Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යන ප්‍රාදේශීය ප්‍රදේශ 5ක්

A "For Sale" sign for a home Springfield Lakes in Brisbane's west, Thursday, July 4, 2013. (AAP Image/Dan Peled) NO ARCHIVING

A "For Sale" sign for a home Springfield Lakes in Brisbane's west, Thursday, July 4, 2013. (AAP Image/Dan Peled) Source: AAP

කොවිඩ් වසංගතයේ අවසන් කාල සීමාවෙන් පසුව නිවාස මිළ ඉහළ නොගිය පසුබිමක, ප්‍රාදේශීය ප්‍රදේශයන්හි ජනතාව වාර්තාගත මිළකට නිවාස අළෙවි කරන බව වාර්තා වේ.


Key Points
  • බටහිර ඔස්ට්‍රේලියානු උපනගර තුනක 2024 වසරේ පළමු කාර්තුව තුළ වාර්‍තා වූ ඉහළම නිවාස මිල වැඩිවීම දක්නට ලැබුණා.
  • ප්‍රාදේශීය ප්‍රදේශයන් අප්‍රේල් මාසය වන විට ප්‍රධාන නගර අභිබවා නිවාස මිල ඉහළ යාම වාර්‍තා කළා.
  • බොහොමයක් ප්‍රාදේශීය පෙදෙස් වල කුලී නිවාස මිල ද 2024 වසරේදී ඉහළ යයි.

නවතම දත්ත වලට අනුව බටහිර ඔස්ට්‍රේලියාවේ දේපළ හිමියන්ට ඔවුන්ගේ නිවාස මිල වාර්තාගත ලෙස ඉහළ යාම දකින්නට ලැබේ.

මැයි 27 වන සදුදා දින නිකුත් කළ Corelogic ආයතනයේ නවතම දත්ත වලට අනුව, මෙම වසරේ පළමු කාර්තුව තුළ ප්‍රාදේශීය පෙදෙස් වල නිවාස මිල සහ කුලී නිවාස මිල ප්‍රධාන නගර වලට සාපේක්ෂව ඉතා ඉහළය. නගරාසන්නයේ කුලී නිවාස මිල ඉහල යාමේ ප්‍රතිශතය සියයට 1.7 වන අතර එයට සාපේක්ෂව ප්රදෙශීය ප්‍රදේශයන්හි නිවාස මිල සියයට 2.1 කින් ඉහල ගොස් ඇත.

බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළාසන්න ප්‍රදේශයන්හි නිවාස මිල වැඩිම අගයකින් වර්ධනය වී ඇත. එනම්, 2024 වාසරේ පළමු කාර්තුව තුළ ජෙරල්ඩ්ටන් හි 8.8% කින් ද බසල්ටන් හි 7.7% ලෙසද, බන්බරි හි 6.4% ලෙසද ඉහළ ගොස් ඇත.

 

අප්‍රේල් මස නිකුත් වූ දත්ත මගින් පෙන්නුම් කළේ, මාස 12ක් පුරාවට මධ්‍යස්ථ නිවාස වටිනාකම ඩොලර් 100,000කින් හෝ සියයට 20.7ක් පමණ ඉහළ ගොස් ඇති අතර, වාර්ෂික මිල ඉහළ යාමවලදී ද Bunbury ඉදිරියෙන් සිටින බවයි.

 

RedoOfRegionalMedianHome.png
Credit: SBS News

ප්‍රාදේශීය ප්‍රදේශයන්හි 2022 මැයි සිට 2023 ජනවාරි දක්වා නිවාස මිල වාර්තා ගත ලෙස ඉහළගොස්, 5.9%කින් තරමන් පහළ බැස ඇති බව Corelogic හි ආර්ථික විශේෂඥ කේට්ලින් එසී පවසයි.

