ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින් අව්‍යාජ සහ සංස්කෘතිකමය වශයෙන් වැදගත් අත්දැකීම් සෙවීම හේතුවෙන් මෙරට පළමු ජාතීන්ගේ සංචාරක ව්‍යාපාරය කෙරෙහි ඔවුන්ගේ උනන්දුව ඉහල යන බව Tourism Australia හඳුනාගෙන තිබේ.
Nicole Mitchell කියා සිටින්නේ සංචාරකයින්ට ස්වදේශික ප්‍රජාව සහ රට ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය බවයි.
ඇය First Nations සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් වන Discover Aboriginal Experiences (DAE) හි විධායක නිලධාරිනිය වේ.
ඇය පවසන්නේ 2023 වසරේදී ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන අතරතුර දේශීය සංචාරක අත්දැකීම් සඳහා සහභාගී වූ ජාත්‍යන්තර සංචාරකයින් 969,000 ක් සිටි බවයි.
සතුටුදායක ලෙස 2019 සිට 2023 දක්වා අපගේ දේශීය සංචාරකයින්ගේ 22% ක වැඩිවීමක් තිබෙන බවත් දේශීය සංචාරකයින් මිලියන 1.185ක් මෙම අත්දැකීම ලබන බවත් Nicole පවසයි.
Discover Aboriginal Experiences හි සෑම අත්දැකීම් ලබාදීමක්ම ස්වදේශික හෝ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් විසින් ලබා දෙයි.

ස්වදේශික ප්‍රජාවේ ඉතිහාසය සමීප කිරීම
Kuku Yalanji පුද්ගලයකු වන Juan Walker උතුරු ක්වීන්ස්ලන්තයේ Walkabout Culture Adventures යන ව්‍යාපාරය සිදු කරයි.
Juan පවසන්නේ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්නේ නම්, ස්වදේශික ප්‍රජාවේ පැත්ත ලබා ගැනීමත්, ඔබ ගමන් කරන ගොඩබිම සහ මුහුද පිළිබඳ සැබෑ අවබෝධයක් ඔවුන්ගෙන් ලබා ගැනීමත් වඩාත් සුදුසු බවයි.
Juan, Port Douglas අසල තිබෙන වසර මිලියන 135 ක් පැරණි විශ්මයජනක Daintree වැසි වනාන්තරය ගැන ඉගැන්වීමට සංචාරකයින් රැගෙන යයි.
ඔහු විවිධ පරිසර පද්ධති, ඉතිහාසය, සම්ප්‍රදායන් සහ ස්වභාවික සම්පත් පිළිබඳ ඔහුගේ දැනුම බෙදා දෙන අතර දේශීය bush foods හි රස බැලීමට සංචාරකයින් දිරිමත් කරයි.
ඔහු පවසන්නේ සංචාරකයින්ට තම භුමිය හඳුන්වාදීමට මෙම අහාර හොඳ ක්‍රමයක් වන බවයි.
Bush foods හි තිබෙන අද්විතීය රසයන් සහ භාවිතයන් සඳහා පිළිගැනීමක් තිබීම හේතුවෙන් දේශීය ආහාර අත්දැකීම් ඇත්ත වශයෙන්ම සංචාරකයින්ගේ ජනප්‍රිය සංචාර ලැයිස්තුවේ ඉහළින්ම තිබේ.

