ඔස්ට්‍රේලියානුවන් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීම ඉහළ නැංවීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර පහකින් යුත් සැලැස්මක් නිකුත් කර තිබේ.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Jason Clare විසින් Australian Universities Accord අතුරු වාර්තාව නිකුත් කරමින් මේ බව පවසන ලදී.
Australian Universities Accord අතුරු වාර්තාව
ඉදිරි වසරවලදී වැඩි වැඩියෙන් රැකියා සඳහා විශ්ව විද්‍යාල සුදුසුකම් අවශ්‍ය වන බව Australian Universities Accord අතුරු වාර්තාවේ සඳහන් වේ.
වත්මන් ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් 36%කට විශ්වවිද්‍යාල උපාධියක් තිබෙන අතර, මෙම සියවසේ මැද භාගය වන විට මෙය 55% දක්වා ඉහළ යා හැකි බව එම වාර්තාව ඇස්තමේන්තු කරයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔස්ට්‍රේලියානුවන් වැඩි දෙනෙකුට විශ්ව විද්‍යාල සුදුසුකම් අවශ්‍ය වන බව එයින් කියවේ.
මේ අතර එම ඔස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකු ප්‍රධාන නගරවල සහ ප්‍රාදේශීය කලාපවලින් එපිට පිහිටි තදාසන්න ප්‍රදේශවලින් පැමිණිය යුතු බව මෙම අතුරු වාර්තාව පවසයි.
ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනයේ මෙහෙවර ඉටු කිරීමට නිර්භීත, දිගුකාලීන වෙනසක් අවශ්‍ය බව ද මෙම වාර්තාව ප්‍රකාශ කරයි.
මෙම වාර්තාව සම්පාදනය කළ මණ්ඩලයේ අවසන් වාර්තාවට පෙර මෙම අතුරු වාර්තාවෙන් හඳුනාගෙන ඇති පියවර ගැනීම පිණිස ක්ෂණික ක්‍රියාමාර්ග පහක් ගැනීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියානුවන්ව වැඩි වශයෙන් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම සඳහා මධ්‍යම රජයේ නව සැලැස්ම
ඔස්ට්‍රේලියානුවන් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීම ඉහළ නැංවීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ක්‍රියාත්මක කිරීමට යන පියවර පහේ සැලැස්ම පහත පරිදි වේ.
- ප්‍රාදේශීය ප්‍රදේශවල අතිරේක විශ්වවිද්‍යාල අධ්‍යයන මධ්‍යස්ථාන 20ක් පිහිටුවීම, දැනට ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය විශ්වවිද්‍යාලවල අධ්‍යයන මධ්‍යස්ථාන 34ක් ගොඩනැගීම සහ උප නාගරික විශ්වවිද්‍යාල අධ්‍යයන මධ්‍යස්ථාන 14ක් දක්වා ස්ථාපිත කිරීම.
- දුප්පත් පසුබිම්වල සහ ප්‍රාදේශීය කලාපවල සිසුන්ට අසමාන ලෙස සෘණාත්මක බලපෑමක් ඇති කර ඇති Job-ready උපාධිධාරී වැඩසටහනේ කොටසක් ලෙස හඳුන්වා දී ඇති 50% සාමාර්ථ රීතිය අහෝසි කිරීම සහ ශිෂ්‍ය ප්‍රගතිය පිළිබඳ වැඩියෙන් වාර්තා කිරීමේ අවශ්‍යතාවක් පැනවීම.
- තමන් අයදුම් කරන පාඨමාලාව සඳහා සුදුසුකම් ඇති සියලුම ස්වදේශික ඔස්ට්‍රේලියානු සිසුන් සඳහා ඉල්ලුම මත පදනම් වූ අරමුදල් ලබා දීම. දැනට මෙය අදාළ වන්නේ ප්‍රාදේශීය කලාපවල සහ දුරස්ථ ප්‍රදේශවල සිටින ස්වදේශික ඔස්ට්‍රේලියානු සිසුන්ට පමණි.
- උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සඳහා එම කාලය තවත් වසර දෙකකින් දීර්ග කිරීම පිණිස ගිවිසුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වන විට විශ්වවිද්‍යාලවලට අරමුදල් පිළිබඳ නිශ්චිතභාවයක් ලබා දීම. මෙහි කොටසක් ලෙස, දුප්පත් පසුබිම්වලින්, ප්‍රාදේශීය කලාපවලින් සහ අනෙකුත් සුළු නියෝජිත කණ්ඩායම්වලින් පැමිණෙන සිසුන් සඳහා අමතර අධ්‍යයන සහ ඉගෙනුම් සහාය පිණිස සෑම වසරකම විශ්ව විද්‍යාල විසින් ඔවුන්ගේ ප්‍රදානයෙන් ඉතිරි වන අරමුදල් ආයෝජනය කිරීමට අවශ්‍ය වේ.
- විශ්ව විද්‍යාල පාලනය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සමඟ කටයුතු කිරීම. විශ්ව විද්‍යාල කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති වැඩි පිරිසක් සිටින විශ්වවිද්‍යාල පාලන ආයතන මෙයට ඇතුළත් වන අතර සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීම සහ විශ්ව විද්‍යාල හොඳ සේවා යෝජකයින් බවට වග බලා ගැනීම එහිදී අරමුණු කෙරේ.