ඇය පවසන පරිදි, ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස මිල නැවත පහළ බැසීමට සාපේක්ෂව ප්‍රාදේශීය පෙදෙස් වල මිල පහල බැසීම මන්දගාමය. මේ වනවිට එම මිල පහත වැටීම් වලින් දේපළ හිමියන් ලද පාඩුව නැවත වාර්‍තා ගත ලෙස මිල ඉහළ යාම මගින් ඔවුන් උපයාගත් බවත් ඇය තවදුරටත් කියා සිටියි.

 


නිවාස මිල ඉහළ යාම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්තයේ තතු

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ටවුන්ස්විල්, රොක්හැම්ටන් සහ ග්ලැඩ්ස්ටන් ප්‍රදේශ ද මේ වසර සඳහා ශක්තිමත් ආරම්භයක් ලබා ගත්තා. එම ප්‍රදේශ වල 2024 පළමු මාස තුන තුළ පිළිවෙලින් 5.8%, 5.1% සහ 4.6% ලෙස නිවාස මිල ඉහළයාම වාර්තා විය.

පසුගිය මාස 12 තුළ නිවාස මිල 12.7%න් ඉහළ ගියද නිවාස 17,986ක් අළෙවි කරමින්, ඕස්‍ට්‍රේලියාවේ ප්‍රාදේශීය පෙදෙස් වල Gold Coast හට අයත් නිවාස වඩාත් ජනප්‍රිය බව ඔප්පු වී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිළ ගනන්,

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ දෙකක නිවාස ගෙවිය හැකි මුදලකට අළෙවි වන්නට විය. 2024 පළමු කාර්තුවේදී නිවාස මිල 3.8%න් ඉහළ යාමත් සමග වික්ටෝරියා හි නිවාස මිල ඉහළ ගිය 10 වෙනි උපනගරය ලෙස කාසල්මේන් නම් කළ හැකි ය.

පසුගිය මාස 12 තුළ පෝට්ලන්ඩ් සහ බැලරට් හි නිවාස වල වටිනාකම පිළිවෙළින් 9.8%ත් 4.2%ත් ලෙස පහත බැස ඇත.


 ප්‍රාදේශීය ප්‍රදේශයන්හි කුලී නිවාස මිල ඉහළ යාම පිළිබඳ විස්තර,

ප්‍රාදේශීය පෙදෙස් වලින් නිවාස කුලියට ගැනීමද මිල අධිකය. CoreLogic හි වාර්තා වලට අනුව අග නගර නොවන ප්‍රදේශ 50 න් තුනක පමණක් පසුගිය මාස තුන තුළ කුලී මිළ වැඩිවීමක් වාර්තා වී නොමැත. එම නගර 50න් 37 ක කුලී නිවාස මිළ වාර්තාගත ලෙස ඉහළ මට්ටමක පවතී.

NSW හි දකුණු වෙරළබඩ බේට්ස්මන් බේ ප්‍රදේශයෙන් වැඩිම කුළී නිවාස මිල වැඩිවීම වාර්‍තා විය. ඒ 6%ක අගයක් ලෙසය.

RedoOfRegionalMedianRent.png
Credit: SBS News

දෙවන තුන්වන ස්ථාන ලෙස පිළිවෙලින් බටහිට ඔස්ට්‍රෙලියාවේ බන්බරි 4.7% ක් ලෙසත්, ක්වීන්ස්ලන්තයේ සන්ශයින් කෝස්ට් 4.4% ලෙසත් වාර්‍තා කළේය.

බන්බරිහි කුලී නිවාස මිල පසුගිය වසරේ 16.4%න් ඉතා වේගයෙන් ඉහළ ගියේය.

නව්‍රා බොමැඩරි, මේරිබොරෝහ් සහ සෙන් ජෝර්ජස් බේසින් සැන්චුඅරි පෙදෙස් වලින් පමණක් කුළී නිවාස මිල වැඩිවීමක් වාර්තා නොවීය.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now