ස්වදේශික ප්‍රජාවේ භූ දර්ශනයේ කථා
ඕස්ට්‍රේලියාවේ තිබෙන භුමි ප්‍රදේශ ගවේෂණය කිරීමට බොහෝ ක්‍රම තිබේ.
ඔබට බෝට්ටු චාරිකා, දර්ශනීය ගුවන් ගමන් සහ 4WD සෆාරි, කඳවුරු බැඳීමේ සිට සුඛෝපභෝගී නවාතැන් දක්වා නවාතැන් පහසුකම් පවතී.
ඕස්ට්‍රේලියාවේ ජාතික වනෝද්‍යාන වසර 20,000ක් පමණ පැරණි වේ,
ලොව පැරණිතම rock art කලාවත් ඕස්ට්‍රේලියාවේ තිබේ.
ඇතැම් ස්වදේශික මාර්ගෝපදේශකයින් මෙම ඉතිහාසය සමග සංස්කෘතික වැදගත්කම පිළිබඳව දැනුම බෙදා දෙයි.
නොදෙර්න් ටෙරිටරියේ පිහිටි Kakadu ජාතික වනෝද්‍යානය එහි පාරිසරික හා සංස්කෘතික වටිනාකම් සඳහා ලෝක උරුම ලෙස ලැයිස්තුගත කර ඇති අතර rock art සම්බන්ධයෙනුත් ඉහල වැදගත්කමක් දරයි.
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Kimberley ප්‍රදේශය තුල දිය ඇලි, වෙරළ, වනජීවී සහ පිහිනුම් ස්ථාන රැසකට උරුමකම් කියයි. එමෙන්ම rock art සඳහාත් නිවහනක් වේ.
නිරිතදිග නිව් සවුත් වේල්ස් හි ලෝක උරුමයක් ලෙස ලැයිස්තුගතකොට ඇති Mungo ජාතික වනෝද්‍යානය තුළ පුරාවිද්‍යාත්මකව වටිනා භූ දර්ශනය හමුවෙයි.
පුරාණ වියළි ද්‍රෝණියක් වන Mungo විල ලෝකයේ වැදගත්ම පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකකි. මෙහිදී ඔබට ගවේෂණය කිරීමට, camping හෙවත් කඳවුරු බැඳීමට හෝ චාරිකාවකට සම්බන්ධ විය හැක.
සංස්කෘතිකමය වශයෙන් වැදගත් අත්දැකීම්
Nicole පවසන්නේ සංචාරකයින් බොහෝ විට ස්වදේශික ප්‍රජාවේ සංස්කෘතිය හා බැඳුනු දේ අත්දැකීමට ඉතා කැමති බවයි.
මෙහිදී ස්වදේශික ප්‍රජාවේ චිත්‍ර ඉගෙන ගැනීම හෝ ස්වදේශික ප්‍රජාව හා බැඳුනු භුමි වල සංචාරය කිරීම වැනි දේ කල හැක.
ස්වදේශික ප්‍රජාවේ අපූරු මාර්ගෝපදේශ මගින් සෑම හමුවීමකදීම ඔබට සදාකාලික මතකයන් ගොඩනඟයි.

සංචාරක ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබන ප්‍රාදේශීය ප්‍රජා
ස්වදේශික ප්‍රජාව ප්‍රමුඛ සංචාරක ව්‍යාපාරය ප්‍රාදේශීය ප්‍රජා සඳහා ආදායමක් ගෙන දෙනවා පමණක් නොව, සංස්කෘතික තිරසාරත්වයට ද එය සහාය වේ.
Maruku Arts මධ්‍යම ඕස්ට්‍රේලියාවේ දුරස්ථ ප්‍රජා කලාකරුවන් 900 කින් සමන්විත වේ.
ප්‍රදේශවාසීන්ට ඔවුන්ගේ චිත්‍ර අලෙවි කරන අතරතුර, වැඩමුළු සහ සංස්කෘතික චාරිකා සිදු කරයි.
Nicole පවසන්නේ ඔවුන් කාන්තාරය හා සම්බන්ධ පුරාණ ක්‍රම බෙදා ගැනීමත් සිදු කරන බවයි.
ඒවා දේශීය Pitjantjara භාෂාවෙන් පවත්වනු ලැබේ.
මේ හේතුවෙන් ඔවුනට ඔවුනගේ භාෂාව පවත්වාගැනීමටද එය උපකාරී වේ.
Juan පවසන්නේ ඔහුගේ සංස්කෘතික චාරිකා මගින් ස්වදේශික ප්‍රජාවේ ඉතිහාසය සහ ඔහුගේම පවුල් ඉතිහාසය පිළිබඳව සංචාරකයින් දැනුවත් කිරීමට ඉඩ සලසන බවයි.
මේ හේතුවෙන් රැකියාවක් සඳහා වෙනත් ප්‍රදේශයකට යනවාට වඩා තමාට තම පවුලට සමීපව සිටිය හැකි බව ඔහු කියා සිටී.
එමෙන්ම මේ ඔස්සේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිසට භූමිය, මුහුද සහ ජල මාර්ග පිළිබඳව වැඩි ගෞරවයක් ලබා දීමටත් හැකි වන බව ඔහු පවසයි.

