රෝගීන්ගෙන් අධික ගාස්තු අය කරන විශේෂඥ වෛද්‍යවරුන් වෙත ලබා දෙන මෙඩිකෙයාර් ප්‍රතිලාභ අත්හිටුවීමට යෝජනාවක්

MEDICARE STOCK

Bank notes and coins are seen with a Medicare Card Credit: AAP Image/Dave Hunt

විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු අධික වීම නිසා මිලියන දෙකක් පමණ වූ ඕස්ට්‍රේලියානුවන් වෛද්‍ය සේවා ලබා ගැනීම කල් දැමීම හෝ මග හැරීම සිදු කරනවා. නව වාර්තාවක් විසින් යෝජනා කරන්නේ දැරිය නොහැකි ගාස්තු අය කරන වෛද්‍යවරුන් වෙත හිමිවන මෙඩිකෙයාර් ප්‍රතිලාභය කප්පාදු කිරීම මෙයට විසඳුමක් වනු ඇති බවයි. ඒ පිළිබඳව මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.


ඕස්ට්‍රේලියානුවන් මිලියන 1.9ක් පමණ අධික ගාස්තු නිසා සිය රෝගවලට අත්‍යවශ්‍ය ප්‍රතිකාර පමා කිරීම හෝ සිදු නොකරන බව ග්‍රැට්න් ආයතනය විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සොයාගෙන තිබෙනවා. මෙඩිකෙයාර් සේවාව විසින් නිර්දේශ කරන ගාස්තුවට වඩා කිහිප ගුණයකින් වැඩි අය කිරීමක් සමහර වෛද්‍යවරුන් සිදු කරන බවත් එවැනි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම සහ ඔවුන්ට ලබා දෙන මෙඩිකෙයාර් ප්‍රතිලාභ අත්හිටුවීම කළ යුතු බවත් ග්‍රැට්න් ආයතනය යෝජනා කරනවා.

2023 වසරේ දත්තවලට අනුව විශේෂඥ වෛද්‍ය සේවය ලබා ගන්නා එක් රෝගියෙකු ඩොලර් 300ක මුදලක් ගාස්තු වශයෙන් වාර්ෂිකව ගෙවා තිබෙනවා. එවැනි ගෙවීම්වල සාමාන්‍ය අගය ඩොලර් 300ක් වුවත් අධික ගාස්තු අය කරන විශේෂඥ ගාස්තු මීටත් වඩා ඉහළ අගයන් පෙන්නුම් කරනවා. මනෝ චිකිත්සාවට ඩොලර් 671කුත්, හෝමෝන, හදවත්, ළමා, ප්‍රතිශක්තිකරණ සහ ස්නායු ආබාධ සඳහා ඩොලර් 350කට වැඩි වශයෙනුත් විශේෂඥ වෛද්‍ය ගාස්තු සඳහා වාර්ෂිකව එක් පුද්ගලයෙකු දරන වියදමේ සාමාන්‍ය අගයන් පෙන්නුම් කරනවා.

මෙවැනි අධික ගාස්තු නිසා විශේෂයෙන් ම ආර්ථික අපහසුතා ඇති පෙදෙස්වල ජනතාවගෙන් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ඈත් වීමක් දක්නට ලැබෙනවා. ඒ නිසා සත්කාර සඳහා දිගු කලක් බලා සිටීමට සිදු වීම, රෝග නිර්ණය කිරීම් අතපසු වීම, සහ රජයේ රෝහල්වලට වැඩි පීඩනයක් දැරීමට සිදු වීම යනාදිය සිදු වනවා.

ගත වූ වසරේ දී සියයට 40ක් පමණ වූ ඕස්ට්‍රේලියානුවන් විශේෂඥ සේවයක් ලබා ගෙන තිබෙනවා. ඉන් 2/3ක් පමණ සේවය ලබා ගෙන ඇත්තේ පෞද්ගලික සේවාවන්ගෙන් වන අතර ඔවුන්ට මෙඩිකෙයාර් ප්‍රතිලාභය හිමි වුවත් ඉන් ආවරණය නොවූ අමතර ගාස්තු ගෙවීමට සිදු වී තිබෙනවා.

ඕස්ට්‍රේලියානුවන් මිලියන 1.9ක් පමණ අධික ගාස්තු නිසා සිය රෝගවලට අත්‍යවශ්‍ය ප්‍රතිකාර පමා කිරීම හෝ සිදු නොකරන බව ග්‍රැට්න් ආයතනය විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සොයාගෙන තිබෙනවා. මෙඩිකෙයාර් සේවාව විසින් නිර්දේශ කරන ගාස්තුවට වඩා කිහිප ගුණයකින් වැඩි අය කිරීමක් සමහර වෛද්‍යවරුන් සිදු කරන බවත් එවැනි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම සහ ඔවුන්ට ලබා දෙන මෙඩිකෙයාර් ප්‍රතිලාභ අත්හිටුවීම කළ යුතු බවත් ග්‍රැට්න් ආයතනය යෝජනා කරනවා.

සෞඛ්‍ය පද්ධතියේ ඇති වී තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් ග්‍රැට්න් ආයතනය, රජය සහ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ අදහස්වලට සවන් දෙන්න මෙම වෙබ් පිටුවේ ඉහළ කෙළවරේ ඇති පොඩ්කාස්ට් විශේෂාංගයට සවන් දෙන්න.

මූලාශය: AAP/SBS

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service