ගත වූ වසර 6 තුළ ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම කුලී නිවාස ගාස්තු ඉහළ ගොස් තිබෙනවා. 2019 දී වාර්තාගත වූ ඉහළ ම කුලී මිල ගණන් නිව් සවුත් වේල්ස් සහ ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි සතු වුණා. ඒ සාමාන්‍ය කුලිය සතියට ඩොලර් 480ක් වශයෙන්. නමුත් 2025 අප්‍රේල් වන විට නිව් සවුත් වේල්ස් ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයේ රැඳෙන්නේ සතියට ඩොලර් 650ක අගයකටයි. සියලු ප්‍රාන්ත සහ ටෙරිටරි අතරින් අධිකම මිල ඉහළ යාම වාර්තා වෙන්නේ බටහිර ඕස්ට්‍රේලියාවෙන්. එය සතියට ඩොලර් 350ක සිට 613 දක්වා වැඩි වීමක් වන අතර සියයට 75ක වර්ධනයක් වනවා. කුලී මිල ගණන් අඩුම අගයක් වාර්තා වන්නේ ටස්මෙනියාවෙන් වුවත් පෙර වසරවලට වඩා මිල ගණන් වැඩි වීමක් එහි ද දක්නට ලැබෙනවා. වසංගත තත්ත්වයට පෙර සතියට ඩොලර් 270ක් වශයෙන් තිබූ කුලිය මේ වන විට ඩොලර් 430 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවල සතියක සාමාන්‍ය කුලී ගාස්තු ඉහළ ගොස් ඇති ආකාරය පහත දැක්වෙනවා:
- නිව් සවුත් වේල්ස් - ඩොලර් 480 සිට 650 දක්වා
- බටහිර ඔස්ට්‍රේලියාව - ඩොලර් 350 සිට 613 දක්වා
- ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරිය - ඩොලර් 480 සිට 595 දක්වා
- නොදර්න් ටෙරිටරිය - ඩොලර් 430 සිට 560 දක්වා
- ක්වීන්ස්ලන්තය - ඩොලර් 380 සිට 560 දක්වා
- වික්ටෝරියා - ඩොලර් 385 සිට 520 දක්වා
- දකුණු ඕස්ට්‍රේලියාව - ඩොලර් 325 සිට 495 දක්වා
- ටස්මේනියාව - ඩොලර් 270 සිට 430 දක්වා
වැඩිදුර විස්තර සඳහා මෙම වෙබ් පිටුවේ ඉහළින් ඇති පොඩ්කාස්ට් ගොනුවට සවන් දෙන්න.
මූලාශ්‍රය: SBS News
—————————————————————————————————————
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න





