ඩිමෙන්ෂියා රෝගය ඇතිවීමට බලපාන අලුත් සාධක දෙකක් හඳුනා ගනී.

Portrait of senior husband embracing his wife at home.

Making certain lifestyle changes can not only lower dementia risk but may also push back the onset of the disease, according to new research. Source: Moment RF / Halfpoint Images/Getty Images

ඩිමෙන්ෂියා රෝගය ඇතිවීමට බලපාන නව සාධක දෙකක් සොයා ගෙන තිබෙනවා. මෙම සාධක සහ අනෙකුත් හේතුන් කිහිපය මගහරවා ගැනීමට කටයුතු කිරීම හරහා 50%කින් පමණ ඩිමෙන්ෂියා රෝගය වැළදීමට ඇති හැකියාව අවම කරගත හැකි බව වාර්තා වනවා.


ඩිමෙන්ෂියා යනු මොළයට බලපාන ආබාධ නිසා ඇතිවන රෝග ලක්ෂණ සමූහයක් නිසා ඇතිවන තත්වයක් වනවා. Lancet වෛද්‍ය සඟරාව විසින් නිකුත් කල පර්යේෂණ වාර්තාවට අනුව 2050 වසර වනවිට ලොව ඩිමෙන්ෂියා රෝගීන් සංක්‍යාව දෙගුණ වනුඅති බවට වාර්තා වනවා. මේ අනුව 2050 වසර වනවිට ලොව පුරා රෝගීන් මිලියන 153ක් පමණ හමුවනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

ඩිමෙන්ශියා තත්වය "වැළැක්විය නොහැකි" බව බොහෝ අය විශ්වාස කළත් එය එසේ නොවන බව මෙම පර්යේෂණයේ ප්‍රධානී Gill Livingston පවසා සිටී

මෙහිදී අහිතකර කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන සහ ඇස පෙනීමේ දුර්වලතා සඳහා නිසියාකාරව ප්‍රතිකාර නොකිරීම පසුකාලීනව ඩිමෙන්ෂියා රෝගය ඇතිවීමේ අවදානම් සාධකලෙස අලුතින් හඳුනාගෙන තිබෙනවා. මෙම අවදානම් සාධක දෙකම අවම කරගත හැකි හෝ සම්පූර්ණයෙන්ම මගහරවා ගතහැකි අවදානම් සාධක ලෙස හඳුන්වනවා.

ඩිමෙන්ෂියා යනු එක් විශේෂිත රෝගයක් නොවේ. එය මතකය, කථනය, චින්තනය, පෞරුෂය, හැසිරීම සහ සංචලනය කෙරෙහි බලපෑම් කළ හැකි මොළයට බලපාන ආබාධ නිසා ඇතිවන රෝග ලක්ෂණ සමූහයක් සඳහා හැඳින්වෙන තත්වයකි. මෙය සෞඛ්‍ය තත්වය ක්‍රමක්ක්‍රමයෙන් පිරිහීමට ලක්කරන රෝගී තත්වයකි. ඩිමෙන්ශියාවේ බොහෝ ආකාර තිබෙන අතර, වඩාත් සුලභ රෝගී තත්වය වන්නේ ඇල්සයිමර් රෝගයයි.

ඔස්ට්‍රේලියාව තුල ඩිමෙන්ශියා රෝගීන් 421000ක් පමණ ඇති බව ඩිමෙන්ශියා ඔස්ට්‍රේලියා ආයතනය පෙන්වා දේ.

ඩිමෙන්ශියා රෝගය වලක්වාගත හැක්කේ කෙසේද?

ඩිමෙන්ෂියා තත්වය "වැළැක්විය නොහැකි" බව බොහෝ අය විශ්වාස කළත් එය එසේ නොවන බව මෙම පර්යේෂණයේ ප්‍රධානී Gill Livingston පවසා සිටී.

තම පර්යේෂණ වාර්තාවේ නිගමනයන්ට අනුව ඩිමෙන්ෂියා තත්වය වැළඳීම වලක්වා ගැනීම හෝ එමතත්වය ඇතිවීම ප්‍රමාද කිරීමේ හැකියාවක් පවතින බව Gill Livingston පවසා සිටිනවා.

අහිතකර කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන පිළිබඳව සැලකිලිමත් වීම සහ ඇස පෙනීමේ දුර්වලතා සඳහා නිසියාකාරව ප්‍රතිකාර කිරීම වැනි වැනි ජීවන රටාවේ වෙනස්කම් කිරීම හරහා මෙම තත්වය මගහරවා ගැනීම හෝ ඩිමෙන්ශියා ඇතිවීම ප්‍රමාද කිරීම සිදුකල හැකි බව Gill Livingston පවසා සිටිනවා.

කෙසේ උවත් මෙම පර්යේෂණය හරහා සඳහන් වෙන සාධක කෙලින්ම ඩිමෙන්ෂියා තත්වයට සම්බන්ධ වන බව සනාථ කිරීමට මෙම පර්යේෂණය අපොහොසත් වී ඇති බව ඩින්බරෝ විශ්ව විද්‍යාලයේ Centre for Discovery Brain Sciences හි අධ්‍යක්ෂ, මහාචාර්ය ටාරා ස්පයස්-ජෝන්ස් පෙන්වා දේ.

මේ අතර බොහෝ අවස්තාවල ඩිමෙන්ෂියා තත්වය ඇතිවීමට බලපාන සාධක පාලනය කිරීමට රෝගියාට ඇති හැකියාව අවම වශයෙන් පවතින බව ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චාල්ස් මාෂල් පෙන්වා දේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now