Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

විනාඩි 4 න් ඔස්ට්‍රේලියානු නත්තල් මේසයේ ප්‍රධානතම අතුරුපසක් හදන හැටි දැනගන්න: Trifle

The Iconic Australian Christmas foods: Trifle

ඔස්ට්‍රේලියානු නත්තල් මේසයේ නැතුවම බැරි ආහාර යටතේ ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම අතුරුපසක් වන Trifle මෙවර නත්තල සඳහා සාදාගන්නා අයුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලියේ නත්තල් විශේෂාංගයට සවන් දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියානු නත්තල් මේසයේ නැතුවම බැරි ආහාර යටතේ ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම අතුරුපසක් වන Trifle මෙවර නත්තල සඳහා සාදාගන්නා අයුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලියේ නත්තල් විශේෂාංගයට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර වෘත්තීය සූපවේදිනියක් වන ශානිකා දිසානායක මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.....

Trifle සාදා ගැනීමේදී සැලකිලිමත් කරුණු

Trifle අතුරුපස ඔස්ට්‍රේලියාවට ඇවිත් තියෙන්නේ එංගලන්තයේ සිටයි.

විශාල වීදුරු Bowl එකකට තට්ටු (layers) ආකාරයෙන් හදන අතුරුපසක් තමයි Trifle කියන්නේ.

මේකේ අඩියටම දාන්නේ Sponge Biscuit එකක් හෝ Soft Cake එකක්.

බොහෝ වෙලාවට sweet sherry wine, Fortified wine හෝ Brandy වැනි ඇල්කොහොල් වර්ගයක් අපි මේකට භාවිතා කරනවා.

කුඩා ළමුන්ටත් Trifle පිළිගන්වන නිසා මෑත කාලයේදී මේ සඳහා ඇල්කොහොල් භාවිතය බොහෝ සෙයින් අඩු කර තිබෙනවා.

ඒ වෙනුවට දැන් ජෙලි Trifle වලට භාවිතා කිරීම බොහෝ වෙලාවට සිද්ධ වෙනවා.

කොහොමවුණත් අඩියටම දාන Sponge Biscuit එක හෝ Soft Cake එක කෝපිවල හෝ චොක්ලට් දියරයක පොඟවලා ඇතැම් අය දානවා.

ඊට අමතරව Custard එකක් Whipped Cream සහ නැවුම් පළතුරුත් මෙම Trifle අතුරුපසේ තට්ටු සඳහා යොදාගන්නවා.

Trifle අතුරුපස "මෙන්න මේ විදියට හැදිය යුතුයි" කියලා නීතියක් නැහැ.

එනිසා තමන්ට කැමති විදියට, කැමති වර්ණවලින් කැමති රසවලින් මේක හදාගන්න පුළුවන්.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now