ගෝලීයව පිළිගත් ජයග්‍රහණ ඇති අයට, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචියට නව මාවතක්

SA visa pathway - SBS Sinhala.jpg

Adelaide city centre bustling with people / Australian flag / approved stamp Credit: Getty / Getty Images/James O'Neil / OpenClipart-Vectors - Pixabay / Mustafa shehadeh - Pixabay

පර්යේෂණ, ව්‍යවසායක, ආයෝජන සහ නිර්මාණශීලී වෘත්තිකයින් සඳහා දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය National Innovation Visa වැඩසටහන මේ වනවිට විවෘත කොට තිබෙනවා. මේ ඔස්සේ කලා, ශාස්ත්‍රීය, පර්යේෂණ සහ ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගෙන තිබෙන පිරිසට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අයදුම් කළ හැකියි. ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.


දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආර්ථිකයට සහ ප්‍රාන්තයේ සෞභාග්‍යයට දායකත්වය දක්වමින් නවෝත්පාදනයට උර දෙන පුද්ගලයන් National Innovation Visa කාණ්ඩය සඳහා සුදුසුකම් ලබනවා.

මේ සඳහා,

  • ගෝලීයමය වශයෙන් පිළිගත් පර්යේෂකයන්
  • ව්‍යවසායකයන්
  • නව නිර්මාණවලට යොමු වූ ආයෝජකයන්
  • නිර්මාණකරුවන් සහ ක්‍රීඩකයන් වැනි අන්තර්ජාතිකව දස්කම් දක්වන්නන් සුදුසුකම් ලබන බව දකුණු ඕස්ට්‍රේලියානු රජය පවසනවා.

ලෝකයේ වාසයට සුදුසු නගරවලින් එකක ජීවත් වීම, ව්‍යාපාර කටයුතුවල නියැලීම, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මගින් 858 වීසා උප පන්තිය යටතේ ස්ථිර පදිංචිය සඳහා අවස්ථාව ලැබීම, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වීසා සැකසුම් කාලයේ ප්‍රමුඛතාව හිමි වීම, ඉහළ පෙළේ පර්යේෂණ සහ සංවර්ධන පහසුකම්වලට ප්‍රවේශය හිමි වීම යනාදිය National Innovation Visa උප පන්තියේ දකුණු ඕස්ට්‍රේලියානු state nomination ලබා ගැනීමෙන් හිමි වනවා.

දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය විවෘත කොට ඇති මෙම National Innovation Visa සඳහා Registrations of Interest (ROI) අයදුම් කිරීමට නම් ඔබ, වලංගු වීසා බලපත්‍රයක් සහිතව දකුණු ඕස්ට්‍රේලියාවේ සිටීම අනිවාර්ය වනවා.

එමෙන්ම වයස් සීමාවක් නොමැති වුවත්, වයස අවුරුදු 18ට අඩු සහ අවුරුදු 55ට වැඩි අයදුම්කරුවන් විසින් ඕස්ට්‍රේලියානු ජන සමාජයට අතිවිශේෂ වටිනාකමක් එක් කරන්නෙකු විය යුතු වනවා. මීට අමතරව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් National Innovation Visa උප පන්තිය සඳහා අනිවාර්ය කර ඇති නිර්ණායක සපුරා තිබීම අනිවාර්ය වනවා. මේ නිර්ණායක අතරට නම් කරන්නෙකු හෙවත් nominator කෙනෙකු සිටීම ද ඇතුළත් වනවා.

Registrations of Interest (ROI) අයදුම්පතක් යොමු කිරීමට පෙර migration.sa.gov.au වෙබ් අඩවියේ සඳහන් කර ඇති කොන්දේසි නිසි ලෙස කියවා තිබීම අනිවාර්ය වනවා. සියලු ලිපි ලේඛන ඉංග්‍රීසි භාෂාවෙන් තිබීමත් සිංහල භාෂාවෙන් ඇති ලේඛන දිවුරුම්ලත් භාෂා පරිවර්තකයෙකුගෙන් පරිවර්තනය කිරීමත් සිදු කළ යුතු වනවා.

අවශ්‍ය ලිපි පමණක් upload කිරීම සිදු කළ යුතු වන අතර අනවශ්‍ය ලේඛන නිසා සැකසුම් කාලය ප්‍රමාද විය හැකි බවත් මෙහි දී මතක තබා ගත යුතුයි. ඉතා වැදගත් කරුණක් නම් Registrations of Interest (ROI) අයදුම්පතත් සමඟ අනෙකුත් අවශ්‍ය ලේඛන ද සපයා දීමයි. මෙම National Innovation Visa අයදුම් කිරීමෙන් පසුව ලබා දෙන ලේඛන පිළිගැනීම සිදු නොකරන බව දකුණු ඕස්ට්‍රේලියානු රජය සඳහන් කරනවා.

පෞද්ගලික විස්තර, අධ්‍යාපනික සුදුසුකම්, රැකියා විස්තර, සංක්‍රමණ නියෝජිතයෙකු හෝ නීතිඥයෙකු සිටී නම් එවැන්නන්ගේ විස්තර, දකුණු ඕස්ට්‍රේලියානු රාජ්‍ය ආයතනයක ලිපියක් තිබේ නම් එවැන්නක්, ඕස්ට්‍රේලියාවේ පදිංචිය පෙන්වන ලේඛන යන දේ අයදුම්පත් යොමු කිරීමට පෙර ඔබ සතුව සූදානමින් තිබීම අනිවාර්ය වනවා.

මෙම ලිපිය සම්පාදනය කිරීම migration.sa.gov.au වෙබ් අඩවියේ සඳහන් විස්තර අනුව සිදු කළ අතර මේ වීසා කාණ්ඩය පිළිබඳ වැඩිදුර කියවීම් සඳහා එම වෙබ් අඩවියට පිවිසෙන්න.

—————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ගෝලීයව පිළිගත් ජයග්‍රහණ ඇති අයට, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචියට නව මාවතක් | SBS Sinhala