ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල වැඩිපුරම පුරප්පාඩු තිබෙන රැකියා ක්ෂේත්‍ර මෙන්න

Sectors with the most skills shortages in Australia's regional areas are revealed

Sectors with the most skills shortages in Australia's regional areas are revealed Source: Getty / Getty Images

ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍යවරුන්, හෙදියන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන සේවකයන්ගේ හිඟය මෙහිදී විශේෂ අවධානයට ලක්ව ඇත.


ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය බරපතල ලෙස අඛණ්ඩව පවතින බව හෙළිවී තිබේ.

Jobs and Skills Australia විසින් නිකුත් කරන ලද නවතම කාර්තුමය ශ්‍රම වෙළඳපොළ යාවත්කාලීන තොරතුරුවලින් මේ බව අනාවරණය විය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයන් ඇති වෘත්තීන්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල ඉංජිනේරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයින්ගේ විශාල හිඟයක් පවතින බව Jobs and Skills Australia නවතම වාර්තාව පවසයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල බරපතල ලෙස පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයන් ඇති වෘත්තීන් ලෙස ඔවුන් පහත සඳහන් වෘත්තීන් හඳුනාගෙන තිබේ.

  • General Practitioners හෙවත් පවුලේ වෛද්‍යවරුන්
  • Resident Medical Officers හෙවත් නේවාසික වෛද්‍ය නිලධාරීන්
  • Registered Nurses හෙවත් ලියාපදිංචි හෙදියන්
  • Medical Imaging Professionals
  • Early Childhood (Pre-primary School) Teachers හෙවත් මුල් ළමාවිය සංවර්ධන ගුරුවරු
  • Chefs හෙවත් සූපවේදීන්
  • Cooks හෙවත් කෝකියන්
  • Motor Mechanics හෙවත් මෝටර් යාන්ත්‍රික ශිල්පීන්
  • Automotive Electricians හෙවත් මෝටර් රථ විදුලි කාර්මිකයන්
  • Mining Engineers හෙවත් පතල් ඉංජිනේරුවන්

ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍යවරුන්, හෙදියන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන සේවකයන්ගේ හිඟය මෙහිදී විශේෂ අවධානයට ලක්ව ඇත.

මේ හේතුවෙන් වැඩිපුර ඔස්ට්‍රේලියානුවන් මේ සම්බන්ධව දැනුවත් කිරීමට සහ පුහුණු කිරීමට මෙන්ම රට පුරා අදාළ පාඨමාලා සහ උපාධි සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට ප්‍රාන්ත රජයන්, කර්මාන්ත, වෘත්තීය අධ්‍යපාන අංශය සහ විශ්ව විද්‍යාල සමඟ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව නිපුණතා සහ පුහුණු කටයුතු පිළිබඳ අමාත්‍ය Brendan O'Connor පැවසීය.

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ

පසුගිය වසර තුළ, ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා වර්ධනයෙන් 92% ක් පමණ සාමාන්‍යයෙන් යම් මට්ටමක පශ්චාත් ද්විතීයික පාසල් සුදුසුකම් අවශ්‍ය වන වෘත්තීන්හි සිදුවී තිබේ.

ඒ අතර මුළු සේවා නියුක්තියෙන් තුනෙන් දෙකක් පමණ රැකියා පැවතියේ ප්‍රධාන වශයෙන් වෘත්තීය පුහුණු සුදුසුකම් අවශ්‍ය වන වෘත්තීන්වල බවද හෙළිවී තිබේ.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය දිගටම පවතින අතර, පූර්ණ කාලීන රැකියා වල ප්‍රබල වැඩිවීමක් සහ දිගුකාලීන රැකියා විරහිතභාවයේ වර්ධනයක්ද මෙම වාර්තාව පෙන්වා දුන්නේය.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now