Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

2026 දී ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ යන්නේ මෙහෙමයි

Aerial View from waterfront residential area in East Perth.

Aerial View from Harbour and residential area in East Perth, Perth, Western Australia, Australia Credit: delectus/Getty Images

ඕස්ට්‍රේලියාවේ තවත් නගරයක නිවාස මිල ගණන්වල සාමාන්‍ය අගය ඩොලර් මිලියනය ඉක්මවීමට ආසන්න වී තිබෙනවා. එමෙන්ම පහළ වැටීමකට ලක් වී තිබු තවත් නගරයක නිවාස මිල නැවත ඉහළ යමින් පවතිනවා. ඒ පිළිබඳ සහ ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල ගණන් පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.


Published

Updated

By Julia Abbondanza

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ තවත් නගරයක නිවාස මිල ගණන්වල සාමාන්‍ය අගය ඩොලර් මිලියනය ඉක්මවීමට ආසන්න වී තිබෙනවා. එමෙන්ම පහළ වැටීමකට ලක් වී තිබු තවත් නගරයක නිවාස මිල නැවත ඉහළ යමින් පවතිනවා. ඒ පිළිබඳ සහ ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල ගණන් පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.


දේපළ වෙළඳාම් ආයතනයක් වන ඩොමේන්හි නවතම වාර්තාවට අනුව, පර්ත් නගරයේ දේපළ අංශය වර්ධනය වෙමින් පවතින අතර විශාල සන්ධිස්ථානයකට ළඟා වීමට ආසන්න වී සිටිනවා. ලබන වසරේ ජුනි මාසය වන විට පර්ත් නිවසක සාමාන්‍ය මිල ඩොලර් 982,000ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර 2026 අවසන් වන විට එය ඩොලර් මිලියනය ඉක්මවනු ඇති බවට පුරෝකථනය කරනවා. අනාවැකිය නිවැරදි නම්, මිලියනයකට වඩා වැඩි සාමාන්‍ය නිවාස මිලක් සහිත සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, ඇඩිලේඩ් සහ කැන්බරා නගර සමඟ පර්ත් නගරය එක්වනු ඇති බවයි ඩොමේන් ආයතනය පවසන්නේ.

අඩු පොලී අනුපාත, ඉහළ ආදායම් සහ අනෙකුත් නගරවලට සාපේක්ෂව ජනගහන වර්ධනය වැඩිවීම, අවම ණය වාරික සහ දැරිය හැකි මිල ගණන් යනාදී කරුණු පර්ත් නගරයේ දියුණුවට හේතු වී ඇති බව ඩොමේන් ආයතනයේ පර්යේෂණ සහ ආර්ථික ප්‍රධානි නිකොලා පවෙල් පවසනවා.

ඕස්ට්‍රේලියාව පුරා නිවාස මිල ගණන් ඉහළ යනු ඇතැයි ඩොමේන් ආයතනය අපේක්ෂා කරනවා. නමුත් එය කෝවිඩ් වසංගත සමයට සාපේක්ෂව සෙමින් සිදුවන ක්‍රමික වර්ධනයක් වනු ඇති.

ඉදිරි වසරේ දී ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන්වල අපේක්ෂිත සාමාන්‍ය අගය

  • සිඩ්නි - ඩොලර් මිලියන 1.83 (7%ක වැඩිවීමක්)
  • මෙල්බර්න් - ඩොලර් මිලියන 1.1 (6%ක වැඩිවීමක්)
  • කැන්බෙරා - ඩොලර් මිලියන 1.1 (4%ක වැඩිවීමක්)
  • බ්‍රිස්බේන් - 5%ක වැඩිවීමක්
  • ඇඩිලේඩ් - 4%ක වැඩිවීමක්

Source: SBS News

නිවාස මිල ගණන් පිළිබඳ වැඩිදුර විස්තර සඳහා මෙම පිටුවේ ඉහළ ඇති පොඩ්කාස්ට් ගොනුවට සවන් දෙන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now