සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සිදු කළහොත් ආර්ථික වර්ධනය උදෙසා දිගුකාලීනව ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සරණාගත ප්‍රජාවට හැකි බව බොහෝ අධ්‍යයන පෙන්නුම් කරනවා. පසුගිය මැතිවරණයේදී දේශපාලනඥයන් විසින් සරණාගත ප්‍රජාව පිළිබඳව පැවසූ දේ සහ මෙම මාතෘකාව පිළිබඳ සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වූ සටහන් ද SBS Examines විසින් ගවේෂණය කළා. ඕස්ට්‍රේලියාවේ සරණාගත ප්‍රජාව ආශ්‍රිත පිරිවැය පිළිබඳ අසත්‍ය තොරතුරු රාශියක් එහි දී හමු වී තිබෙනවා. ඒවා නිසා ජන කණ්ඩායම් තවදුරටත් වෙන් කර සැලකිමකට භාජනය වීමට ඉඩ තිබෙනවා. සරණාගත ප්‍රතිපත්ති පිළිබඳ ඕස්ට්‍රේලියාවේ වියදම සම්බන්ධයෙනුත්, මානව හිමිකම් සහ ආර්ථිකයට ප්‍රමුඛතාව ලබා දෙන ක්‍රියාවලියක් තහවුරු කිරීමට කළ හැකි දේ පිළිබඳවත් අද SBS Examines විශේෂාංගයෙන් කතා කරනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






