළිබඳව කාදිනල් තුමා විසින් තීරණය කෙරෙන අතර තම අවසන් කටයුතු සිදු කිරීම සම්භාන්දයේ පාප් වහන්සේ විසින් පසුගිය වසරේ ලබාදී ඇති උපදෙස් අනුව එය සිදුවනු ඇති. මෙහිදී සාම්ප්‍රදායික අවමංගල්‍ය චාරිත්‍ර ඉවත්කර සරල අවමංගල්‍ය උත්සවයක් සිදුකිරීමට ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය වසරේදී තම අනුමැතිය ලබා දී තිබෙනවා.

නව පාප්තුමා තෝරා පත්කර ගැනීම

නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීමේ කටයුතු සාමාන්‍යයෙන් පාප් තුමකුගේ අභාවයකින් දින 15ත් දින 20ක් වැනි කාලයකට පසුව ආරම්භ වනවා. මෙම නව පාප් වහන්සේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය conclave ලෙස හඳුන්වනවා. මෙය වතිකානුවේ Sistine Chapel හිදී සිදුවනවා.

වයස අවුරුදු 80 ට අඩු සියලුම කාදිනල්වරුන්ට රහස් ඡන්දයට සහභාගී විය හැකියි. නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා තුනෙන් දෙකකට වඩා වැඩි බහුතරයක ඡන්දය අවශ්‍ය වනවා. එබැවින් ඡන්දය දින ගණනාවක් පුරා වට කිහිපයක් පැවැත්වීමේ හැකියාවක්ද පවතිනවා.

මෙහිදී ඡන්දය අවසානයේ එම ඡන්ද පත්‍රිකා පුළුස්සා දමනවා. එහිදී පාප්වහන්සේ තෝරාගැනීමේ ඡන්දය සාර්ථකනම් විශේෂ රසායනික ද්‍රව්‍යයක් භාවිතාකර එම පිළිස්සීමේදී සුදු දුමාරයක් අහසට නැගීමට සලස්වනවා. ඒ හරහා නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත්කර ගෙන ඇති බවට මහජනතාවට නිවේදනය කර සිටිනවා. මෙහිදී කළු දුමාරයක් නිකුත් වන්නේනම් නැවත ඡන්දයකට යාමට සිදුවී ඇති බව මහජනතාවට දැනුම් දී සිටිනවා.

නව පාප්තුමා තෝරා පත්කර ගැනීමේ මෙම ක්‍රියාවලිය අවසන් වූ පසුව නව පාප් වහන්සේ හැඳින්වීම සඳහා භාවිතා කිරීමට උන්වහන්සේ කැමති නාමය විමසා සිටිනවා.

ඉන් අනතුරුව කාර්දිනල්වරුන්ගේ විද්‍යාලයේ පීඨාධිපතිවරයා නව පාප් වහන්සේ ප්‍රකාශයට පත් කිරීම සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ බැල්කනියට පිවිසෙන අතර ඉන් පසුව නව පාප්වහන්සේ ජනතාව ඉදිරියට පැමිණ රැස්වී සිටින පිරිසට ආශිර්වාද කිරීම සිදු කරනවා.

සැ.යු: මෙය SBS News වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙන් සකසා තිබෙන බව කරුණාවෙන් සලකන්න


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසුව වතිකානුවේ සිදුවන කටයුතු ගැන තොරතුරු මෙන්න | SBS Sinhala