ඔබට ඔස්ට්‍රේලියාවේ කුලී දේපළක් හිමිද? එසේනම්, Tax return එකේදී මේ වැරදි නොකර සිටීමට වග බලාගන්න

sbs Malayalam

Source: AAP

ඔබ ඔබේ කුලී දේපල සඳහා ණයක් ලබා ගන්නේ නම්, එම ණය මුදල සඳහා වන පොලිය ඔබේ වාර්ෂික tax return එකෙන් Claim කළ හැකිය


ඔබට ඔස්ට්‍රේලියාවේ කුලී දේපළක් හිමිද? එසේනම්, ඔබේ වාර්ෂික tax return එක යොමු කිරීමේදී මෙම පොදු වැරදි වළක්වා ගැනීමෙන් ඔබේ කාලය සහ මුදල් ඉතිරි කර ගත හැකි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

 

01. මූලික අලුත්වැඩියාවන් සහ ප්‍රාග්ධන වැඩිදියුණු කිරීම් වල වියදම් නිවැරදිව ලබා ගන්න

ඔබ කුලී දේපල මිල දී ගත් විට පවතින හානිය සම්බන්ධ මූලික අලුත්වැඩියාවන් සඳහා ඔබට ක්ෂණික බදු අඩු කිරීමක් ඉල්ලා සිටිය නොහැක.

උදාහරණයක් ලෙස, කැඩුණු ජනෙල් කවුළුවක් ප්‍රතිස්ථාපනය කිරීම සහ හානියට පත් floorboards අලුත්වැඩියා කිරීම දැක්විය හැකිය.

ප්‍රාග්ධන වැඩිදියුණු කිරීම් සඳහා යන වියදම් අඩු කිරමේදී එය ඔබට වසර කිහිපයක් පුරාවට බදු අඩු කිරීමක් කරන ලෙසට ඉල්ලා සිටිය හැකිය.

ඔබ මෙම දේපල විකුණන විට ඔබේ ප්‍රාග්ධන ලාභය හෝ ප්‍රාග්ධන අලාභය සකස් කිරීමට මෙම වියදම් ද භාවිතා වේ.

එමෙන්ම ඔබ කුලී දේපලවලට කරන වැඩිදියුණු කිරීම් සඳහා ඔබට ක්ෂණික බදු අඩු කිරීමක් ඉල්ලා සිටිය නොහැක. නිදසුනක් වශයෙන්, ඔබ එහි කොටසක් පමණක් හානි වූ විට හෝ නාන කාමරයක් අලුත්වැඩියා කිරීමේදී වහලක් වැනි සම්පූර්ණ කොටසක් ප්‍රතිස්ථාපනය කිරීම දැක්විය හැකිය.

මේ අතර ඔබට නිවසින් බාහිරව ඇති සහ ඩොලර් 300ට වඩා වැඩි හානියට පත් අයිතම සඳහා ක්ෂණික බදු අඩු කිරීමක් ඉල්ලා සිටිය නොහැක. නිදසුනක් වශයෙන්, සම්පූර්ණ උණු වතුර පද්ධතියක් ප්‍රතිස්ථාපනය කිරීම, එහිදී වසර කිහිපයක් පුරා එම වියදම අඩුකරන ලෙස ඔබේ වාර්ෂික tax return එකේදී ඉල්ලා සිටිය යුතුය.

02. ඔබේ කුලී දේපළ සඳහා ඇති ණය සඳහා පොලී මුදල් Claim කිරීම

ඔබ ඔබේ කුලී දේපල සඳහා ණයක් ලබා ගන්නේ නම්, එම ණය මුදල සඳහා වන පොලිය ඔබේ වාර්ෂික tax return එකෙන් Claim කළ හැකිය.

03. ණය ගැනීමේ වියදම් Claim කිරීම

ඔබේ ණය ගැනීමේ වියදම් ඩොලර් 100ට වඩා වැඩි නම්, එම වියදම් වසර 5ක් පුරාවට විහිදී යන අන්දමින් Claim කළ හැකිය.

ඒවා ඩොලර් 100ක් හෝ ඊට අඩු නම්, ඔබ වියදම් කළ සම්පූර්ණ මුදල තනි tax return එකකදී ඔබට ඉල්ලා සිටිය හැකිය.

04. කුලී දෙපළ මිලදී ගැනීමේ පිරිවැය Claim කිරීම

ඔබට ඔබේ කුලී දේපල මිලදී ගැනීමේ වියදම් Claim කළ නොහැක.

මේවාට ප්‍රවාහන ගාස්තු සහ මුද්දර ගාස්තු (ACT වලින් පිටත දේපල සඳහා) ඇතුළත් වේ.

