Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

One Nation පක්ෂය මෙතරම් ජනප්‍රිය ඇයි?

Untitled design (3).png

Pauline Hanson's One Nation Party is having unprecedented popularity in the polls. Credit: Getty Images

පෝලීන් හැන්සන්ගේ One Nation පක්ෂය පසුගිය අප්‍රේල් මාසෙ තිබුණු මත විමසීම් වලදී පෙර නොවූ විරූ ජනප්‍රියත්වයක් ලබා ගෙන ඇතැයි හෙළි වී තිබුණා. මෙම පක්ෂයේ නැගීමෙන් සමාජ සහජීවනය ගැන අදහස් වෙන්නේ මොකද්ද? SBS විමර්ශන මගින් මෙවර අවධානය යොමු කරන්නේ මේ පිළිබඳව යි.


Published

Updated

By Olivia Di Iorio, Athini Amarasiri

Presented by Athini Amarasiri

Source: SBS




Share this with family and friends


පෝලීන් හැන්සන්ගේ One Nation පක්ෂය පසුගිය අප්‍රේල් මාසෙ තිබුණු මත විමසීම් වලදී පෙර නොවූ විරූ ජනප්‍රියත්වයක් ලබා ගෙන ඇතැයි හෙළි වී තිබුණා. මෙම පක්ෂයේ නැගීමෙන් සමාජ සහජීවනය ගැන අදහස් වෙන්නේ මොකද්ද? SBS විමර්ශන මගින් මෙවර අවධානය යොමු කරන්නේ මේ පිළිබඳව යි.


ආචාර්ය ජෝර්ඩන් මැක්ස්වීනි කියන්නේ කැන්බරා විශ්ව විද්‍යාලයේ සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සාමාජිකයෙක්.

රටේ ජීවන වියදම් පීඩනය , ජාත්‍යන්තර අර්බුද, අපගේ බොන්ඩායි වෙරළ තීරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සහ ලිබරල්-නැෂනල් සන්ධානයේ අක්‍රිය බව ඇතුළු වත්මන් දේශපාලන තත්වයන් One Nation පක්ෂයේ නැගීමට පසු බිම සැකසු බව ඔහු SBS Examine වෙත පැවසුවා.

පසුගිය අප්‍රේල් මාසයේ සිදු කරන ලද පුවත් මත විමසුමකින් හෙළි වූයේ One Nation පක්ෂය දැන් ක්වීන්ස්ලන්තයේ 30% ක් ලෙස ඉහළම ප්‍රාථමික ඡන්ද හිමි පක්ෂය බවට පත්ව ඇති බවයි. ඒ සියයට 27 ක් වන කම්කරු පක්ෂය මෙන්ම සහ සියයට 23 ක් ඇති සන්ධානය අබිබවමින්.

පෙබරවාරි මස මුලදී, The Australian විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික පුවත් මත විමසුමකදී, One Nation පක්ෂයට ප්‍රාථමික ඡන්ද 27% ක් ලැබී තිබුණා. එහිදී කම්කරු පක්ෂයට සියයට 33 ක් ද සන්ධානය සියයට 18 ක්ද හිමිව තිබුණා.

One Nation හි බටහිර ඕස්ට්‍රේලියානු නායක Rod Caddies SBS Examines වෙත පැවසුවේ පක්ෂයේ මෑත කාලීන සාර්ථකත්වය "පරිපූර්ණ කුණාටුවක" ප්‍රතිඵලයක් වන බවයි.

හුරුපුරුදු කතාවක්

පෝලීන් හැන්සන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ 2016 වසරේදී ලින්ඩ්ට් කැෆේ වටලෑමේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවුණ බව ඔබට මතක ඇති. එම සිදු වීමෙන් වසර 18 කට පසු නැවතත් අද එවැනිම තත්වයක් දැකිය හැකි වනවා.

හැන්සන් "එම ආඛ්‍යානයට ඇයව ඇතුළත් කර ගැනීමට එදා ගත් උත්සාහය ඵලදායී වූ බව McSwiney පවසනවා. එමෙන්ම නැවතත් මෙහිදී, ඇය ජාතික ආරක්ෂාව සහ සංක්‍රමණය වැනි දේවල් ගැන කතා කිරීමට බොන්ඩයි කතිකාව උපයෝගී කර ගනිමින් සිටින බවත් ඒවා One Nation හි හිමිකාරිත්වය පිළිබඳ ගැටළු රාශියක් ඇති කරන ප්‍රධාන කාරණා වන බවත් ඔහු පෙන්වා දෙනවා.

One Nation සඳහා ජනතා සහයෝගය මෙතරම් වේගයෙන් ඉහළ යන්නේ ඇයි කියන කාරණය ගැන මෙවර SBS විමර්ශන මගින් අපි අවධානය යොමු කරනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now