ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම පිළිබඳව චමරි අතපත්තු ඉතා සතුටකින් පසුවන අතර ඇය පවසන්නේ ඔස්ට්‍රේලියාව නිවසින් බැහැර නිවසක් ලෙස හැඟෙන බවයි.
පසුගිය තරඟ වාර දෙකේදීම ඇයව උණුසුම් ලෙස පිළිගත් සහ ඇයට දැඩි ලෙස සහයෝගය දැක්වූ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව එයට හේතු වී තිබේ.
කාන්තා Big Bash League තරඟාවලියේදී Sydney Thunder කණ්ඩායම සමග තම කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමටත් එය හේතුවක්ව තිබේ.
චමරි පවසන්නේ නැගී එන කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට ලැබීම ගැන සතුටු වන අතර Sydney Thunder කණ්ඩායම සමග සිඩ්නිවල ගත කරන කාලය සතුටින් ගත කරන බවයි.
චමරිට සහය දක්වන ඕස්ට්‍රේලියාවේ සිටින ලංකික ප්‍රජාව මෙවරත් ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් සඳහා නම් කරන ලද පළමු ප්‍රේක්ෂකාගාරය වන Chamari Bay හි සිට ඇයට සහය දක්වයි.

මේ පිළිබඳව චමරි කියා සිටින්නේ එය තමාට පමණක් නොව තම කණ්ඩායමටම විශාල ශක්තියක් වන බවයි.
Sydney Thunder කණ්ඩායම මෑත වසරවල ක්‍රිකට් තේමා කරගත් ප්‍රජා උත්සව කිහිපයක් පවත්වමින් බටහිර සිඩ්නි හි බහු සංස්කෘතික ප්‍රජාව වෙත සම්බන්ධ වීම දැකිය හැකි විය.
Sydney Thunder කණ්ඩායමේ පුහුණුකාරිනී Lisa Keightly පවසන්නේ චමරි වැනි ක්‍රීඩිකාවන් දිගු කාලීන ගිවිසුම් අත්සන් කිරීම හේතුවෙන් සමාජයේ බහු සංස්කෘතික රසික පිරිස ඉහල යාමට එක් හේතුවක් වන බවයි.
එමෙන්ම චමරි විශිෂ්ට ක්‍රීඩිකාවක් වන බවත් Lisa පවසයි.
පසුගිය වාරයේදී චමරි අත්පත්තු WBBL හි "තරඟාවලියේ ක්‍රීඩිකාව" සම්මානය දිනාගත් අතර, ඇයගේ සංඛ්‍යාලේඛන මෙම වාරයේ එතරම් ආකර්ෂණීය නොවූවත්, Lisa පවසන්නේ ඇය වෙනත් වැදගත් ආකාරවලින් කණ්ඩායමට දායක වන බවයි.
චමරිගේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය ඇයට මහත් ආඩම්බරයක් ගෙන දෙන දෙයක් වේ.
එමෙන්ම ඉන්දියාවට එරෙහිව පැවති අවසන් මහා තරගයකදී එය ජය ගැනීම සඳහා චමරි අගනා ලකුණු 61ක ලබාගැනීමත් ඇයව දිරිමත් කර තිබේ.
ඇයගේ දක්‍ෂතා වෙනුවෙන් ඇය තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීම සිදු විය.

මේ වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T20 ලෝක කුසලානය ජයග්‍රහණය නොකලත් ඇය එහිදීත් දක්ෂතා රැසක් දැක්වීම දැකිය හැකියි.
චමරි කියා සිටින්නේ එංගලන්තයට එරෙහිව සහ දකුණු අප්‍රිකාවට එරෙහිව හොඳ ක්‍රිකට් තරඟ කිහිපයක් ක්‍රීඩා කර තිබෙන අතර මේ හේතුවෙන් ඊළඟ වාරයේදීත් හොඳින් දස්කම් දැක්වීමට බලාපොරොත්තු වන බවයි.
1996 දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එක්දින ලෝක කුසලානය දිනන විට චමරිගේ වයස අවුරුදු හයක් විය.
එය ක්‍රිකට් ක්‍රීඩාව අතින් අවම වශයෙන් රට ලෝක තලයේ ස්ථිරව තබාගත් ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකියි.
එමෙන්ම ඇයගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ඇල්ම සහ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇති ආශාවට හේතු වූයේද එම ජයග්‍රහණයයි.
කාන්තා කණ්ඩායම සමඟින් තම රටට තවත් ලෝක කුසලානයක් දිනාදීම විශේෂ අවස්ථාවක් වනු ඇතැයි ඇය පවසයි.
කාන්තා එක්දින ලෝක කුසලානය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වේ.
නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී කුමක් සිදු වුවද, ඕස්ට්‍රේලියාවේ සිටින ඇගේ රසිකයින්ට අවම වශයෙන් තවත් WBBL තරඟ වාර දෙකක් සඳහා ඇය ක්‍රීඩා කරනු දැකිය හැකි වේ.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************





