!!...ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ උලුරූ ප්‍රකාශය...!!
දකුණු දිග අහසේ සෑම තැනකින්ම පැමිණෙන කරුණු සමගින් 2017 ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මුතියට, හදවතින්ම මෙම ප්‍රකාශය සිදු කිරීම සඳහා අපි රැස්ව සිටිමු.අපගේ ඇබෝරිජිනල් සහ ටොරස් දූපත් ගෝත්‍රිකයින් ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ සහ ඊට යාබදව පිහිටි දුපත් හි පළමු ස්වෛරී ජාතීන් වූ අතර ඒවා අපේම නීතීන් සහ සිරිත් විරිත් යටතේ පැවතින. අපගේ මුතුන් මිත්තන් විසින්, අපගේ සංස්කෘතිය ගණනය කිරීම අනුව "සංස්කෘතිය ආරම්භයේ සිට", පොදු නීතියට අනුව "ඉතා පැරණි යුගයේ සිට" සහ විද්‍යාත්මකව බලන කල "වසර 60,000කට" පමණ පෙර මෙම සිරිත් විරිත් ක්‍රියාත්මක කොට තිබේ. මෙම පරමාධිපත්‍ය අධ්‍යාත්මික ජාතියකි : භුමිය සහ සොබාදහම අතර පවතින පෞරාණික බැඳීම, සහ එහි සිට උපත ලද , තවමත් එයට සම්බන්දව සිටින අබෝරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දූපත් වාසීන් කෙදිනක හෝ නැවතත් මුතුන් මිත්තන් සමඟින් සම්බන්ද වීමට එතනට යා යුතුය. මෙම සම්බන්ධතාවය පසෙහි හිමිකාරීත්වයේ පදනම වේ, හෝ වඩා යහපත් ස්වෛරීභාවයේ පදනම වේ. මෙම හිමිකාරීත්වය කිසි විටෙකත් ඔටුන්න හිමි පරමාධිපත්‍යය සමග සමව පැවතී නොමැති අතර පවරා හෝ නවතා දමා ද නොමැත.මෙය වෙනත් අයුරකින් විය හැක්කේ කෙසේද? සහස්ර 60ක කාලයක් තිස්සේ අප ජනයා සහ භූමිය අතර තිබු පුජනීය සම්බන්ධතාවයක් පසුගිය වසර 200ක කාලයක් තුල ලෝක ඉතිහාසයෙන් අතුරුදන් වීම? සැලකිය යුතු ව්‍යවස්ථාමය වෙනසක් සහ ව්‍යුහාත්මක ප්රතිසංස්කරණයක් සමඟින්, මෙම පුරාණ ස්වෛරීභාවය ඕස්ට්‍රේලියාවේ ජාතිකත්වයේ පූර්ණ ප්රකාශනයක් ලෙස බැබළෙනු ඇතැයි අපි විශ්වාස කරමු. සමානුපාතිකව ගත් කල, අපි පෘථිවියේ වඩාත්ම සිරගත කරන ලද පුද්ගලයින් වෙමු. නමුත් අපි සහජයෙන්ම අපරාධකරුවන් නොවෙමු.
අපගේ දරුවන් පෙර නොවූ විරු ලෙස පවුල් වලින් ඈත් කොට තිබේ. අප සතුව ඔවුන් කෙරෙහි ආදරයක් නොමැති වීම ඊට හේතුව විය නොහැක. අපගේ තරුණ පරපුරේ සැලකිය යුතු පිරිසක් රැදවුම් භාරයේ නිකරුනේ කාලය ගෙවන නමුත් ඔවුන් අපගේ අනාගතය පිලිබඳ බලාපොරොත්තුවයි.අපගේ මේ පවතින අර්බුධයේ මානයන් ඔස්සේ අපගේ ගැටලුවේ ව්‍යුහාත්මක ස්වභාවය පැහැදිලිව පෙන්වා දෙයි. මෙය අපගේ බල රහිත භාවයේ බලවත් පීඩාවයි. අපගේ ජනතාව සවිබලගැන්වීම සහ ඔවුනට අප රටේ නිවැරදි ස්ථානයක් හිමිකරගැනීම සඳහා අපි ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ අපේක්ෂා කරමු. අපගේ ඉරණම පාලනය කිරීම සඳහා බලය පවතින විටදී අපගේ දරුවන් සමෘධිමත් වේ. ඔවුන් ලෝක දෙකක් අතර ගමන් කරන අතර ඔවුන්ගේ සංස්කෘතිය ඔවුන්ගේ රටට ත්‍යාගයක් වනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මුල් ජාතීන්ගේ හඬක් ස්ථාපිත කරන ලෙස අපි ඉල්ලා සිටිමු. අපගේ න්යායපත්රයේ කූටප්‍රාප්තිය "මාකරාටා" වන අතර එයින් හැඟවෙන්නේ අරගලයකින් පසු එකට පැමිණීම යන්නයි. ඕස්ට්‍රේලියානු ජනතාව සමඟ සාධාරණ හා සත්‍යවාදී සම්බන්ධතාවයක් සහ අපගේ දරුවන්ට යුක්තිය සහ ස්වයං නිර්ණය මත පදනම් වූ වඩා හොඳ අනාගතයක් සඳහා වන අපගේ අභිලාශය මෙම න්යායපත්රය සතුය. ආණ්ඩු සහ පළමු ජාතීන් අතර ගිවිසුම් ඇති කර ගැනීමේ ක්‍රියාවලියක් අධීක්ෂණය කිරීම සහ අපගේ ඉතිහාසය පිළිබඳව සත්‍යය පැවසීම සඳහා අපි "මාකරාටා" කොමිසමක් අපේක්ෂා කරමු. 1967 වසරේදී අපව ගණන් කල අතර, 2017 වසරේදී අපට සවන් දෙන පිරිසක් අපි අපේක්ෂා කර සිටිමු. අපි අපගේ ප්‍රධාන කඳවුරෙන් පිටත්ව මෙම විශාල රට හරහා අපගේ දිගු ගමන ආරම්භ කරමු.වඩා හොඳ අනාගතයක් සඳහා ඕස්ට්‍රේලියානු ජනතාවගේ ව්‍යාපාරයක, අප සමඟ ගමන් කරන ලෙස අපි ඔබට ආරාධනා කරමු.
වැඩි විස්තර සඳහා www.ulurustatement.org වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් ilc@unsw.edu.au විද්‍යුත් තැපල් ලිපිනය ඔස්සේ Indigenous Law Centre, UNSW සමග සම්බන්ධ වන්න.
ජාතික සංවාදයක් පවත්වාගෙන යාම අරමුණු කරගනිමින්, සංස්කෘතිකමය සහ භාෂාමය වශයෙන් විවිධ ප්‍රජාවන් සඳහා භාෂා 63 ඔස්සේ Uluru Statement from the Heart ප්‍රකාශය ලබා දීමට SBS ආයතනය කටයුතු කොට තිබේ.