උස්මාන් කවාජා කියන්නේ ඕස්ට්‍රේලියාවේ උපත ලබපු අයෙක් නෙවයි. ඔහු පකිස්ථානු දෙමාපියන්ටදාව පකිස්තානයේ උපත ලබා කුඩා කාලයේදී තම දෙමාපියන් සමග සිඩ්නි නුවරට සංක්‍රමණය වෙලා තියෙනවා. සංක්‍රමණික පවුල්වල බොහෝ දරුවන් මෙන්, ඔහුත් මේ බහුසංස්කෘතික ඕස්ට්‍රේලියානු සමාජය තුල හැදී වැඩුනා. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වීම වගේ විශාල සිහින පසුපස හඹා යාමට ඔහුටද අවශ්‍යතාවයක් තිබුනා. 2011 වසරේදී ඔහු සිඩ්නි ක්‍රිකට් පිටියේදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමත් සමඟ ඔහුගේ එම සිහින සැබෑ වුනා

ඕස්ට්‍රේලියාව තම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීනතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන උස්මාන් කවාජාට සමු දීමට සැරසෙනවා.උස්මාන් කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බවට පසුගියදා ප්‍රකාශ කළා. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පස්වන අළු බඳුන ටෙස්ට් තරඟය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරන ඔහුගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟය බවට පත්වනවා. ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරී පත්වුණු පළමු මුස්ලිම් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා වන උස්මාන් කවාජා ගැන මේ ගෙන එන කෙටි විශේශාන්ගයට සවන් දෙන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






