Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දෝහා සිට බ්‍රිස්බේන් වෙත පැමිණි පුද්ගලයින් නව රුසියානු කොරෝනා වෛරස ප්‍රභේදයට ධනාත්මක වෙයි

Incoming passengers are screened by police as they arrive at the domestic terminal in Brisbane airport

【無機位回國點算?】滯留巴拿馬澳裔夫婦DIY回國方法 Source: AAP Image/Dan Peled

මාර්තු මස 4 වනදා SBS සිංහල ගුවන්විදුලියේ කාලීන විශේෂාංගයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ


Published

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


මාර්තු මස 4 වනදා SBS සිංහල ගුවන්විදුලියේ කාලීන විශේෂාංගයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ


 


Highlights

  • පසුගිය මාසයේදී දෝහා සිට බ්‍රිස්බේන් වෙත පැමිණි පුද්ගලයින්ගෙන් නව රුසියානු කොරෝනා වෛරස ප්‍රබේධය හඳුනා ගැනේ
  • ලබන ජුනි මාසය තෙක් ඕස්ට්‍රේලියානු ජාත්‍යාන්තර දේශසීමා වසා තැබීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කරයි
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නවතම තත්වය

පසුගිය මස 17 වැනිදා දෝහා සිට බ්‍රිස්බේන් වෙත පැමිණි පුද්ගලයින්ගෙන් නව රුසියානු කොරෝනා වෛරස ප්‍රබේධය හඳුනාගෙන ඇති අතර එම ගුවන්යානයෙන් පැමිණි සියලුම දෙනා හට තවත් දින 5ක කාලයක් නිරෝධායනය වන ලෙස ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් සඳහන් කොට තිබේ.

ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව ඊයේ දිනයේ නිම වීමට තිබුනද පුද්ගලයින් කිහිප දෙනෙකු මෙම නව රුසියානු කොරෝනා වෛරස ප්‍රබේධයට ධනාත්මක වීම හේතුවෙන් මාර්තු මස 8 වැනිදා දක්වා නිරෝධායන කාලය දිගු කොට තිබේ.

ලබන ජුනි මාසය තෙක් ඕස්ට්‍රේලියානු ජාත්‍යාන්තර දේශසීමා වසා තැබීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කරයි

මේ අතර ලබන ජුනි මාසය තෙක් ඕස්ට්‍රේලියානු ජාත්‍යාන්තර දේශසීමා වසා තැබීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කිරීම සඳහාද මෙය දැඩි ලෙස බලපා තිබේ.

Melissa Bridson, ප්‍රංශයේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවකු වනවා.ඇයගේ මව පසුගිය වසරේදී කොරෝනා වෛරසයට ගොදුරු වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිය පියා දැකීම සඳහා ප්‍රංශයට යාමට බලාපොරොත්තුවෙන් සිටී. නමුත් ජුනි මාසය තෙක් ජාත්‍යන්තර දේශසීමා වසාදැමීමට ඕස්ට්‍රේලියානු රජය ගත තීරණය මත නැවතත් ප්‍රංශයට යන දිනයක් පිළිබඳව සැක සහිත බවයි ඇය සඳහන් කරයි.

ජාත්‍යන්තර දේශසීම තවදුරටත් වසාදැමීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය ගත තීරණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස සඳහන් කරන්නේ, ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ එම තීරණය සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සඳහන් කරන්නේ, දැඩි සම්ප්‍රේෂණ වේගයක් සහිත මෙම නව කොරෝනා වෛරස ප්‍රබේධය මෙමෙ තීරණය සඳහා හේතු වූ බවයි.කෙසේ නමුත් මේ හේතුවෙන් තවමත් ඕස්ට්‍රේලියානුවන් 40,000ක් පමණ ඕස්ට්‍රේලියාවෙන් පිටත සිරව සිටින බව වාර්තා වේ.

එමෙන්ම මේ ඔස්සේ ඔස්ට්‍රේලියාව තවදුරටත් ලොව සෙසු රටවල් වලින් සිදු කෙරෙන සංචාර සඳහාද වසා දැමෙන අතර තවදුරටත් ඕස්ට්‍රේලියානු පුරවැසියන් සඳහාද විශේෂ අවසරයකින් තොරව ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නවතම තත්වය

ප්‍රාන්තයේ සිටින 6,500ක් පමණ වන නිරෝධායන ක්ෂේස්ත්‍රයේ සේවයේ නියුතු පිරිසෙන් 4,000 ක් පමණ පිරිස සඳහා මේ වනවිට කොරෝනා එන්නත ලබාදී තිබේ.

එමෙන්ම පළමු එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලවල ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම ඔස්සේ වැඩි පිරිසකට ඉක්මනින් කොරෝනා එන්නත ලබාදීමේ හැකියාව හිමි වන අතර ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවුල් සාමාජිකයින් සඳහාද එන්නත් ලබාගත හැකි බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සඳහන් කරයි.

කෙසේ නමුත් කොරෝනා වෛරසය සමාජය අතරට යාමේ අවධානම තවමත් පවතින බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය Kerry Chant සඳහන් කරයි.

මේ හේතුවෙන් ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින් සඳහාද එන්නත් ලබාදීම අතිරේක ආරක්ෂාවක් වන බවයි ඇය පෙන්වා දෙයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now