නාගරික ස්ථානවල සංස්කෘතිය
දේශීය සංස්කෘතිය පවතින්නේ දුරස්ථ ග්‍රාමීය ස්ථානවල පමණක් බවට සාමාන්‍ය උපකල්පනයක් පවතී, නමුත් අපගේ නාගරික ස්ථානවලද ඔබට වැදගත් ස්වදේශික ප්‍රජාව පිළිබඳව වන කථා හමු වේ.
ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ කතා පවසන්නකු ලෙස, Bundjalung පුද්ගලයකු වන Kyle Ivey, Sydney Harbour Bridge තරණය කිරීම සඳහා අමුත්තන්ට මග පෙන්වයි
ඔහු පවසන්නේ තමන් Sydney පාලම තරණය කරන විට ඇතැම් අවස්ථා වලදී නැවතී සංචාරකයින්ට ස්වදේශික ප්‍රජාවේ ඉතිහාසය හා සම්බන්ධ ස්ථාන පෙන්වන බවයි.
ඔහුගේ මුතුන් මිත්තන් ගොඩබිම ජීවත් වූ ආකාරය සහ යුරෝපීය පදිංචිකරුවන් පැමිණීමත් සමඟ එය වෙනස් වූ ආකාරය ඔහු සංචාරකයින්ට පවසයි.
එය ඔහු පමණක් ලබාගන්නා ජයග්‍රහණයක් නොවන අතර එය ඔස්ට්‍රේලියාව පුරා ජීවත් වන සංස්කෘතික කණ්ඩායම් 500කට වැඩි පිරිසකට ආඩම්බරයක් වේ.
එය තම මතකය නැවුම්ව තබා ගැනීමට සහ තෘප්තිමත් අත්දැකීමක් ලබාගැනීමට බෙහෙවින් උපකාරී වන බව Kyle කියා සිටී.
Melbourne හි ඔබට ස්වදේශික කලා ස්ථාපනයන් නැරඹීම සඳහා Yarra ගඟ දිගේ ඇවිදීමට
Birrarung Wilam සමග සම්බනධ විය හැක.
කාලයත් සමඟ භූමිය වෙනස් වී ඇති ආකාරය සහ ප්‍රාදේශීය Kulin ජනයා එක්රැස් වන ස්ථානයක් ලෙස එහි වැදගත්කම ඔබට මෙහිදී දැනගත හැක.
Yalinguth ඔස්සේත් මෙල්බර්න් හිදී ස්වදේශික ප්‍රජාවේ සංචාරක අත්දැකීම් ලබාදෙයි.
ටස්මේනියාවේදී ඔබට nipaluna/Hobart හි ස්වදේශික ප්‍රජාව මෙහෙයවන සංචාරය අත්විඳිය හැක.
මෙහිදී ඔබට මිනිත්තු 90 ක ඇවිදීමක් සහ ප්‍රදේශයේ palawa ජනයා පිළිබඳව වන කතා දැනගත හැක.

ඕස්ට්‍රේලියානු පළමු ජාතීන්ගේ සංචාරක ව්‍යාපාරය සංහිඳියාව ඇති කිරීම
Nicole පවසන්නේ මෙලෙස ස්වදේශික ප්‍රජාව මෙහෙයවන ලද අත්දැකීම් බෙදාහදාගැනීම තුළින් ස්වදේශික සහ ස්වදේශික නොවන පුද්ගලයින් සංස්කෘතික දැනුම බෙදා ගන්නා බවයි.
එය සංහිඳියාව සඳහා ද ප්‍රබල සහායක් වන බව ඇය කියා සිටී.
ඕස්ට්‍රේලියාවේ විවිධ සංස්කෘතීන් ගැන මිනිසුන් ඉගෙන ගන්නා බවත් මේ ඔස්සේ තම කතාව බෙදාගැනීමට ඔවුන්ව විවෘත කරන බවත් Nicole කියා සිටී.
වැඩි විස්තර සඳහා Discover Aboriginal Experiences වෙත පිවිසෙන්න




