ඔස්ට්‍රේලියාවේදී අනවශ්‍ය විදියට හෝන් ගැහුවොත් දඩ ගෙවන්න වෙන්නේ මෙහෙමයි

2024-09-06_13-55-13.png

Source: Getty / BeyondImages/iStockphoto

ඔස්ට්‍රේලියාවේදී මෝටර් රථ නළාවක් භාවිත කළ හැකි සහ භාවිත කළ නොහැකි අවස්ථා පිළිබඳ පැහැදිලි නීති පනවා තිබෙනවා . අනවශ්‍ය ලෙස මෝටර් රථයේ නලාව ශබ්ද කිරීමට ඔබ කටයුතු කළහොත් ඒ සඳහා ඔබට දඩ ගෙවීමටද සිදුවීමේ හැකියාවක් පවතිනවා.


අනවශ්‍ය ලෙස තම මෝටර් රථයේ නළාව නාද කිරීම රථවාහන වරදක් ලෙස සලකනු ලබන අතර, ඒ සඳහා රියදුරන්ට තමන් ජීවත් වන ප්‍රාන්තය අනුව ඩොලර් 50 සිට ඩොලර් 400 දක්වා දඩයක් නියම කිරීමේ හැකියාවක් පවතිනවා. වාහනයක නළාව නිසි ලෙස, නීත්‍යානුකූලව භාවිත කිරීම පිළිබඳව සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරි ඔවුන්ගේ මාර්ග නීති පද්දතිවල අර්ථ දැක්වීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී රියදුරන්ට ඔවුන්ගේ වාහන නලා ආචාරශීලීව භාවිතා කරන ලෙසට උපදෙස් දී තිබෙනවා.

ඔබට වාහන නලා ශබ්ද කල හැකි අවස්ථා මොනවාද?

  • ඔබගේ වාහනය මාර්ගයේ ඇති ස්ථානය පිළිබඳව මාර්ගය භාවිතා කරන්න අනෙක් අයට අනතුරු ඇඟවීමට වාහනයේ නලාව ශබ්දකිරීමට අවසර ඇත.
  • ඔබ ළඟා වන බව අන් අයට අනතුරු ඇඟවීමට වාහනයේ නලාව ශබ්දකිරීමට අවසර ඇත.
  • සතුන්ට පාරෙන් ඉවත්වීමට සංඥා කිරීමට වාහනයේ නලාව ශබ්දකිරීමට අවසර ඇත.
  • එම නලා හඬ වාහන ආරක්ෂණ පද්ධතියේ කොටසක් නම් හෝ ඇල්කොහොල් ඉන්ටර්ලොක් උපාංගයේ කොටසක් ලෙස නාද වන්නේනම් ඒ සඳහා අවසර ඇත.

වාහනයේ නලාව ශබ්දකිරීමට අවසර නැත්තේ කුමන අවස්තාවලදීද?

  • නලාව නාද කිරීම අනෙකුත් මාර්ග භාවිතා කරන්නන්, විශේෂයෙන්ම බයිසිකල් පදවන්නන්, පදිකයින් සහ අශ්වාරෝහකයන් බිය ගැන්වීමට භාවිතා කරයි නම් ඒ සඳහා අවසර නොලැබේ.
  • එය අනෙකුත් රියදුරන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට සහ පීඩාවට පත් කළ හැකි බැවින් කලකිරීමෙන් හෝ ආවේගශීලීව නැවත නැවතත් නලාව නාද කිරීම සිදු කරනු ලබන්නේ නම් ඒ සඳහා අවසර නොලැබේ.
  • පාරේ සිටින මිනිසුන්ට ආචාර කිරීමට, ස්තුති කිරීමට හෝ අවධානය ලබාගැනීමට නලාව නාද කිරීම සිදු කරනු ලබන්නේ නම් ඒ සඳහා අවසර නොලැබේ.
2024-09-06_13-56-01.png
Image: SBS

එක් එක් ප්‍රාන්තවල අනවශ්‍ය ලෙස වාහනයේ නලාව නාද කිරීම සම්බන්දයෙන් පවතින දඩය කොපමණද?

New south wales

NSW ප්‍රාන්තයේ මෙම නීතිය කඩකරන රියදුරන්ට ඩොලර් 410 ක දඩයක් නියම කළ හැකියි. මෙය ඕස්ට්‍රේලියාව පුරා මෙම වරද සඳහා වන ඉහළම දඬුවම වේ. 2023 වසරේදී NSW ප්‍රාන්තය තුල මෙම වරද සඳහා 93 වතාවක් දඩ නිකුත් කිරීම් සිදුකර තිබෙනවා.

Victoria

Victoria's Indexation of Fees and Penalties ආයතනයට අනුව රියදුරන්ට $197.59 ක දඩයක් සහ එක දඬුවම් ලකුණක් හිමිවීම සිදුවනවා.

Australian Capital Teritory

ACT හි මේ සඳහා $272 දඩයක් නියම කිරීමක් සිදුවනවා. පසුගිය මූල්‍ය වර්ෂය තුළ මෙම වරද සම්බන්ධයෙන් දඩ නිකුත් කිරීම් දෙකක් සහ අවවාද කිරීම් දෙකක් වාර්තා වනවා.

South Australia

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මේ සඳහා $323ක දඩයක් නියම වනවා. පසුගිය මූල්‍ය වර්ෂය තුළ මෙම වරද සම්බන්ධයෙන් ප්‍රාන්තයේ 56 වතාවක් දඩ නිකුත් කිරීම් සිදුකර තිබෙනවා.

Queensland

කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ මෙම වරද සඳහා දඩය $96ක් වන අතර පසුගිය මූල්‍ය වර්ෂය තුල 32 වතාවක් දඩ නිකුත් කිරීම් සිදුවී තිබෙනවා.

Tasmania

ටස්මනියා ප්‍රාන්තයේ මෙම වරද සඳහා වන දඩය $146.25 වන අතර පසුගිය මූල්‍ය වර්ෂය සඳහා මෙම වරද වෙනුවෙන් කිසිදු දඩ නිකුත් කිරීමක් සිදුවී නොමැත.

Western Australia

බටහිර ඕස්ට්‍රේලියාවේ මෙම වරද සඳහා දඩය $50ක් ලෙස වාර්තා වනවා. මෙය ඕස්ට්‍රේලියාවේ මෙම වරද සඳහා ප්‍රන්තයකින් වාර්තා වන අඩුම දඩ මුදල වේ. පසුගිය මූල්‍ය වර්ෂය සඳහා මෙම වරද වෙනුවෙන් කිසිදු දඩ නිකුත් කිරීමක් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුල සිදුවී නොමැත.

Nothern Teritory

නොදරන් ටෙරිටරියේ අනවසර නලා ශබ්ද කිරීම සඳහා වන දඩය $200ක් වේ.

ඔබේ වාහනයේ නලාවක් සම්බන්ද කර තිබීම අත්‍යවශ්‍ය කාරණයක් වනවා. එය පදිකයින් සහ මාර්ගයේ ගමන් කරන අනෙකුත් වාහන වලට අනතුරු ඇඟවීම සඳහා භාවිතා කලයුතු වනවා. කෙසේ උවත් අනවශ්‍ය ලෙස ශබ්දය නිකුත් කරන සයිරන් නලා, විසිල් නලා සහ නැවත නැවත එක දිගට ශබ්ද නගන නලා භාවිතාව නීතියෙන් තහනම් වනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now