Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ IT ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා සහ ඒවායේ සාමාන්‍ය වැටුප් පැකේජ මෙන්න

Top four IT jobs Aussie employers are trying to fill and their typical Australian salaries

Top four IT jobs Aussie employers are trying to fill and their typical Australian salaries Credit: Maskot/Getty Images

සයිබර් ආරක්ෂණ ඉංජිනේරුවන් සඳහා ප්‍රධාන නගරවලින් බැහැරව සාමන්‍ය වශයෙන් වාර්ෂිකව $140,000 හෝ කැන්බරා ආශ්‍රිතව වාර්ෂිකව $150,000 ක වැටුපක් ගෙවන නිසාම සිඩ්නි නගරයෙන් අදාළ සේවකයින් බොහොමයක් ඉවත් වෙමින් සිටින බව හෙළිවී ඇත.


ඔස්ට්‍රේලියාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු අතරින් ඔස්ට්‍රේලියානු සේවා යෝජකයින්ට පුහුණු ශ්‍රමිකයින් සොයාගැනීමට අපහසුම වී ඇති රැකියා ක්ෂේත්‍රය ලෙස සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රය වාර්තා වේ.

ලෝක ප්‍රකට රැකියා සඳහා බඳවා ගැනීමේ ඒජන්සියක් වන Hays හි නවතම Salary Guide හෙවත් වැටුප් මාර්ගෝපදේශයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ වඩාත් අත්‍යවශ්‍යම සේවකයින් හිමි ඛාණ්ඩය ලෙසද සයිබර ආරක්ෂණ අංශය වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා සහ ඒවායේ සාමාන්‍ය වැටුප් පැකේජ

Hays ආයතනයේ සමීක්ෂණයට අනුව පහත සඳහන් රැකියා හතර මේ මොහොතේ ඔස්ට්‍රේලියාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා හතර වන අතර ඒවායේ සාමාන්‍ය වාර්ෂික වැටුප් පැකේජ ද ඔවුන් සටහන් කර තිබේ.

  • Cyber Security Engineer ($134,000)
  • Full Stack Developer ($130,000)
  • Data Analyst ($103,000)
  • Business Analyst ($121,000)

ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ගෙවන නගර

තාක්ෂණික අංශයේ රැකියා සඳහා ඉහළම වැටුප් ලබාගත හැකි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙක ලෙස කැන්බරා සහ පර්ත් නගර Hays Salary Guide විසින් දක්වා තිබේ.

සයිබර් ආරක්ෂණ ඉංජිනේරුවන් සඳහා ප්‍රධාන නගරවලින් බැහැරව සාමන්‍ය වශයෙන් වාර්ෂිකව $140,000 හෝ කැන්බරා ආශ්‍රිතව වාර්ෂිකව $150,000 ක වැටුපක් ගෙවන නිසාම සිඩ්නි නගරයෙන් අදාළ සේවකයින් බොහොමයක් ඉවත් වෙමින් සිටින බව හෙළිවී ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

Full Stack Developers ලා ට ද ඔස්ට්‍රේලියාවේ ඉහළම වාර්ෂික වැටුප් ගෙවනු ලබන්නේ කැන්බරා සහ පර්ත් නගරවල වන අතර එම වාර්ෂික වැටුප් පිළිවෙලින් $150,000 සහ $140,000 ලෙස සඳහන්.

නමුත් Data Analyst රැකියා සඳහා ඔස්ට්‍රේලියාවේ ඉහළම වාර්ෂික වැටුප් ගෙවනු ලබන්නේ පර්ත් නගරයේ වන අතර එය $120,000 කි. කැන්බරා නුවර ඔවුන්ට වාර්ෂිකව $115,000 ක් පමණ ගෙවනු ලබයි.

Hays Salary Guide ට අනුව, Full stack developers ලාට සාමාන්‍යයෙන්, සිඩ්නි නගරයේ වාර්ෂික වැටුප ලෙස $130,000 ක්ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගරවල $135,000 ට වඩා ගෙවනු ලැබේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now