වසර 3 කින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ගත හැකි ක්වීන්ස්ලන්තයේ 491 වීසා සඳහා අයදුම් කළ හැකි ආකාරය

Regional road

Source: Getty

පුහුණු සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් සකසා දෙමින් වසර 5ක කාලයක් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල වාසය කිරීමට, අධ්‍යයනය කිරීමට සහ රැකියා කිරීමට මෙම වීසා බලපත්‍රය මඟින් ඉඩ සලසයි.


ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මාර්ගය සකසන රැකියා වීසා බලපත්‍රයක් වන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Skilled Work Regional (Provisional) වීසා (Subclass 491) පිළිබඳව මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

පුහුණු සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් සකසා දෙමින් වසර 5ක කාලයක් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල වාසය කිරීමට, අධ්‍යයනය කිරීමට සහ රැකියා කිරීමට මෙම වීසා බලපත්‍රය මඟින් ඉඩ සලසයි.

ඔබට මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට පෙර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා nomination හෙවත් නාමයෝජනා ලැබිය යුතුය.

වසර 3 කට පසු අදාළ සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව මෙම 491 වීසා දරන්නන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සපයන 191 වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

වික්ටෝරියා ප්‍රාන්තයට මෙවර 491 වීසා සඳහා 1,200 ක කෝටාවක් හිමිවී තිබේ.

 

අයදුම්කරුවන් වාසය කරමින් රැකියා කළ යුතු post codes

මෙම වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් ලැබීමට ඔබ පහත post codes හෙවත් තැපැල් කේත වලින් එකක් තුළ වාසය කරමින් රැකියා කළ යුතු බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව දන්වයි.

4019–4022, 4025, 4037, 4074, 4076–4078, 4124–4125, 4133, 4183–4184, 4207–4275, 4280–4287, 4300–4301, 4303–4498, 4500–4512, 4514–4519, 4521, 4550–4575, 4580–4895.

2022 මාර්තු 05 වනදායින් පසුව නාමයෝජනා ලැබුණු අයදුම්කරුවන්ට ඉහත තැපැල් කේත අදාළ වන අතර ඊට පෙර නාමයෝජනා ලැබුණු අයදුම්කරුවන්ට අදාළ වන තැපැල් කේත මෙතනින් ලබාගත හැකිය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play 

වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

 

අයදුම් කළ හැක්කේ කාහටද?

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලැබීමට ඔබ පහත අවශ්‍යතා හා සුදුසුකම් සැපිරිය යුතුය:

  • සංක්‍රමණ ලකුණු අවම වශයෙන් 65 ක් ලබා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හරහා Expression of Interest (EOI) එකක් යොමු කළ තිබිය යුතුය
  • EOI එකට අමතරව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයෙන් ඔබට nomination හෙවත් නාමයෝජනා ලැබිය යුතුය
  • මෙම වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් ලත් skilled රැකියා ලැයිස්තුවේ රැකියාවක් ආශ්‍රිත වලංගු skills assessment එකක් තිබිය යුතුය
  • ඔබේ රැකියාව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නිපුණතා රැකියා ලැයිස්තුවේ ඇතුළත්ව තිබිය යුතුය
  • වයස අවුරුදු 45 ට අඩු විය යුතුය
  • ඒ ඒ රැකියාව සඳහා නිර්දේශ කර ඇති ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය තිබිය යුතුය
  • ඔබ ඕස්ට්‍රේලියාවේ සිටීනම් ඔබට නාම යෝජනා හිමිවන අවස්ථාවේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක වාසය කරමින් අදාළ රැකියාවේ පූර්ණ කාලීනව පසුගිය මාස 3 පුරාවට නිරත වෙමින් සිටිය යුතුය
  • තවත් මාස 12 ක් සඳහා ක්වීන්ස්ලන්තයේ ප්‍රාදේශීය කලාපයක ලියාපදිංචි වී ඇති ක්වීන්ස්ලන්ත සේවා යෝජකයෙකු සමඟ අඛණ්ඩ රැකියාවක් පිළිබඳ සාක්ෂි සැපයිය යුතුය
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක අවම වශයෙන් වසර 3 ක් ජීවත් වෙමින් රැකියා කිරීම පිණිස කැප විය යුතුය

වැඩි විස්තර මෙතනින්.....


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now