Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වාර්තා පොත් අලුත් කරමින් 2025 සිඩ්නි මැරතන් ධාවන තරඟය අවසන් වෙයි

2025 Sydney Marathon

SYDNEY, AUSTRALIA - AUGUST 31: Competitors run across the Sydney Harbour Bridge during the 2025 Sydney Marathon on August 31, 2025 in Sydney, Australia. Credit: Cameron Spencer/Getty Images

සිඩ්නි මැරතන් ධාවන තරඟය ඊයේ (අගෝස්තු 31) පැවැත්වුණා. ලෝක මැරතන් ඉසව්වක් වන World Marathon Majors තරඟාවලියේ කොටසක් ලෙස එය පැවැත්වුණේ පළමු වරටයි. මේ කෙටි විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


සිඩ්නි මැරතන් ධාවන තරඟය ඊයේ (අගෝස්තු 31) පැවැත්වුණා. ලෝක මැරතන් ඉසව්වක් වන World Marathon Majors තරඟාවලියේ කොටසක් ලෙස එය පැවැත්වුණේ පළමු වරටයි. මේ කෙටි විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.


නෙදර්ලන්ත ජාතික සිෆාන් හසන් 2:18:22ක වාර්තාගත කාලයක් සනිටුහන් කරමින් කාන්තා අංශයේ ජයග්‍රහණය හිමි කර ගත්තා. පිරිමි අංශයේ ජයග්‍රහණය ඉතියෝපියාවේ හයිලීමාර්යම් කීරියෝස් හිමි කර ගත්තේ ඕස්ට්‍රේලියාවේ මෙතෙක් වාර්තා වූ වේගවත්ම මැරතන් ධාවකයා ලෙසයි. ඒ සඳහා ඔහු ගත කළ කාලය 2:6:6ක් වනවා. ඔහු සෙසු ඉතියෝපියානු ධාවකයෙකු වන අඩිසු ගොබේනා තත්පර 10කින් පරාජය කළ අතර, ලෙසෝතෝවේ ටෙබෙලෝ රාමකොන්ගොආනා 3වන ස්ථානයට පත් වුණා.

කෙන්යානු මැරතන් ඉතිහාසයේ විශිෂ්ටයෙකු ලෙස සැලකෙන එලියඩ් කිප්චෝගේට සිඩ්නි මැරතන් තරඟයේ දී මුල් ස්ථාන අතරට ඒමට නොහැකි වුණා. පසුගිය වසරේ ජයග්‍රාහකයා වූ බ්‍රිමින් කිප්කොරිර් තරඟ අත්හිටුවිමකට ලක් වී සිටින නිසා මෙවර තරඟයට එක් වුණේ නැහැ.

සිෆාන් හසන් විසින් පෙර පැවති කාන්තා ධාවන වාර්තාව වූ 2:21:40 වාර්තාව මිනිත්තු 3කට වැඩි කාලයකින් බිඳ දැමුවා. ඇය කෙන්යාවේ බ්‍රිජිඩ් කොස්ගෙයිට වඩා තත්පර 34කින් තරඟය ජයග්‍රහණය කළ අතර, ඉතියෝපියාවේ වර්කෙනේෂ් එඩේසා 2:22:05කින් 3වන ස්ථානයට පත් වුණා.

මෙම ජයග්‍රහණය 32 හැවිරිදි සිෆාන්ගේ තෙවන ප්‍රධාන මැරතන් ජයග්‍රහණයයි.

එළඹෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය මග හැර සිෆාන් සිඩ්නි මැරතන් ධාවන තරඟය තෝරා ගෙන තිබුණා.

මේ ඕස්ට්‍රේලියාවේ පළමු ප්‍රධාන මැරතන් තරඟයයි, එය ජයග්‍රහණය කළ පළමු පුද්ගලයා මමයි, ඒ නිසා එය මට සුවිසල් මොහොතක්

සිෆාන් සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වුයේ ඒ ලෙසින්.

ඔලිම්පික් පදක්කම්ලාභී මැරතන් ශූර හතළිස් වියැති Kipchoge, 2:8:31ක කාලයක් වාර්තා කරමින් තරඟයේ 9වන ස්ථානය ලබා ගත්තා

මේ වසරේ ධාවකයන් ගණන 35000යි. එළැඹෙන වසරේ දී අපි මේ ගණන 55000ට වඩා ගණනකට අරගෙන එමු

කිප්චෝගේ කියා සිටියා.

කැන්බරාහි ලියෑන් පොම්පේනි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් අතර පෙරමුණ ගත් අතර, 2:24:47කින් තරඟය අවසන් කර සමස්ත කාන්තා අංශයේ 7වන ස්ථානය ලබා ගත්තා. ඔලිම්පික් ක්‍රීඩිකාවන් වන ජෙස් ස්ටෙන්සන් සහ ලීසා වයිට්මන් පිළිවෙලින් 8වෙනි සහ 9වෙනි ස්ථාන දිනා ගත්තා.

මෙල්බර්න්හි හෆ්ටු ස්ට්‍රින්ට්සෝස් වේගවත්ම ඕස්ට්‍රේලියානුවා වූයේ 2:11:27කින් තරඟය අවසන් කර පිරිමි ධාවන අංශයේ 14වන ස්ථානය හිමි කරගැනීමෙන් පසුවයි.

තෝමස් ඩෝ කැන්ටෝ 16වන ස්ථානයට පත්වූ අතර, හිටපු ජාතික වාර්තාව ඉසිළූ බ්‍රෙට් රොබින්සන් 2:15:00ක කාලයක් වාර්තා කරමින් 17වන ස්ථානය ලබා ගත්තා.

ස්විස් ජාතික ධාවක මාර්සෙල් හග් පැය 1:27:15 කින් තරඟය නිම කරමින් පිරිමි රෝද පුටු මැරතන් තරඟ වාර්තාව බිඳ දැමුවා. ඔහු බිඳ දැමුවේ 2011දී ඕස්ට්‍රේලියානු මැරතන් විශිෂ්ටයෙකු වන කර්ට් ෆියර්න්ලි විසින් පිහිටුවන ලද 1:38:38ක පැරණි වාර්තාවයි. හග් පසුගිය වසරේ පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී ටොමෝකි සුසුකිට වඩා මිනිත්තු හයකට වඩා ඉදිරියෙන් තරඟය නිම කරමින් ජයග්‍රහණය කළා.

සය වතාවක් පැරාලිම්පික් පදක්කම හිමි කරගත් ඇමරිකාවේ සුසානා ස්කැරෝනි, කාන්තා රෝද පුටු තරගය 1:45:52කින් ජයග්‍රහණය කළාය. ඇය පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු මැඩිසන් ඩි රොසාරියෝ විසින් පිහිටුවන ලද 1:54:10ක වාර්තාව බිඳ දැමුවා. 2023 සහ 2024 දී සිඩ්නි මැරතන් රෝද පුටු තරගය ජයග්‍රහණය කළ ඩි රොසාරියෝ, මේ වසරේ තරඟ කළේ නැහැ.

Source: SBS News

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now