ඔබ ඔබේ කුලී දේපල විකුණන්නේ නම්, ඔබට ප්‍රාග්ධන ලාභ බද්ද ගෙවීමට අවශ්‍ය නම් මෙම වියදම් භාවිතා වේ.

05. ඉදිකිරීම් පිරිවැය නිවැරදිව ලබා ගන්න

ප්‍රාග්ධන ක්‍රියා සඳහා වියදම් අඩුකිරීම් ලෙස දේපළ විශාල කිරීම්, වෙනස් කිරීම් සහ ව්‍යුහාත්මක වැඩිදියුණු කිරීම් ඇතුළුව ඔබට ඇතැම් ගොඩනැඟිලි වියදම් ඉල්ලා සිටිය හැකිය.

සාමාන්‍යයෙන්, ඉදිකිරීම් අවසන් කළ දින සිට වසර 40ක් සඳහා ඉදිකිරීම් පිරිවැයෙන් 2.5%ක ප්‍රාග්ධන වියදම් අඩු කිරීමක් ඔබට ඉල්ලා සිටිය හැකිය.

06. Body corporate ගාස්තු සහ ගෙවීම්වලට හිමිකම් කීම

ඔබ ඔබේ Body corporate පරිපාලන අරමුදලට කරන ගෙවීම් ඔබේ tax return එකකදී ඔබට ඉල්ලා සිටිය හැකිය.

07. සමානව අයිතියක් ඇති දේපල සඳහා වියදම් සහ ආදායම බෙදීම

ඔබට වෙනත් අයෙකු සමඟ කුලී දේපලක් හිමි නම්, එම දේපලෙහි නීත්‍යානුකූල හිමිකමට අනුව කුලී ආදායම සහ වියදම් හිමිකම් ප්‍රකාශ කළ යුතුය.

පොදුවේ කුලී නිවාස හිමියන් ලෙස ඔබට විවිධ හිමිකාර අවශ්‍යතා තිබිය හැකි වුණත් හවුල්කාරයින් ලෙස, ඔබේ නෛතික හිමිකම මත දේපල සඳහා වන වියදම් සහ ආදායම සමාන බෙදීමක් වනු ඇත.

08. ඔබේ කුලී දේපල පුද්ගලික භාවිතය සඳහා ගැනීමේදී වියදම් අඩු කිරීම

තක්සේරු කළ හැකි ආදායමක් උපයා ගැනීමට ඔබට සෘජුවම සම්බන්ධ විය හැකි කාල සීමාවන් සඳහා ඔබ හිමිකම් කියන වියදම් අඩු කිරීම් සීමා කළ යුතුය.

ඔබ කුලී උපයා ගැනීමට ඔබේ දේපලෙන් කොටසක් පමණක් භාවිතා කරන්නේ නම් හෝ ඔබ එය වසරේ එක් කාලයක් පමණක් කුලියට දෙන්නේ නම්, කුලියට දුන් කලාපය සහ කුලියට දුන් දින පිළිබිඹු කරමින් ඔබ ඔබේ වියදම් බෙදිය යුතුය.

09. නිවැරදි වාර්තා තබා ගන්න

ඔබේ වාර්ෂික tax return එකේදී කුලී දේපළ සඳහා වන වියදම් අඩු කරන ලෙස ඉල්ලා සිටීම සඳහා ඔබේ කුලී දේපල ආදායම සහ වියදම් පිළිබඳ සාක්ෂි ඔබ සතුව තිබිය යුතුය.

ඔබ ඔබේ කුලී දේපල විකුණන විට ප්‍රාග්ධන ලාභ බද්ද අදාළ විය හැක, එබැවින් ඔබට දේපළ හිමි කාල සීමාව සහ ඔබ එය විකුණන දින සිට ආපස්සට වසර 5ක් සඳහා සියලුම වාර්තා තබා ගන්න.

10. කුලී දේපළ විකිණීමේදී ඔබේ ප්‍රාග්ධන ලාභය නිවැරදිව ලබා ගන්න

ඔබ ඔබේ කුලී දේපල විකුණන විට, ඔබට ප්‍රාග්ධන ලාභයක් හෝ ප්‍රාග්ධන අලාභයක් ලැබිය හැකිය.

සාමාන්‍යයෙන්, දේපල මිලදී ගැනීමට සහ වැඩිදියුණු කිරීමට ඔබට වැය වන මුදල අතර වෙනස මෙයයි,

නැතිනම් ඔබ එය විකුණන විට ඔබට ලැබෙන දේ අතර වෙනස මෙයයි.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service