Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාව තුල පෙබරවාරි මාසයේ පොලී අනුපාත කප්පාදුවක් සිදුකිරීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක මෙන්න

2024-12-13_19-32-57.png

Unexpected drop in unemployment lowers RBA rate cut expectations. Source: AAP / James Ross

ඕස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින ඉහල පොලී අනුපාත කප්පාදුව ආරම්භ වන දිනයක් ගැන බොහෝ දෙනා අවධානයෙන් සිටිනවා. එළඹෙන පෙබරවාරි මාසයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුවට හැකියාව ඇති බවට මත ඵල උවත් මේ වන විට නිකුත් වී ඇති දත්ත හේතුවෙන් ඒ පිළිබඳව නැවත සැක මතුවී තිබෙනවා.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින ඉහල පොලී අනුපාත කප්පාදුව ආරම්භ වන දිනයක් ගැන බොහෝ දෙනා අවධානයෙන් සිටිනවා. එළඹෙන පෙබරවාරි මාසයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුවට හැකියාව ඇති බවට මත ඵල උවත් මේ වන විට නිකුත් වී ඇති දත්ත හේතුවෙන් ඒ පිළිබඳව නැවත සැක මතුවී තිබෙනවා.


දෙසැම්බර් මාසයේ නිකුත්වූ ඕස්ට්‍රේලියානු විරැකියා අනුපාත දත්ත හේතුවෙන් පෙබරවාරි මාසයේ පොලී අනුපාත කප්පාදුවක් පිලිබඳව යම් සැක මතුවී තිබෙනවා. මෙහිදී විරැකියා අනුපාතය ඉහල යනු ඇති බවට ඕස්ට්‍රේලියානු මහා බැංකුව අනුමාන කලද එය බලාපොරොත්තු වූවාට වඩා අඩු අගයක් ගෙන තිබෙනවා. මේ අනුව විරැකියා අනුපාතය 3.9% තෙක් අඩු වී තිබෙනවා.

විරැකියා අනුපාතය අඩුවීම සුභවාදී ලකුණක් සේ පෙනුනත් පොලී අනුපාත අඩු කිරීමේ තීරණය ගැනීමේදී මෙය ඕස්ට්‍රේලියානු මහබැංකුව ව්‍යාකූල තත්වයකට පත් කෙරෙන සාධකයක් වනවා. ඕස්ට්‍රේලියාවේ පවතින ඉහල උද්දමන තත්වය හේතුවෙන් පොලී අනුපාත අඩු කිරීම ප්‍රමාද වන අතර විරැකියා අනුපාතය අඩු උවහොත් ඒ හරහා උද්දමන තත්වය තවදුරටත් ඉහල යාමක් සිදු වනවා.

ප්‍රථම පොලී අනුපාත කප්පාදුව ලබන වසරේ මැයි දක්වා ප්‍රමාද වනු ඇති බවට ANZ, Westpac සහ NAB යන බැංකු වල ආර්ථික විද්‍යාඥයින් දැන් අනාවැකි පල කරනවා. කෙසේ උවත් කොමන්වෙල්ත් බැංකුව (Commonwealth Bank of Australia) පෙබරවාරි මාසයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු වීම පිළිබඳව තවදුරටත් විශ්වාසය පළකරනවා. මෙහිදී ඔවුන් ප්‍රධාන සාධක දෙකක් සලකා බැලීම සිදු කරනවා.

  • දිගුකාලීන උද්දමන අනුපාත අගයේ සාමාන්‍යය : මෙය ජනවාරි 29 වනදා නිකුත් වීමට නියමිත අතර මෙම අගය 0.8 සිට 0.6 දක්වා අඩු වීම සිදු වියයුතු වනවා.
  • රැකියා වෙළඳ පොළ පිලිබඳ දත්ත: විරැකියා අනුපාතය ඉහල යාම සහ රැකියා වෙළඳ පොලේ රැකියා අඩු වීමක් සිදු උවහොත් පොලී අනුපාත කප්පාදුවක් සිදු කිරීමට හැකියාවක් පවතිනවා.

මෙහිදී විරැකියා අනුපාතය පහල මට්ටමක පැවතුනත් වැටුප් වැඩිවීම් සිදු වීම ඉතා සෙමින් සිදුවන බැවින් මෙම තත්වය උද්දමනය ඉහල දැමීමට එතරම් බල නොපානු ඇති බවට කොමන්වෙල්ත් බැංකුවේ ආර්ථික විද්‍යාඥ ගැරත් එයාර්ඩ් පවසනවා. මීට අමතරව රැකියා සඳහා වන දැන්වීම් පලවීම 1.1%කින් පහත වැටී ඇති අතර එක රැකියාවක් සඳහා යොමුකරන අයදුම් පත් සංඛ්‍යාව 3.4% කින් ඉහල ගොස් ඇති බව Seek වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මෙවැනි තත්වයක් යටතේ එළඹෙන වසරේ ජනවාරි 29 වනදා නිකුත්වීමට නියමිත උද්දමනය පිලිබඳ තොරතුරු පිළිබඳව ඕස්ට්‍රේලියානු මහා බැංකුව විශේෂ අවධානයක් යොමු කරනු ඇති. එම තොරතුරැ මත ප්‍රථම පොලී අනුපාත කප්පාදුව පෙබරවාරි මාසයේදී සිදුවන්නේද යන්න පිළිබඳව තීරණය කෙරෙනු ඇති.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now