අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නැවත විවෘත කිරීමේ සැලැස්ම ප්‍රාන්ත අගමැති විසින් ප්‍රකාශයට පත්කරයි.
- වික්ටෝරියා ප්‍රාන්ත දේශ සීමා සඳහා පනවා තිබු සංචරණ නීති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේ.
- ග්‍රේටර් සිඩ්නි හි ඇති කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන සහ වෛරස ආසාදන පරික්ෂා මධ්‍යස්ථාන කිහිපයක් වසා දැමේ.
- ආපසු කැඳවනු ලැබූ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා නැවත මෙරටට එවීමට ප්‍රංශය තීරණය කරයි.
- පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහා විමර්ශනයක් කරන ලෙසට ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කරයි.
- මැලේරියා උන රෝග මර්දනයට නිපදවූ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදෙයි.
- මොඩර්නා කොරෝනා එන්නත ලබාදීම තාවකාලිකව නවතා දැමීමට ස්වීඩනය තීරණය කරයි.
- අළු බඳුන තරඟාවලිය පැවැත්වීම පිළිබඳව ක්‍රිකට් ඕස්ට්‍රේලියා සමඟ පැවැත්වූ සාකච්චා සාර්ථක බව එංගලන්තය පවසයි.