Key Points
- ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව එක් සමජාතීය කණ්ඩායමක් නොවේ
- ස්වදේශික ප්‍රජාවේ ජාතීන් 500ක් පමණ ඇත, ඒ සෑම එකකටම විවිධ සංස්කෘතීන්, භාෂා, ජීවන මාර්ග සහ ඥාතිත්ව ව්‍යුහයන් ඇත.
- ස්වදේශික ජනතාව සමඟ අර්ථවත් සබඳතා ගොඩනගා ගැනීම සඳහා මෙම විවිධත්වය අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.
ඕස්ට්‍රේලියාව තුල ස්වදේශික ප්‍රජාවේ ජනගහනය තුළ ඇති පොහොසත් වූ විවිධත්වය සිත් ඇදගන්නා සුළු අංගයක් වේ.
සියලුම ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් එක් සමජාතීය කණ්ඩායමකට අයත් වේ යන පොදු වැරදි මතය මේ ඔස්සේ ප්‍රතික්ෂේප වීම මේ ඔස්සේ සිදු වේ. එමෙන්ම ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව සංස්කෘතීන්, භාෂා, ජීවන රටා සහ ඥාතිත්ව ව්‍යුහයන් හි අඛණ්ඩත්වයක් නිරූපානය කිරීම සිදු කරයි.
ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව ඔවුන්ගේ අනන්‍යතාවය සහ අයිතිවාසිකම පිළිබඳ හැඟීමට මූලික වන තම භූමිය හෝ රට සමඟ ගැඹුරු සම්බන්ධයක් පවත්වාගෙන යාම සිදු කරයි.
මෙම සම්බන්ධය සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට නම්, පළමු ජාතීන්ගේ ප්‍රජා තුළ පවතින විවිධත්වය පිළිගත යුතු වේ.
Aunty Munya Andrews බටහිර ඕස්ට්‍රේලියාවේ කිම්බර්ලි ප්‍රදේශයේ බාර්ඩි රටෙහි ආදිවාසී වැඩිහිටියෙකු වේ.
ඇය පවසන්නේ, මේ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නම් ඕස්ට්‍රේලියාවේ ස්වදේශික සිතියම පිළිබඳව අවධානයක් යොමු කිරීම හොඳම දෙය වන බවයි.

මෙහි විවිධ ස්වදේශික ජාතීන් 500ක් පමණ සිටින බවත් ඒ එකිනෙකාට අවේනික භාෂා 250ක් පමණ තිබෙන බවත් ඇය කියා සිටී.
එමෙන්ම ඇය මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සියලු දෙන හට ආරාධනා කොට සිටී.
Aunty Munya පෙන්වා දෙන්නේ ඔබ කුමන ජාතියකින් ද යන්න මත පදනම්ව, සංස්කෘතිය, භාෂාව, ජීවන රටාව සහ ඥාති ව්‍යුහයන් සියල්ල වෙනස් වන බවයි.
තමාට ආදිවාසී චිත්‍ර දෙස බැලීමෙන් පමණක් එම චිත්‍ර කුමන ප්‍රදේශයෙන් පැමිණේදැයි කිව හැකි බවත් ඇය කියා සිටී.
ඔබ බාර්ඩි මිනිසුන් දෙස බලන විට ඒවා තරංග නිරූපණය කරන ජ්‍යාමිතික සිතුවම් වන අතර ඒවායෙහි තිත් පින්තාරු කිරීමක් නොමැති බව ඇය පවසයි.
Evolve Communities හි කතුවරියක්, නීතිඥවරියක් සහ සම අධ්‍යක්ෂකවරියක් වන Aunty Munya ස්වදේශික ප්‍රජාව සමඟ කටයුතු කිරීමේදී සහ අර්ථවත් සබඳතා ගොඩනඟා ගැනීමේදී විවිධාකාරයෙන් කටුතු කල යුතු බව අවබෝධ කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි.
ඔවුන් සමග කටයුතු කිරීමේදී ප්‍රාදේශීය සහ දේශීය විවිධත්වය පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වන බවත් ඇය කියා සිටී.
Carla Rogers යනු Aunty Munya සමග සමීපව කටයුතු කරයි.
ඕස්ට්‍රේලියාවේ හවුල් ඉතිහාසය අවබෝධ කර ගැනීම සඳහා විවිධත්වය පිළිබඳ මෙම දැනුම ඉතා වැදගත් බව ඇය පවසයි.
එමෙන්ම ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් යටත් විජිතකරණය වූ විට ස්වදේශික ප්‍රජාවේ තිබෙන විවිධත්වය සම්බන්ධයෙන් දැනුමක් නොමැති වීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව වන බවත් ඇය පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියාව සෑම විටම බහු සංස්කෘතික වේ
Aunty Munya පවසන්නේ බහුසංස්කෘතිකත්වය සම්බන්ධයෙන් ගත් කල ස්වදේශික ප්‍රජාව එහි “විශේෂඥයන්” වන බවයි.
එය අලුත් දෙයක් බව මිනිසුන් සිතන නමුත් ස්වදේශික ජනතාව වසර දහස් ගණනක් තිස්සේ බහු සංස්කෘතිකවාදය සමඟ ගනුදෙනු කර ඇති බව ඇය කියා සිටී.
අප වෙනත් ආදිවාසී කණ්ඩායම් සමඟ අන්තර් ක්‍රියා කිරීමට ඉගෙන ගෙන ඇති බවත් එය වඩා හොඳින් කරන්නේ කෙසේදැයි පෙන්වීමට රජයන් ක්‍රියා කල යුතු බවත් Aunty Munya කියා සිටී.
ආචාර්ය Mariko Smith ජපන් උරුමයක් ඇති "යුයින් කාන්තාවක්" වන අතර ඇය කෞතුකාගාර භාරකරුවෙකු, දෘශ්‍ය සමාජ විද්‍යාඥයෙකු සහ ඉතිහාසඥයෙ9කු වේ.
පළමු ජාතීන්ගේ ප්‍රජාවන් තුළ ආවේනික විවිධත්වය පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ඇය වැඩෙන අතරතුර බොහෝ අභියෝගවලට මුහුණ දුන් බව ඇය පැහැදිලි කරයි.
මෙහිදී ප්‍රධාන වශයෙන් සුදු ප්‍රජාවක් තුළ ආසියාතිකයෙකු ලෙස දැකීම එක් දෙයක් වූ අතර, ඒ සමඟ ඇති වන සියලු වර්ගවාදයන් දැඩි අභියෝගයක් වූ බව Mariko පවසයි.

