ඔස්ට්‍රේලියානු Skilled වීසා ලබාදෙන ක්වීන්ස්ලන්ත සංක්‍රමණ වැඩසටහනේ සංශෝධනයක්

Migrationto Australia

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන මගින් ඔබ වෙත කුමන හෝ Skilled වීසා බලපත්‍රයක් වෙනුවෙන් ආරාධනා පත්‍රයක් ලැබෙන්නේ නම් ඔබේ document portal එකට ඔබේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය පිළිබඳ සාක්ෂි යොමු කළ යුතු වේ.


Key Points
  • ක්වීන්ස්ලන්ත සංක්‍රමණ වැඩසටහනෙන් Skilled වීසා බලපත්‍රයක් වෙනුවෙන් ආරාධනා පත්‍රයක් ලැබෙන්නේ නම් ඔබේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය පිළිබඳ සාක්ෂි යොමු කළ යුතු වේ.
  • මෙය 2022 සැප්තැම්බර් 6 වන දින සිට ක්‍රියාත්මක වේ.
  • ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය Proficient English සහ Competent English යනුවෙන් ප්‍රධාන ඛාණ්ඩ දෙකක් යටතේ සලකා බැලේ.
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන මගින් ඔබ වෙත කුමන හෝ Skilled වීසා බලපත්‍රයක් වෙනුවෙන් ආරාධනා පත්‍රයක් ලැබෙන්නේ නම් ඔබේ document portal එකට ඔබේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය පිළිබඳ සාක්ෂි යොමු කළ යුතු වේ.

මේ පිළිබඳ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සංක්‍රමණ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම කොන්දේසිය 2022 සැප්තැම්බර් 6 වන දින සිට ක්‍රියාත්මක වේ.

මෙහිදී ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය Proficient English සහ Competent English යනුවෙන් ප්‍රධාන ඛාණ්ඩ දෙකක් යටතේ සලකා බැලේ.

Proficient English

ඔබට Proficient ඉංග්‍රීසි මට්ටමක් ඇති බව ඔප්පු කිරීමට, වත්මන් ඔස්ට්‍රේලියාව පිළිගත් ඉංග්‍රීසි පරීක්ෂණයක ප්‍රතිඵල පෙන්විය යුතුය.

එම ඉංග්‍රීසි පරීක්ෂණයේ ප්‍රතිඵල වසර 3 කට වඩා පැරණි නොවිය යුතුය.

ඒ අනුව පහත පිළිගත් ඉංග්‍රීසි පරීක්ෂණයක ප්‍රතිඵල Proficient ඉංග්‍රීසි මට්ටමක් ඇති බවට සාක්ෂි වේ. 
 
ඉංග්‍රීසි පරීක්ෂණය
ලකුණු මට්ටම
International English Language Testing System (IELTS Academic or General Training)
කොටස් හතරෙන් එක් එක් කොටසක් සඳහා අවම වශයෙන් ලකුණු 7 ක්
Test of English as a Foreign Language internet-based Test (TOEFL iBT)
අවම වශයෙන් listening සඳහා 24, reading සඳහා 24, writing සඳහා 27 සහ speaking සඳහා 23 ක්
Pearson Test of English Academic (PTE Academic)
කොටස් හතරෙන් එක් එක් කොටසක් සඳහා අවම වශයෙන් ලකුණු 65 ක්
Occupational English Test (OET)
කොටස් හතරෙන් එක් එක් කොටසක් සඳහා අවම වශයෙන් B ශ්‍රේණියක්
Cambridge C1 Advanced test
කොටස් හතරෙන් එක් එක් කොටසක් සඳහා අවම වශයෙන් ලකුණු 185 ක්
 

Competent English

ඔබට Competent ඉංග්‍රීසි දැනුම ඇති බව ඔප්පු කිරීමට ඔබ එක්සත් රාජධානියේ, ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ, නවසීලන්තයේ හෝ අයර්ලන්ත ජනරජයේ පුරවැසියෙකු බවත් ඔබගේ අයදුම්පත සමග එම රටවල එකකින් හෝ ඔබ වෙනුවෙන් නිකුත් කරන ලද වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ඉදිරි පත් කළ යුතුය.

එසේ නැතිනම් පහත අන්දමේ පිළිගත් ඉංග්‍රීසි පරීක්ෂණයක ප්‍රතිඵල Competent ඉංග්‍රීසි මට්ටමක් ඇති බවට සාක්ෂි වේ.
ඉංග්‍රීසි පරීක්ෂණය
ලකුණු මට්ටම
International English Language Testing System (IELTS Academic or General Training)
කොටස් හතරෙන් එක් එක් කොටසක් සඳහා අවම වශයෙන් ලකුණු 6 ක්
Test of English as a Foreign Language internet-based Test (TOEFL iBT)
අවම වශයෙන් listening සඳහා 12, reading සඳහා 13, writing සඳහා 21 සහ speaking සඳහා 18 ක්
Pearson Test of English Academic (PTE Academic)
කොටස් හතරෙන් එක් එක් කොටසක් සඳහා අවම වශයෙන් ලකුණු 50 ක්
Occupational English Test (OET)
කොටස් හතරෙන් එක් එක් කොටසක් සඳහා අවම වශයෙන් B ශ්‍රේණියක්
Cambridge C1 Advanced test
කොටස් හතරෙන් එක් එක් කොටසක් සඳහා අවම වශයෙන් ලකුණු 169 ක්


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service