Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට බලපාන ANZSCO රැකියා ලැයිස්තුවට අලුතින් රැකියා 6 ක්

Six new occupations added to the Australian and New Zealand Standard Classification of Occupations
Six new occupations added to the Australian and New Zealand Standard Classification of Occupations Source: Getty / Getty Images

ඉදිකිරීම් ආශ්‍රිත trades වෘත්තීන් සහ තෝරාගත් ඔස්ට්‍රේලියාවේ නැගී එන වෘත්තීන් 6 ක් මෙම යාවත්කාලීන කිරීම සමග ANZSCO රැකියා ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.


Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


ඉදිකිරීම් ආශ්‍රිත trades වෘත්තීන් සහ තෝරාගත් ඔස්ට්‍රේලියාවේ නැගී එන වෘත්තීන් 6 ක් මෙම යාවත්කාලීන කිරීම සමග ANZSCO රැකියා ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.


ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් Australian and New Zealand Standard Classification of Occupations හෙවත් ANZSCO රැකියා ලැයිස්තුව යාවත්කාලීන කර තිබේ.

මේ පිළිබඳව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිල වශයෙන් නිවේදනය කර ඇත.

ANZSCO රැකියා ලැයිස්තුවට නව රැකියා 6 ක් එකතු කරයි

ඉදිකිරීම් ආශ්‍රිත trades වෘත්තීන් සහ තෝරාගත් ඔස්ට්‍රේලියාවේ නැගී එන වෘත්තීන් 6 ක් මෙම යාවත්කාලීන කිරීම සමග ANZSCO රැකියා ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඒ අනුව මෙතෙක් රැකියා සහ වෘත්තීන් 1,070 ක්ව තිබූ ANZSCO රැකියා ලැයිස්තුව මෙම තීරණයත් සමග 1,076 ක් වනු ඇත.

නැගී එන වෘත්තීන් 4 ක්

පහත සඳහන් වෘත්තීන් 4 නැගී එන වෘත්තීන් ලෙස ANZSCO රැකියා ලැයිස්තුවට අලුතින් එක් කර තිබේ.

  1. Data analyst
  2. Data scientist
  3. Supply chain analyst
  4. Regulatory affairs manager

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play 

වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඉදිකිරීම් ආශ්‍රිත රැකියා 2 ක්

එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පහත සඳහන් රැකියා 2 ද ANZSCO රැකියා ලැයිස්තුවට අලුතින් එක් කර තිබේ.

  1. Fire protection plumber
  2. Furniture maker

මහජන උපදේශනවල ප්‍රතිඵලයක්

මෙම යාවත්කාලීන කිරීම් කිරීමට පෙර ඒ සඳහා මහජන උපදේශන වට දෙකක් පවත්වා ඇති බවත් ඒවායේදී ලැබුණු ප්‍රතිචාර සහ අදහස් අනුව මෙම සංශෝධන සිදුකළ බවත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

මෙම ANZSCO රැකියා වර්ගීකරණයට තවදුරටත් වෙනස්කම් අවශ්‍ය විය හැකි ස්ථාන හඳුනා ගැනීමට ANZSCO පිළිබඳ පුළුල් සමාලෝචනයක් දැන් ආරම්භ කර ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සංඛ්‍යාන යටිතල පහසුකම් අධ්‍යක්ෂ Chris Hinchcliffe පැවසුවේය.

මේ සම්බන්ධ මහජන උපදේශන වටයන් 2023 සහ 2024 පුරා පවත්වනු ලබන අතර සෑම වටයක්ම අවධානය යොමු කරන ක්ෂේත්‍රය අනුව ඛාණ්ඩගත කරන ලද තෝරාගත් වෘත්තීන් ඉලක්ක කර ගනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

 

ANZSCO රැකියා ලැයිස්තුව යනු කුමක්ද?

ANZSCO විසින් ඒ ඒ රැකියා වල නිපුණතා මට්ටම, සුදුසුකම් සහ ඒ ඒ රැකියා වල සේවය කිරීමට අවශ්‍ය පළපුරුද්ද පිළිබඳ තොරතුරු සපයයි.

මෙහි එක් එක් රැකියාව සඳහා වෙන් වෙන්වූ ANZSCO කේතයක් ඇත.

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ නිපුණතා ශ්‍රම හිඟය පියවාගැනීම සඳහා මෙන්ම ස්ථිර පදිංචිය පිරි නැමීම සඳහා අදාළ වන මධ්‍යම රජයේ හා ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයේ සියලු සංක්‍රමණ වැඩසටහන් සඳහා මූලික පදනම සපයන්නේ මෙම ANZSCO රැකියා ලැයිස්තුව විසිනි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now