එමෙන්ම ඇය කියා සිටින්නේ අදටත් බොහෝ ඕස්ට්‍රේලියානුවන්, ස්වදේශික ප්‍රජාව සම්බන්ධයෙන් ගැටලුකාරී අදහස් දරන බවයි.
ස්වදේශික පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව පටු සංජානන ඔවුන් සතු බවත් උදාහරණ ලෙස සමේ වර්ණය සහ ශිෂ්ටාචාර මට්ටම් පිළිබඳ පමණක් අවධානය යොමු කරන බවත් Mariko සඳහන් කරයි.
එමෙන්ම Mariko කියා සිටින්නේ ඕස්ට්‍රේලියාව මෙම විවිධත්වය සැබෑ ලෙසම හඳුනාගෙන වැලඳ ගත යුතු බවයි.
සමාජය තුල ස්වදේශික ප්‍රජාව සම්බන්ධයෙන් බොහෝ වැරදි අවබෝධයක්, නොදනුවත්කමක් පවතින අතර මෙම සීමා සහිත දෘෂ්ටිකෝණ වලින් මිදිය යුතු බව Mariko පෙන්වා දෙයි.
ස්වදේශික නොවන පිරිසට මෙම විවිධත්වය නොතේරෙන විට මිනිසුන්ට වැරදි සිදු විය හැකි බව Carla Rogers පවසයි.
මේ හේතුවෙන් රිදවීම් සිදු විය හැකි බවත් Carla කියා සිටී.

දේශීය විවිධත්වය ගැන අපට වැඩිදුර ඉගෙන ගත හැක්කේ කොතැනින්ද?
මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව සම්බන්ධයෙන් සොයා බැලීම සිදු කරන ලෙසත් ඔබ යන ප්‍රදේශයේ භාෂා ගැන වැඩිදුර ඉගෙන ගන්න ලෙසත් Cara පවසයි.
එය සිදු කිරීමට ඉතා පහසු වන අතර ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ සිතියම අන්තර්ජාලය ඔස්සේ පවා සොයාගත හැකි බව Cara කියා සිටී.
Aunty Munya කියා සිටින්නේ ප්‍රාදේශීය ස්වදේශික ඉඩම් කවුන්සිලය සහ ඔබේ ප්‍රාදේශීය සභාව යන දෙකටම ඔබට ඔවුන් සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් ලබා දිය හැකි බවයි.
එමෙන්ම ස්වයං අධ්‍යාපනය අනිවාර්ය වන බවත් Aunty Munya පවසයි
විශේෂයෙන් ස්වදේශික ජාතීන්ගේ ජනතාව සමඟ සම්බන්ධ වීම සිදු කරන ලෙසත් ඔවුන් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වන ලෙසත් Aunty Munya කියා සිටී.
ඔවුන් එවිට ඔබට ඔබේ නමින් කතා කිරීමට පටන්ගනු ඇති අතර ඔබගේ පළමු ජාතීන්ගේ ජනතාව දැන හඳුනා ගැනීමට සහ මිත්‍රත්වයන් වර්ධනය කර ගැනීමට එම පියවර වැදගත් වන බවත් Aunty Munya වැඩිදුරටත් පවසයි.





