උත්සව සමයේ ඕස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තවල පෙට්‍රල් මිල ගණන් ඉහල පහල යන්නේ මෙහෙමයි

2024-12-26_16-39-50.jpg

Petrol prices are set to rise in Brisbane and Melbourne as they reach the peak of their fuel cycles ahead of Christmas, according to NRMA. Source: AAP / Julian Smith

උත්සව සමයේ ඉන්ධන මිල ගණන් ඉහල යාම පිළිබඳව බොහෝ දෙනා වැඩි උනන්දුවක් දක්වනවා. නිවාඩු සමයේ බොහෝ දෙනා ඔස්ට්‍රේලියාව තුල සංචාරය කිරීම මෙයට හේතුවී තිබෙනවා.


පෙට්‍රල් මිලගණන් ඉහල පහළයාමේ චක්‍රයට අනුව නත්තල් දිනය වන විට මෙල්බර්න් සහ බ්‍රිස්බේන් නගර වල පෙට්‍රල් මිල ගණන් උපරිම අගය වෙත ලන්ගාවනි ඇති බවට අපේක්ෂා කරන බව මාර්ග සහ මෝටර් රථ හිමියන්ගේ ජාතික සංගමය පවසා සිටිනවා. කෙසේ උවත් සිඩ්නි වාසීන්ටනම් උත්සව සමයේ පෙට්‍රල් මිලගණන් අඩුවීමක් දැකගත හැකි වනු ඇති බව ඔවුන් පවසා සිටිනවා.

පෙට්‍රල් තොග මිල සත 166ක් ලෙස සටහන් වනවා. මේ නිසා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් ඔබ්බට ගියවිට හමුවන ඉන්ධන පිරවුම් හල වලින් අඩුමිලට පෙට්‍රල් ලබාගැනීමේ යම් හැකියාවක් පවතිනවා
මාර්ග සහ මෝටර් රථ හිමියන්ගේ ජාතික සංගමය

මෙල්බර්න් නුවර පෙට්‍රල් මිලගණන් ක්‍රමයෙන් ඉහල යමින් ඇති අතර පෙට්‍රල් මිලෙහි සාමාන්‍යය දෙසැම්බර් මාසයේදී සත 192ක් වනවා. බ්‍රිස්බේන් නුවර පෙට්‍රල් මිලෙහි සාමාන්‍යය සත 203ක් දක්වා ඉහල ගොස් තිබෙන බව මාර්ග සහ මෝටර් රථ හිමියන්ගේ ජාතික සංගමය පෙන්වා දෙනවා.

ඇඩිලේඩ් නුවර පෙට්‍රල් මිලෙහි සාමාන්‍යය ඉහල යමින් තිබෙන අතර එය සත 168ක් ලෙස සටහන් වී තිබෙනවා. පර්ත් නුවර සාමාන්‍යයෙන් දින හතක පෙට්‍රල් මිල චක්‍රයක් ක්‍රියාත්මක වන අතර පෙට්‍රල් මිලෙහි සාමාන්‍යය සත 196ක් වී තිබෙනවා.

කැන්බරා නුවර පෙට්‍රල් මිලගණන් සාමාන්‍යය සත 196ක අගයක ස්ථාවර වෙමින් පවතිනවා. හෝබාර්ට් වල පෙට්‍රල් මිලගණන් සාමාන්‍යය සත184ක් සහ ඩාර්වින් වල මිල සාමාන්‍යය සත 175ක් ලෙස සටහන් වනවා. කෙසේ උවත් හෝබාර්ට් සහ ඩාවින් වල පෙට්‍රල් ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව වාර්තා වනවා.

ඔස්ට්‍රේලියාව තුල පෙට්‍රල් මිල ගණන් එක වරම ඉහල ගොස් ඉන් පසුව ක්‍රමක් ක්‍රමයෙන් අඩුවීම සිදු වන බව ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පෙන්වා දෙනවා. කැන්බරා හෝබාර්ට් සහ ඩාවින් යන නගර හැර ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර වල මෙම පෙට්‍රල් මිල චක්‍රය දක්නට තිබෙනවා.

පෙට්‍රල් තොග මිල සත 166ක් ලෙස සටහන් වනවා. මේ නිසා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් ඔබ්බට ගියවිට හමුවන ඉන්ධන පිරවුම් හල වලින් අඩුමිලට පෙට්‍රල් ලබාගැනීමේ හැකියාවක් තිබෙන බව මාර්ග සහ මෝටර් රථ හිමියන්ගේ ජාතික සංගමය පවසා සිටිනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now